Feb
2

ඈලි මෑලිවී සිටි පාක්ෂිකයන්ට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව

 
1446 Views
   
 

සෘජුව කතා කරන වැඩ කරන රාජ්ය නායකත්වයක් 2019 වන විට මෙරට ජනතාවට අවශ්යවී තිබුණි. ඒ වෙනුවෙන් උදේ රෑ වෙහෙස මහන්සි වී ජනතාව එක් රොක්වී 69 ලක්ෂයක් පමණ ඡන්ද එකතු කරමින් තමන්ගේ පරමාධිපත්යය බලය ගෝඨාභය රාජපක්ෂ නායකත්වය වෙත පවරන ලදී. එම නායක නායකත්වය සුදුසු නැහැ යනුවෙන් සමාජගත කිරීමට ජනමතය හැසිරවීමට විපක්ෂය ප්රමුඛ කණ්ඩායම් කිහිපයක් එක්ව කටයුතු කරන ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණ.

එකක් නැතිකොට එකක් ලෙස ගැටලුකාරී තත්වයන්, නිමා නොවන පසුබිමක රාජ්ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ මූලික අවශ්යතාව, ප්රමුඛ අවශ්යතාව ලෙස හඳුනාගත් නායකයෙක් බව මේ වනවිට ඔප්පු කර අවසන්ය. මිනිසුන්ට හාල් නැත්තං පොල් නැත්තං එළවළු නැත්තං කැලේ කොලේ ගෙඩියක් අනුභව කිරීමට තත්වයක් මෙරට තවමත් ඉතිරි වී ඇති අතර එසේ ගඩා ගෙඩියක් හෝ භුක්ති විඳීමට ජනතා ජනතාවක් ජීවත් විය යුතුය.

ලෝක වසංගතයක් පවතින මෙවන් මොහොතක එම ප්රමුඛ අවශ්යතාව හඳුනාගෙන තහවුරු කරමින් මේ වන විට රටේ සමස්ත ජනගහනයෙන් සියයට 85% ක් පමණ එන්නත්කරණය කිරිමට රජය ප්රමුඛ ඊට අදාළ සෞඛ්ය අංශ විසින් කටයුතු කර ඇත.

එහි ප්රතිඵලයක් ලෙස දැනට මාස තුනකට පමණ පෙර 5000 සීමාව යටතේ වාර්තා වූ දෛනික corona කොරෝනා රෝගීන් සංඛ්යාව මේ වන වන විට ඉතාමත් පහත් අගයක ගෙන ඇත. දිනකට 200 ක් තරම් වූ මරණ සංඛ්යාව 20කට අඩු ප්රමාණයකට දෛනිකව වාර්තා වන අන්දමේ පසුබිමක් සකස් කිරීමට හේතු වූයේ ප්රශස්ත එන්නත්කරණ වැඩපිළිවෙළයි. එම ගැම්මෙන්ම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනතා අයිතියට පැවරීමේ කටයුතු ද පසුගියදා එනම් 15/01/2022 දින ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා ගේ ප්රධානත්වයෙන් සිදුවූහ.

හැට නම ලක්ෂයක් වූ ඈලිමෑලි වී සිටී ඡන්ද දායකයින්ගේ ශක්තිය ධෛර්යය බලගැන්වීමේ කතාවක් එම උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් සිදු කිරීම කාන්තාරයට දිය බිඳුවක් වැටුණා හා සමාන බව කිව යුතුය. විසඳුමක් නැති එකිනෙකට වෙනස් ගැටලු රැසකට පසුගිය අවුරුදු දෙක කාලයම වත්මන් පාලක පක්ෂ ආණ්ඩුව අත්විඳීමට සිදුවිය. එම ප්රශ්න තුළ ගැටෙමින් රජය නිරන්තරයෙන්ම වසංගතයක් හා පොර බදන අවස්ථාවේ දී, විචාර බුද්ධියකින් තොරව විපක්ෂයේ සමහර කණ්ඩායම් බොරදියේ මාළු බෑ මේ කාර්යයේ යෙදී සිටියේය.

ජනාධිපතිවරයා බොහොම වගකීමෙන් රටේ ජනතාව ආමන්ත්රණය කරමින් සියලු දෙනාටම තමන් පිළිබඳව තැබූ විශ්වාසය තවදුරටත් ආරක්ෂා කර ගන්නා ලෙසටත් ඉතිරි වී ඇති අවුරුදු තුනක කාලය බලාපොරොත්තු සහගත වර්ෂ තුනක් වන බවට සපථ කළේය. ඈලි මෑලි වී නිදිමත තත්වයෙන් සිටි පාක්ෂිකයන්ට, ජනාධිපතිවරයාගේ වේගවත් හරවත් සහ බලාපොරොත්තු සහගත කතාව, තවත් පියවරක් ඉදිරියට තැබීමට හා ජවයෙන් යුතුව වැඩ කිරීමට හෙවත් අභිප්රේරණයවීමට අවස්ථාවක් විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්