Oct
30

අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු ජයග්‍රහණය

 
755 Views
   
 

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු තවදුරටත් ඈතට රැගෙන යන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද පියවර ගත්තා.

ඒ, තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකාව කඩුලු 4කින් පරාජය කරමින්.

මෙම තරගයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකා නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

කොදෙව්වන් සමග පැවති තරගයේදී වර්ගවාදයට එරෙහිව සහය දැක්වීම ප්‍රතික්ෂේප කළ ක්යින්ටන් ඩී කොක් ට එම තරගය අහිමිව ගියා.

නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමග පැවති දීර්ඝ සාකච්චාවකින් අනතුරුව ඩී කොක් තීරණය කලේ මෙවර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී වර්ගවාදයට එරෙහි සටනට සිය දායකත්වය දක්වන්නටයි.

ඒ අනුව ඔහු අද තරගයේදී දණක් නවා ඒ සඳහා සහාය පලකළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 142ක් පමණයි.

අද තරගයේ සාර්ථක වූ එකම පිතිකරුවා වූ පැතුම් නිස්සංක පන්දු 58කින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් වුණා.

නිස්සංකගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වුණා.

චරිත් අසලංක ලකුණු 21ක් සහ නායක දසුන් ශානක රැස් කලේ ලකුණු 11ක් පමණයි.

අනේ කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සිමවවත් පසු කරන්නට අප්‍රිකානුවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

සුපිරි පන්දු යැවීමක නිරත වූ තබ්‍රස් ෂම්සි සහ ඩ්වේන් ප්‍රිටෝරියස් අතරේ කඩුලු 3 බැඟින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තා. දුෂ්මන්ත චමීර කඩුලු දෙකයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්