Jul
23

ඇවන්ගාඩ්, පාවෙන අවි ගබඩාව සහ හිටපු නාවික හමුදාපතිවරයාගේ හෘද සාක්ෂිය…

 
1054 Views
   
 

පසුගිය යහපාලන රජය සමයේදී ඇවන්ගාඩ් සමාගමට අයත් බව කියන පාවෙන අ’වි ගබඩාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර අලුතෙන් පිහිටවූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ, නීතිවිරෝධී අ’වි ගබඩාවක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල කරමින් නඩුවක්ද ගොනුකර තිබිණි.

කෙසේ නමුත් පසුගිය මැයි මස 21 වැනිදා මහාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම නඩුවේ චූදිතයන් වූ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් ආදාල චෝ’දනාවලින් නිදොස් කොට නිදහස් කරමින් නඩුව අවසන් කිරීමට තීන්දු කළේය.

මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබුණේ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව අත් අඩංගුවට ගැනීම සිදුවූයේ තම හෘදසාක්ෂියට එකඟව නොවන බවයි.

සත්‍ය තත්වය දැන සිටියේ නම් මෙම අත් අඩංගුවට ගැනීම සිදු නොවන බවත් ඔහු සාක්ෂි දෙමින් පවසා තිබිණි. නොකළ වරදකට මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටින පුද්ගලයන්ට දඬුවම් විඳීමට සිදුවුවහොත් එය බලවත් අප රාධයක් වන බැවින් ඔවුන් වැරදිකරුවන් නොවන්නැයි තමා හදවතින්ම ප්‍රාර්ථනා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

එසේ පවසමින් හිටපු නාවික හමුදාපතිවරයා සිදු වූ අත්වැරැද්ද සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබිණි.

මෙම නෞකාව අත් අඩංගුවට ගැනීමත් සමග එතෙක් ඇවන්ගාඩ් සමාගම විසින් ලංකාව අවට මුහුදේ සහ ජාත්‍යන්තර සාගර කලාපයේ සිදුකළ නෞකා ආරක්ෂක මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටි අතර මේ නිසා දහස් ගණනකගේ රැකියා අහිමි විය. එම රැකියාවල නිරත වූ බහුතරයක් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවල සේවය කර විශ්‍රාම ගොස් සිටි පුද්ගලයන්ය.

හිටපු නාවික හමුදාපතිවරයා උද්ඝෝෂණයක් අතරතුරදී මාධ්‍යවේදියෙකුට පහ රදීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූ අතර එම සිදුවීමේදීද ඔහු අදාල මාධ්‍යවේදියාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. සිදුකළ පහ රදීමට ඔහුට කිසිදු ද’ඬුවමක් හිමි නොවීය.

ඇවන්ගාඩ් නෞකාව අත් අඩංගුවට ගැනීම සඳහා මැදිහත් වූ එවක නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු නාවික හමුදා නිළධාරීන් සමාව ගත් පමණින් සියල්ල පෙර තත්වයට පත් වේද ? සමාව ගත් පමණින් සියලු වැරදි නිවැරදි වේද ? මෙම සිදුවීම නිසා රැකියා අහිමි වූ හිටපු හමුදා සාමාජිකයන්ට යුක්තිය ඉටු වේද ?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්