Jun
26

බැසිල්ට පාර්ලිමේන්තු එන්න මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් (වීඩියෝ)

 
2083 Views
   
 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සිය අසුන ලබාදීමට එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුම කැමැත්ත පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අතර, පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල්, මෙන්ම මහාචාර්ය රංජිත් බණ්ඩාර ද වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, පොදුජන පෙරමුණේ අභ්‍යන්තර සාකච්ඡාවලදී මෙම මන්ත්‍රීවරුන් අතුරින් වැඩිම අවධානයක් යොමුව ඇත්තේ මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙතයි.

මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම වෙනුවෙන් විකල්ප තනතුරක් ලබාදීමේදී රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වඩාත් නිෂ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ හැකිවීම ඊට හේතුවයි. බොහෝවිට ඔහුට මහබැංකු අධිපති ධුරය පිරිනැමීමට නියමිත බව වාර්තා වනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එළඹෙන 6 වනදා ඇරඹෙන පාර්ලිමේන්තු සතිය තුල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සිදුවනු ඇති බවයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කඩිනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණය කිරීමේ ආසන්නතම හේතුව වන්නේ කෙරෝනා අර්බුදයත් සමග රට තුල උද්ගතව ඇති ආර්ථික අභියෝගයයි.

කොරෝනා අර්බුදය හමුවේ උද්ගතව ඇති විදේශ ආයෝජන ගැටලුව, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා සුදුසු යෝජනාවලියක් ක්‍රියාවට නැංවීම ඔහුට භාරදීමට අපේක්ෂා කරන ප්‍රධාන ඉලක්කයන් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. ඔහුට මුදල් අමාත්‍ය ධුරය හෝ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් පිහිටුවා එය ලබාදීම කෙරෙහි සාකච්ඡා වෙමින් පවතින බව සඳහන්.

කුමන අමාත්‍යාංශයක් ලබා දුන්න ද ආයෝජන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය බැසිල් රාජපක්ෂ යටතට පැවරීමටයි මේ වනවිට සාකච්ඡා වී ඇත්තේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්