Sep
13

ඇඳිරි නීති නොතැකූ බත්තරමුල්ලේ ගණිකාවෝ

 
663 Views
   
 

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත් හෝටලයක් වැටලීමට තලංගම පොලීසිය දුෂණ මර්දන ඒකකය අද පස්වරුවේ සමත් වුණා. බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම හෝටලයේ සිටි කාන්තාවන් හයක් සහ පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් අයිස් නැමති ම ත් ද්‍රව්‍ය පානය කර සිටි බවයි පොලිසිය පවසන්නේ. අත් අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවන් අතරින් දෙදෙනෙකු ගර්භණී කාන්තාවන් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර එම කාන්තාවන්ගෙන් දෙදෙනෙකු අක්කා සහ නංගී වන අතර ඔවුන් ද මෙම ගණිකා වෘතියේ යෙදී තිබූ බවයි අනාවරණ වී ඇත්තේ. එසේම අත් අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් හත් දෙනාගෙන් දෙදෙනෙකු අයියා මල්ලි බවද විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා. අත් අඩංගුවට ගත් දහතුන් දෙනා හෙට කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තලංගම පොලිසිය පැවසුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්