Dec
7

මුදල් විශුද්ධිකරණ චෝදනා – ජැක්ලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම්

 
1317 Views
   
 

ශ්රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ඉන්දියාවෙන් පිටවීම තාවකාලිකව තහනම් කර තිබේ. livemint.com වෙබ් අඩවිය වාර්තා කළේ, ඇය ඊයේ ඩුබායි හෝ මස්කට් බලා යාමේ අරමුණින් මුම්බායි ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඇයට රටින් පිටවීම ප්රතික්ෂේප කර ඇති බව ය.

ඒ අනුව, ඇය ගුවන් තොටුපොළේ සිට ආපසු ගිය බව වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් කෝටි 200ක් විශුද්ධිකරණය කිරීම සඳහා සම්බන්ධ වී ඇති බවට ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වන විමර්ශනයකට ඇයට දෙසැම්බර් 8 වන දා නවදිල්ලි නුවරදී පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ය.

ඉන්දියාවේ සිදුවූ මහා පරිමාණ නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගෙන් එරට මූල්ය බුද්ධි තොරතුරු ඒජන්සියක් වන Enforcement Directorate ආයතනය ප්රකාශයක් සටහන් කරගෙන තිබුණේ, පසුගිය අගෝස්තු මාසයේදී ය.

ඉන්දීය මාධ්ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් කෝටි 200ක් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ප්රකාශය සටහන් කර ගත් බවය. කෙසේ වෙතත්, ඇය මෙම චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂිකාරියක ලෙස තොරතුරු ලබා දුන් බවත්, ඇය ද මෙම මහා පරිමාණ මූල්ය වංචාව සම්බන්ධයෙන් වින්දිතයෙකු ද වන බවය.

ඉන්දියාවේ දිල්ලි පොලිසිය කළ පැමිණිල්ලකට අනුව Enforcement Directorate ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම මූල්ය වංචාවේ මහ මොළකරු වන සුකේෂ් චන්ද්රසේකර්ගේ සහකරුවෙකු බව කියන ලීනා පෝල් නමැති තැනැත්තියක මාර්ගයෙන් 36 හැවිරිදි ජැක්ලින් ෆර්නැන්ඩස් මෙම මූල්ය වංචාවට හසුවී ඇතැයි Enforcement Directorate ආයතනය පවසයි.

මේ වන විට Enforcement Directorate ආයතනය විසින් චෙන්නායිහි මුහුද ආසන්නයේ පිහිටි විශාල බංගලාවක්, මුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක් සහ සුඛෝපභෝගී රථවාහන රැසක් සිය භාරයට ගෙන තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්