May
31

‘කොවිඩ් දරුණුම කාලෙ මම හිටියෙ ඉන්දියාවේ’ – දුෂේනි මියුරංගි

 
2270 Views
   
 

2019 ජනවාරි මාසයේ තමයි මම අවසාන වතාවට රඟපෑ ටෙලි නාට්‍යය විකාශනය වුණේ. මම හිතන්නේ අවුරුදු දෙකහමාරක් විතර වෙනවා නිර්මාණයකට සම්බන්ධ වෙලා.

නිහඬව හිටපු කාලයේ මොනවද කළේ?
මම ඇත්තටම ලංකාවේ හිටියේ නෑ.

කොහේද හිටියේ?
මම හිටියේ ඉන්දියාවේ.

මොනවද ඉන්දියාවට ගිහිල්ලා කළේ?
පොඩි පොඩි ව්‍යාපෘති කිහිපයකට සම්බන්ධ වුණා. මම ආපහු යනවා කොරෝනා ප්‍රශ්නය හින්දා අවුරුද්දක් ලංකාවේ ඉන්න සැලසුම් කරගත්තා. ඒක නිසයි නැවත රඟපාන්නේ.

කවදාද ලංකාවට ආවේ?
මම දැන් ලංකාවට ඇවිත් මාස තුනක් විතර වෙනවා.

ඉන්දියාවෙත් කොවිඞ් දරුණුයි නේද?
කොවිඞ් දරුණුම කාලයට කලින් වගේම දරුණුම කාලයෙත් මම ඉන්දියාවේ හිටියා.

ඉන්දියාවේදී මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?
තත්ත්වය පාලනය වුණාහම මම ආපහු යනවා. මගේ පරිස්සම ගැනත් හිතනවා. මගේ අම්මා තාත්තා පොඞ්ඩක් බයයි. ඒකයි ලංකාවට ආවේ. එහේ මේ දවස්වල ගෙවෙන්නේ බොහොම අමාරු කාලයක්.

දවසින් දවස මරණ වැඩිවෙනකොට ජීවිතය ගැන බියක් හිතුණේ නැතිද?
එහෙම නැ’හැ. අනික මම කොහොමත් බයවෙන කෙනෙක් නෙමෙයි. ඇතුළටම වෙලා තමයි හිටියේ. කෑම බීම වල පොඩි පොඩි ගැටලූ අපහසුතා ආවා.

ලංකාවට ආවහම මොකද හිතුණේ?
ලෝකයම වසංගතයෙන් වෙලාගෙන තියෙන්නේ. තම තමන් ගැන හිතලා පරිස්සම් වුණොත් අනෙක් අයත් පරිස්සම් වෙයි කියලා හිතෙනවා.

ආපහු ඉන්දියාවට යන්න බය නැතිද? දවසින් දවස මරණත් වැඩිවෙනවා නේද?
එහෙම දෙයක් තියෙනවා. අම්මයි තාත්තයි තමයි බය. මම නම් පොඞ්ඩක්වත් බය නැ’හැ. මට දැන් යන්න පුළුවන්නම් යනවා.

ඉන්දියාවේ ඔබ කරන ව්‍යාපෘතිය?
මම ඒ ගැන කිසිම තැනක කතා කරලා නැ’හැ. ඒක ඉස්සරහට දැනගන්න ලැබේවි. ඒක සර්ප්‍රයිස් එකක්.

දිනේෂ් විතාන
දිවයින

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්