Jul
17

මෝදර ගඟ බි ලි ගත් නිවුන් පුතුන් දෙදෙනාගේ කතාව

 
17896 Views
   
 

“තාත්තා දරුවෝ දෙන්නා බදා ගන්නවා දැක්කා. අපි මුලින් බලද්දී හිටපු තැනට ටිකක් එහාට වෙන්නයි ඒ අය හිටියේ. තාත්තා එක දරුවෙක් උඩට ගන්නවා දැක්කා. ඊට පස්සේ තුන් දෙනාම වතුරේ යටට යනවත් දැක්කා” අගම්පොඩි චාමලී සෙව්වන්දි මැන්දිස් මහත්මිය (33) හැඬූ­ කඳුළින් කීවාය.

සෙව්වන්දි මීට අවුරුදු දොළහකට පමණ පෙර ගාල්ල, දඩල්ලේ දිලිප් රොහාන් කන්දඋඩ සමඟ විවාහ වී දඩල්ලේ පදිංචියට ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.

අවුරුදු කිහිපයක් දරුවන් නො’මැතිව සිටිය දී බාර හාර වූ වාර ගණනද විශාලය. ඒ විශ්වාසය මතම මීට අවුරුදු හයකට ඉහත දී නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු ලැබුණේ දෙපාර්ශ්වයේම ඥාතීන්ට මහත් සතුටක් ගෙන දෙමිනි.

සතික සත්සිඳු කන්දඋඩ සහ සමිත සත්සිඳු කන්දඋඩ ලෙස නම් තැබුණු පැටවු දෙදෙනා වයස අවුරුදු හය (6) පිරෙද්දී කාගේත් සිත් දිනා ගත්හ. ඒ දෙන්නා සීයලා දෙදෙනා‍ගේ (මවගේ පියා සහ පියාගේ පියා) පණ මෙන් විය. ඒ නිසා මසකට වරක් ගාල්ලේ සිට කොස්ගොඩ සීයා සහ ආච්චි බලන්න එන සිරිතක්ද විය.

“සිකුරාදා (09දා) මල්ලී මමයි ළමයි දෙන්නයි එක්කගෙන ආවා” චාමලී සෙව්වන්දි කියන්නීය. පසුදා උදේ දහය වනතුරු දරුවන්ට Online පන්ති තිබුණා. එකොළහට විතර දරුවන්ට බත් කැව්වා. එකොළහයි තිහට විතර නාන්න යමු කියලා දරුවෝ කිව්වා. ඊට පස්සේ ළමයි දෙන්නත් අරගෙන තාත්තා මෝදර ගඟට නාන්න ගියා. ඇයට කියන්නට ලැබුණේ එපමණි. දෙකම්මුල් දිගේ රූරා හැලුණු කඳුළු ගඟ බොහෝ වේලාවක් යන තුරු ඇයගේ කටහඬ ගොළු කළේය.

දරුවන් දෙදෙනා සමඟ මෙම ඛේදවාචකයෙන් මියගිය කොස්ගොඩ නාපේ අංක 117/1 පදිංචි අගම්පොඩි ඉන්දික රාජකුමාර මැන්දිස් (62) (දරුවන්ගේ සීයා) අවුරුදු විස්සක් පමණ රැකියාව කළේ විදේස රටකය. ලංකාවට ආවේ වසර කිහිපයකට පෙරය. නැවත විදෙස් රැකියාවට නො’ගිය ඔහු ගේ‍ෙදාර බලාගෙන දරු මල්ලන් සමඟ ජීවත් වූයේ ඉතා සතුටිනි.

ඉන්දික දරුවන් තිදෙනකුගේ පියෙකි. දරුවන් දෙදෙනා ඉන්දිකත් සමඟ ගඟට ගොස් විනාඩි 15කට පමණ පසු සෙව්වන්දි සිය මෑණියන්ද සමඟ (ඉන්දිකගේ බිරිය) මීටර් අටසීයක් පමණ දුරින් ඇති ගඟ ආසන්නයට ගොස් තිබේ. ඔවුන් යන විටත් සිය පියා (ඉන්දික) දරුවන් දෙදෙනා සමඟ දිය නාමින් සිට ඇත.

“තාත්තාත් වතුරේ බැහැලා පීනන හැටි දරුවන්ට පෙන්න පෙන්නයි හිටියේ. ලොකු පුතා මාව දැකලා “අම්මේ” කියලා කිව්වා. අම්මත් මමත් පුටු දෙකක වාඩිවෙලා දරුවන් විනෝද වන හැටි බලාගෙන හිටියා. අම්මයි මමයි ගං ඉවුරේ කතා කර කර ඉන්න කොට සෙනරත් බාප්පා “ලොකු අයියේ” කියලා කියනවා ඇසුණා. ඒ එක්කම අපිත් ඒ දිහා බැලුවා. ඒ වෙලාවෙයි, මේ විනාශය වුණේ” යනුවෙන් කී සෙව්වන්දි නැවතත් ඉකි ගසන්නට වූවාය.

“දැන් නෑව ඇති නේද ගෙදර යමු” කියලා ඉන්දික අයියා පොඩි අයගෙන් ඇසූ විට “සීයේ තව ටිකක් නාමු” කියලා දරුවන් ප්‍රකාශ කළ බව ඉන්දිකගේ සහෝදරයා වන අගම්පොඩි සෙනරත් මැන්දිස් (47) කීවේය.

රියැදුරකු වශයෙන් සේවය කරන ඉන්දික සෙනරත්ගේ ලොකු තාත්තගේ පුතාය. සිද්ධිය වන අවස්ථාවේ සෙනරත්ද ගං ඉවුරේ සිට ඇත.

“ඉන්දික අයියා පොඩි දෙන්නට පුහු පොල් ගෙඩි දෙකක් එකතු කරලා ගැට ගහලා පීනන්න දුන්නා. මේ දෙන්නා නාන හැටි අපි ගොඩට වෙලා බලා හිටියා. එතැන ඉන්දික අයියට අයිති ඔරු දෙකක් තිබුණා. එක දරුවෙක් කීවා “සීයේ ඔරුවේ යමු!” කියලා. ඉන්දික අයියා දරුවන් දෙදෙනාව ඔරුවට නංවාගෙන මටත් නඟින්න කිව්වම මමත් නැග්ගා යනුවෙන් ප්‍රකාශ කළේය.

“ඉන්දික අයියා ලෑලි කැබැල්ලකින් ඔරුව පදින්න ගත්තා. ඔරුවෙන් මීටර් 20ක් විතර ඉදිරියට ගිහින් ඔරුවෙන් බැහැලා ලීයක් හිටවලා ඔරුව ගැට ගැසුවා. එතැන පොඩි අයගේ උර හිසට විතර වතුර තිබුණා. පොඩි අය ඔරුව උඩ නැඟලා ගඟට පැන පැන නෑවා. මමත් ඉන්දික අයියත් පොඩි අය සතුටු වෙන හැටි බලාගෙන හිටියා” යනුවෙන් ඉන්දික කීවේය.

සෙව්වන්දිත් සෙනරතුත් කියන ආකාරයට අධික වැසි හා තද සුළං පැවැති සෙනසුරාදා (10දා) දරුවන්ගේ ඉල්ලීමට දරුවන් ගඟට රැගෙන ගොස් ඇත්තේ දරුවන්ගේ සීයාය. ඒ දරුවන්ගේ මවගේද කැමැත්ත ඇතිවය. ඔහු සිය බිරිය සමඟ කොස්ගොඩ නිවසට පැමිණේද්දී දරුවන්ගේ පියා ඔවුන් සමඟ පැමිණ නො’සිටියේය. ඔහු මිදිගම ලෝඩ්ස්ටා ආයතනයේ රැකියාවේ නිරත වෙමින් සිට ඇත. සිද්ධිය සැලවීමත් සමඟ දරුවන්ගේ පියාද ගඟ අසලට පැමිණ සිටියේය. දරුවන්ගේ මව සහ පියා ඇතුළු විශාල පිරිසක් සි’රුරු ගොඩ ගන්නා අවස්ථාවේ හඬා වැ’ලපෙමින් ගං ඉවුරේ රැඳී සිටියහ.

ඇළ,දොළ, ගංගා, මහ මුහුද ආදී වතුරෙන් පිරී ස්ථානවලට ලොකු කුඩා කොයි කවුරුත් ප්‍රිය කරති. වතුරේ ගිලී දිය බුං ගසමින් දිය නෑමට, සෙල්ලම් කිරීමට පොඩි දරුවෝ වැඩි කැමැත්තක් දක්වති. ඇතැම් අවස්ථාවලදී කාටත් ම’රු කැඳවන්නේද වතුරය. නමුත් මවත් ආච්චිත් සීයාත් බලා සිටියදී හය හතර නොතේරෙන දරුවන් දියේ ගිලී මි’ය යෑම කොතරම් ඛේ’දවාචකයක්ද? දරුවන් රැගෙන නොයා යුතු තැනකට එම දරුවන් කැඳවාගෙන ගොස් ඇත්තේ දරුවන්ගේම වැඩිහිටියන් නම් තත්ත්වය කොතරම් අ’වාසනාවන්තද?

සමනළ පැටව් දෙදෙනකු මෙන් ඉතා පියකරු මේ දරුවන් දෙදෙනා හැදී වැඩුණේ කාගේත් ආදරය විඳිමිනි. දරුවන් දෙදෙනා මේ වසරේ ආරම්භයේම ගාල්ල ඇලෝසියස් විදුහලට ඇතුළු කෙරුණේ පළමු වැනි ශ්‍රේණියටය. ගුවරුන්ගේ ආදරය විඳී දරුවන් දෙදෙනාට පාසල් යෑමට හැකි වූයේ ඉතා කෙටි කාලයකි. කොරෝනා වසංගතයද ඔවුන්ගේ පාසල් ගමනට හරස් විය. කොරෝනා වසංගතය නො’තිබුණා නම් කොස්ගොඩ ආච්චි සහ සීයා බැලීමට නො ඒමටද ඉඩ තිබිණි.

කොස්ගොඩ සීයාගේ නිවස පිහිටියේ දූවේ මෝදර ගඟ ආසන්නයේමය. සීයා සමඟ ගොස් ගඟේ නෑම සහ සීයාගේ ඔරුවේ නැඟී රවුමක් යෑම දරුවන්ට නිම්හිම් නැති සතුටක් ගෙන දුන්නේය. ඒ නිසාම පොඩි දරුවන් දෙන්නා කොස්ගොඩ සීයාගේ නිවෙසට යෑමට දින ගණිමින් සිටියහ.

සීයාටද ගඟ හොඳට හුරු පුරුදුය. දවල් එකොළහමාරට පමණ දරුවන් දෙන්නා රැගෙන සීයා ගඟට ගියේද ඒ නිසාය.

සීයාගේ ඥාති සොහොයුරෙක් වූ සෙනරත් මැන්දිස් සීයාද මේ වනවිට පැමිණි සිටි බැවින් ඔහුට ද ගඟට යමුයි ඉන්දික කතා කාළේය. දරුවන්ගේ සුරතල් බැලීමට ඔහු ද ගඟට ගියේය. ගෙදර ළඟ සිට ගඟට ඇති දුර මීටර් අටසීයක් පමණ විය. ගඟ ළඟට යනවිට දවල් දොළළහයි කාල පමණ විය.

තම මුනුපුරන් දෙදෙනාද ඔරුවේ තබාගෙන ගියේ ම’රු කටට බව සීයා හීනෙකින්වත් සිතන්නට නැත. සීයා ඔරුවෙන් බැස ලීයක් සිටුවා ඔරුව ගැට ගැසුවේය. දරුවන්ගේ උරහිසට පමණ වතුර තිබිණි. දරුවන් දෙන්නා ඔරුවේ නැගී පැන පැන රිසිසේ පීනන්න වූහ. සීයලා දෙන්නා පොඩි දෙන්නා නාමින් සතුටු වන අයුරු දැක සතුටු වූහ. දරුවන් දෙන්නා දියේ ගි’ලෙනු හැටි බලා ඉන්නට බැරි වූ අම්මා ද ගඟේ ඇවිද ගියේ දරුවන් බේ’රා ගන්නටය.

ඇය ද ගිලෙන්නට වූයෙන් ආ පස්සට අවාය. ඔරුවේ සිටි බාප්පා වහා පැමිණි ඇය ගොඩට තල්ලු කළේ ගඟ ගැඹුරු බව කියමින්ය. එසේ නොවුණා නම් අම්මත් දරුවන් ගිය මඟම යන්නට ඉඩ තිබිණි. කාගේත් කෑ ගැසීමට ගම්මුන් පැමිණ දරුවන් සහ ඉන්දික ගොඩ ගන්නට උත්සාහ ගත්තත් එය ඉතා අසීරු විය. පැය කිහිපයකට පසු නාවික හමුදාවෙන් පැමිණ පිරිසක් තිදෙනාගේ සි’රුරු ගොඩ ගන්නා විටද ඔවුන් දිය රකුසාගේ ග්‍රහණයට හසුව තිබිණි.

හෙට දවසේ පිපෙන්නට තිබූ මල් කැකුළු දෙකක් මිලින වී ගියේ ලක්වැසි කොයි කවුරුත් කඳුළු සාගරයේ ගිල්වමිනි. කොස්ගොඩ පොලිසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් විසින් සෙනසුරාදා (10දා) සවස 4.00ට පමණ ඔවුන් තිදෙනා සොයා ගනු ලැබීය. එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නාඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් දරුවන් දෙදෙනා බළපිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට කටයුතු කළහ. රෝහලට රැගෙන එන විටත් දරුවන් දෙදෙනා මි’ය ගොස් තිබූ බව බළපිටිය මූලික රෝහලේ රෝහල් අධිකාරි වෛද්‍ය චන්දන රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.

“මව්බිම” පුවත්පතෙන්…

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්