Feb
11

කිරුළ ගළවාගත් පුෂ්පිකා වැඩ පටන් ගනී – ඊළඟට කරන්න හදන වැඩේ මෙන්න

 
1025 Views
   
Pushpika, who saved the crown, starts work - here is the work she is going to do next  

පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ පසුගියදා කටයුතු කර තිබුණා.

මේ අතර ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනියක වන ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford) ද මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා අළුත් සටහනක් තබමින් කියා සිටින්නේ පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසකදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඇය කිසිවිටෙකත් මෙම ජයග්‍රහණය සඳහා සුදුසුකම් නොලබන බවයි.

එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිණක ලෙස කැරොලයින් ජුරි පුෂ්පිකා ගේ කිරුළ ඉවත් කිරීමට පියවර ගැනීම නිවැරදි බවත් මෙම ක්‍රියාකලාපයන් හරහා එය තහවුරු වන බවත් ඇයගේ මෙම සටහනට ඇතුළත්.

මේ අතර, මෙම සියල්ල දෙස නෙත් යොමාගෙන සිටින මෙම කතාවේ ‘කතා නායිකාව’ වන පුෂ්පිකා ද සිල්වා ඇගේ මුහුණු පොතට නවතම සටහනක් එක් කර තිබුණේ මෙසේ යි.

“..ඉදිරියේ දී බොහෝ නොසිතූ දේවල් සිදු වේවි. බොහෝ දේවල් වෙනස් වේවි. ඉතින්, අපි කලබල නොවී, බලා සිටිමු..”

– පුෂ්පිකා ද සිල්වා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්