Sep
3

අධිවේගයට බා ධා කළ කෲඩියා සෙලනිකා ගස රතු දත්ත පොතෙන් ගැලවෙයි

 
654 Views
   
 

කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී, මතභේදයට තුඩු දුන් පනු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාඛය මෙරටින් තුරන්ව ගිය ශාඛයක් නො වන බවට අද නිකුත් කළ නවතම රතු දත්ත ලේඛනයෙන් තහවුරු කර තිබෙනවා. මෙරට මිරිදිය මත්ස්‍ය සහ ශාඛ පිළිබඳව සකස් කළ නව රතු දත්ත ලැයිස්තු පරිසර අමාත්‍යාංශයේ දී එළි දැක්වූ අතර, 2012 වසරේ අ වසන් වරට නිකුත් කළ වාර්තාවට ඇතුළත් නො කළ ශාඛ විශේෂ 64 ක් නව වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් 2012 වසර මගින් මෙරටින් වඳවී ගිය බවට සැළකූ ශාඛ වර්ග පහකින් තුනක්ම තවදුරටත් සංරක්ෂිත බව තහවුරු කර තිබෙනවා. ඊට පනු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාඛය ඇතුළත්. ගම්පහ – දාරලුවේ පිහිටි කථාබහට ලක්වූ කෲඩියා සෙලනිකා ශාඛය ඉවත් කිරීමට සැළසුම් කළ අතර, පසුව තීරණය කෙරුණේ එම ස්ථානයේ තිබියදීම අධිවේගී මාර්ගය ඉදිකිරීමටයි. එසේ කරන්නේ නම් රුපියල් ලක්ෂ 80,000ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්