Aug
16

සංචරණ සීමා පණින අලුත්ම ක්‍රමය

 
1573 Views
   
 

රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ අරමුණෙන් දැඩි කර ඇති සංචරණ නීතිරීති ඉතා තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව රටේ පළාත් සීමා මායිම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මුර කපොලු ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ද ඇති ව ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මේ අතර පළාත් මායිම් සීමා අසලට ම බස් රථවලින් පැමිණ පා ගමනින් සීමා පැන අනෙක් සීමාවේදී වෙනත් බස්රථවලට ගොඩ වී සීමා මායිම් නීතිය උල්ලංඝණය කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ආකාරයට සීමා මායිම් නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.

source – hirunews

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්