Sep
26

“ගෝඨාභය” හඬෙහි අර්ථවත් බව

 
567 Views
   
 

එක්සත් ජාතීන්ගේ 76 වන මානවහිමිකම් සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් කළ කතාවේ ඉතා වැදගත් හා ගැඹුරු අදහස් ගණනාවක් ගැබ්ව තිබිණි. එතුමාගේ කතාව පුරාවට කෙටි නමුත් විශ්ලේෂණාත්මකව බලන කල මෙලෙස විශේෂ කරුණු කීපයක් එහි අඩංගු විය.

ආර්ථික සංවර්ධන පිළිබඳ, පාරසරික සුරක්ෂිතභාවය ආරක්ෂා කල යුත්තේ කෙසේද?, ජාතික ආරක්ෂාව සහිත සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ගොඩනගා ගන්නේ කෙසේද? යන්න පුලුල් ලෙස අඩංගු වී තිබූ අතර එතුමා පැහැදිලි ලෙස ප්‍රකාශ කලේ ලොකු කුඩා කුමන රාජයක් වුවද එම රාජ්‍යට ස්වෛරීභාවයක් ඇති බවත් එම ස්වෛරීභාවයට ගරු කරන ලෙසත් ජනපතිතුමා ඉල්ලා සිටි අතර එය ඉතාමත් වැදගත් ලෙස දැකිය හැක. රටේ ප්‍රශ්ණ සියල්ල හඳුනා ගතයුත්තේ අපිමය. විසඳුම් සෙවිය යුත්තේද අපිමය. එය ඕනෑම රාජ්‍යකට පොදුය.එතුමා පවසන ආකාරයට ආර්ථික ඵලදායීතාවේ ප්‍රතිඵලය සෑමදෙනාටම භුක්තිවිදීමට හැකි ක්‍රමවේදයක් ලංකාව තුළ ජනිත කරමින්, තිරසාර සෞභාග්‍යයමත් සාමකාමි ශ්‍රී ලංකාවක් ලෙස කිසිදු වාර්ගික හා ආගමික භේදයකින් තොරව මේ රට ඉදිරියට ගෙන යා යුතුය, යන්න එතුමාගේ එකම අරමුණ බවද පවසයි.

ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රධාන අභියෝගය දෙකක් ඇත. එනම් , රට වෙත ආයෝජකයන් ආකර්ෂණය කර ගන්නේ කෙසේද? අපනයනය ශක්තිමත් කරන්නේ කෙසේද? යන දෑ විශේෂ වන අතර ,මෙහිදී මේ සඳහා විසඳුම් ලෙස ජනාධිපතිතුමා පැහැදිලි ලෙස පවසා සිටියේ භූ උපායමාර්ගික උපක්‍රම පාවිච්චි කරමින් ,ඒ සඳහා අවශ්‍ය ආයතනික රටාව ශක්තිමත් කිරීම වැදගත්ම සාධකය බවයි. ඒ වගේම සමාජ, ආර්ථික හා යටිතල පහසුකම් වර්ධනය කිරීමත්, විශේෂයෙන්ම මානව සම්පත දියුණු කිරීම අත්‍යාවශ්‍ය බව ප්‍රකාශ කිරීම ඉතාමත් වැදගත්. අනුව අපේ රටේ ඉදිරි අනාගත දැක්ම සඳහා එතුමාගේ ගමන්මග හා ප්‍රතිපත්ති ඉතාමත් වැදගත් වේවි!!!(රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්