Feb
17

” මම බාරගන්න සෑම නිර්මාණයක් ගැනම දෙපාරක් හිතනවා” ජනප්‍රිය රංගන ශිල්පිනී අශිකා මතසිංහ

 
793 Views
   
 

අශිකා මතසිංහ කියල කියන්නේ කලක් මෙරට කලාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුන්දර වගේම දක්ෂ රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම කොහොඹ සබන් වෙළෙඳ දැන්වීම තුළින් ලාංකිකයන් අතරට පැමිණි ඇය සුන්දර මතක රැසක් අපට ඉතිරි කළ දක්ෂ රංගන ශිල්පිනියක ලෙස අපට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් එදා වෙළෙඳ දැන්වීම තුළින් අපට දැකගන්නට ලැබුණු අශිකා වර්තමානයේ විකාශය කෙරෙන ” හිත ලග හිනා උනා ” ටෙලි නාට්‍යයේ මිනෝලි කියන චරිතය තුළින් දැකගන්නට ලැබෙනවා

කොහොමහරි ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය අපට මේ ආකාරයට දැකගන්නට ලැබෙන්නේ ඉතාමත් දීර්ඝ කාලයකට අනතුරුවයි. ඊට හේතුව අශිකා ආදරණීය දරුවන් තුන් දෙනෙකුගේ මවක් වීම නිසාවෙන් වගකීම් බහුල කාර්යබහුල ජීවිතයක් ගත කිරීමයි. කොහොම නමුත් හැමෝම දන්න කරුණක් තමයි අශිකා කියල කියන්නේ තමන්ට ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්න කෙනෙක් නෙවෙයි කියන එක. ඇත්තෙන්ම ඇය බොහෝදුරට නිර්මාණ හැම එකක්ම තෝරා බේරා ගැනීමක් සමග තමයි බාර ගන්නේ

ඉතින් ඒ ගැන අශිකා පසුගිය දිනක පැවති පුවත්පත් සාකච්ඡාවකට අදහස් දක්වමින් කියල තිබුණා. ඒ මෙලෙසයි

“මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට හානි වෙන්නැති ආකාරයටත් හස්බන්ගෙ වැඩකටයුතු සහ ගෙදර වැඩ කටයුතුත් සමබරව කරගෙන යන විදියට තමයි මම නිර්මාණ භාරගන්නේ. ලැබෙන සෑම නිර්මාණයක් ම මම භාරගත්ත නම් සමහර විට මගේ පවුලේ අය මට මඟ හැරෙන්න ඉඩ තිබුණා. ඒ නිසා සෑම නිර්මාණයක් ගැනම මම දෙපාරක් හිතනවා” යනුවෙනුයි

කොහොම නමුත් මේ විදිහට අදහස් දක්වපු ඇගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් නීතියත් එක්ක කටයුතු කරන අය බිරිඳට නිතර නීතිරීති දානවා. ඒ දේ සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ විදිහට ඔහුත් ඔබේ රංගන කටයුතු වලට බාධා කරනවද කියලා අහපු වෙලාවේ ඇය කිව්වේ මේවගේ කතාවක්

“husband ගෙන් උපරිම සහයෝගයක් මට ලැබෙනවා. ඒ වගේම මගේ දුවත් ඇයට හැකි අයුරින් එකේ වැඩ තනිවම කරගන්න අතර මල්ලිලා දෙන්නගේ වැඩවලටත් උදව් වෙනවා. එයාගෙ වයසටත් වඩා වැඩි වැඩ කොටසක් කරමින් හැකි පමණින් උපරිම සහයෝගය මට දෙනවා. ඉතින් පවුලක් විදිහට එකමුතුව අපි මේ ගමන සාර්ථකව යනවා .” කියලයි

කොහොම නමුත් අශිකා කියල කියන්නේ සිය පවුල් ජීවිතයත් රංගන ජීවිතයත් සමබරව අරගෙන යන කෙනෙක්. ඉතින් අපට ඇයව හොඳ අලුත් නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී දැකගන්නට ලැබේවා කියල වගේම ඇගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්