May
31

“දිනපතා මම නිවසට පැමිනිම මගේ මවටත් පවුලේ සියල්ලන්ටත් අ වදානමක්” – වෛද්‍යවරයෙකුගේ සංවේදී සටහන

 
1769 Views
   
 

කොරෝනා වෛරසය ජාති, ආගම්, කුලමල පංති බේදයක් නැතිව අස්සක් මුල්ලක් නෑර පැතිරෙමින් පවතියි. අපව රකින්නට දැඩිව වෙහෙසෙන සුව විරුවන්ද මෙම රුදුරු මා ර යාට හදුවනවා ඇත. තමන්ගේ මවගේ අසනීපය හේතුවෙන් තමා ඉන්නා තැනට ගෙන්වා ගත් මවට කොවිඩ් රෝගයෙන් වැළකීම සඳහා රජයෙන් ලබාදෙනු ලබන එන්නත ලබාගැනීමට නම් පදිංචි සහතිකයක් පෙන්වන ලෙස ඉල්ලා සිටීම කෙතරම් අභාග්‍ය සම්න්නද. ඇරත් වෛද්‍යවරයෙකුගේ මවකට. මේ ඒ පිළිබදව වෛද්‍යවරයෙකු තැබූ සංවේදී සටහනක්.

 

අපි වෙනුවෙන් අපි…
‘පුතේ, අද උදේ ඉදන් ලේ යනවා, මට බ යයි පුතේ !’ ඒ මගේ මවගෙන් මීට මසකට පමන පෙර ආ ඇමතුමකි. ඇය වයෝවෘද්ධය වයස අසූවකට ආසන්නය. ඇයට හෘදයා බාධයක් වැලදි ජීවිතය ගැලවුනේ හාස්කමකින් මෙනි. කල් පවතින හන්දි රෝගයකින්ද ඇය පී ඩා විදියි. මගේ පියාණනන් මි’ය ගිය පසු ඇය තවත් මානසිකවද කඩා වැටිමකට ලක්විය. මගේ අක්කා සමඟ ඇය මීරිගම ජීවත් වෙයි. නිතර අප ඇය බලන්නට ගියද කොරෝනා වසං ගතය සමඟ එය තරමක් අඩු වුනේ මා එහි යෑම ඇයට අ වදානම් හෙයිනි.

 

ඇයව වහා මම කුලියාපිටියට රැගෙන අවේ ඇය පැවසූ රෝග ලක්ෂණය එතරම් යහපත් දෙයක් නොවූ හෙයිනි. පරික්ෂණ කිහිපයකින් පසු ඇයට වහා ශල්‍යකර්මයක් සිදුකල යුතුවිය. ගැබ්ගෙල පිලිකාවක මුලික අවස්ථාවක ඇය පසුවිය.

 

ඇගේ වයසත් කොවිඩ් අ වදානමත් මැද එය කෙසේ හෝ සිදුකල යුතුබව අවසානයේ වෛද්‍ය හිල්මි විශේෂඳ වෛද්‍යවරයාගේ මතයට මම එකග විමි. ශල්‍යකර්මයට මුහුන දුන් පසුව ඇය ජීවත් වූයේ මා සමග කුලියාපිටියේය. ඒ ශල්‍යකර්මයෙන් පසු ඇතිවන අතුරු ආ බාධ පිලිබද ඇයත් මමත් තරමක් කලබලයෙන් පසුවූ හෙයිනි. ⁣මේ අතර රෝහලේ කොවිඩ් තත්වය උත්සන්න විය. මා සේවය කරන ළමා වාට්ටුවේද වෛද්‍යවරුන් ඇතුළු හෙදියන්ද ආ සාදනය විය. රෝහල තුල කොවිඩ් වාට්ටුවල අති⁣⁣⁣රේක රාජකාරි සමග තත්වය තවත් බැරූරුම් විය. දිනපතා මම නිවසට පැමිනිම මගේ මවටත් පවුලේ සියල්ලන්ටත් අ වදානමක් විය. සියළු නිසි ක්‍රමවේද අනුගමනය කලද අනතුරු සැමවිටම තිබින. මා පමනක් නොව රෝහලේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට සියල්ලන්ම මෙම අව දානමට මුහුණ දි සිටියහ.

 

කොරෝනා යනු එක් අතකට නොපෙනෙන හ’තු⁣රෙකු සමග කරන යු ද්ධයකි. එය දැන් සටනේ උපරිම අවස්ථාවට එලබ ඇත. සෞඛ්‍ය සේවයේ සියල්ලන්ම එක ලෙස නොබියව සටනට බැස ඇත. වෛද්‍යවරුන් ද හෙදියන්ද සටනින් පැරද මි’ය යනු අප දුක්මුසුව බලා සිටියෙමු . අපගේ නිවස් වල දෙමව්පියන් ඇතුළු හිතවතුන්ද මි’ය යනු අප බලා සිටියෙමු. මේ ස’ටනේ මුල්පෙල ස’ටන් කරුවන් වන්නේ සෞඛ්‍ය සේවයේ නියුතු සියල්ලන්ය .රෝහල් පවිත්‍රාකාරක සේවකයන්ගේ සිට වි⁣ශේෂඳ වෛද්‍යවරුන් දක්වා වූ හැමෝම එකම දම්වැලක පුරුක් ලෙස මේ සටනට බැදි ඇත. හැම පුරුකක්ම අත්‍යවශ්‍යය . එක් පුරුකක් හෝ ගිලිහිම සටන පරාද විමට හේතු වනු ඇත.

 

ත්‍ර ස් ත වා දී යු ද සමයේ යු ද හමුදා ⁣සෙබළුන්ට සියළු වරප්‍රසාද හිමිවිය . එය එසේ විය යුතුම විය. දැන් කොරෝනා සටනේ මුල් සටන් කරුවන් වන අපට සහ එම පවුල් වල අයට එවන් අවස්ථාවක්වත් හිමිව ඇතිද ? හෙද සේවයේ අයට ප්‍රමාණවත් ගමන් පහසුකම් නැත. ඔවුන් රැගෙන එන පවුල් වල අයටද ගැටළුය. සියල්ලන්ටම වඩා තම පවුල් වල සමීපතමයන්ට එන්නත්කරණය සිදුකිරිමට තවමත් වි⁣ශේෂ වැඩ පිලිවෙලක් නැත. එය මහත් මානසික පීඩාවකි.

 

නැවත මගේ කතාවට හැරෙමු. අද දින පලාතේ එන්නත්කරණය සිදුවිය . මගේ මව තාවකාලිකව මා සමග සිටින නිසා ඡන්ද හිමි නාමලේඛනයේ නම නැති නිසා එන්නත්කරණය කල නො’හැකි බව කුලියාපිටිය පලාතේ MOH මට පැවසීය. එවිට මගෙ බිරිද ඉදිරිපත්ව ඇයට ලැබෙන එන්නත මවට විදගන්නට නොහැකිදැයි ඇසුවේය. එයද ප්‍රතික්ෂේප විය. මවට එන්නත්කරණය අත්‍යවශ්‍ය නම් ග්‍රාමසේවක තුමාගෙන් ලිපියක් රැගෙන එන ලෙස ඔහු කිවේය. සෞඛ්‍ය සේවයේ අප වසර හතරින් හතර ස්ථාන මාරු විය යුතුමය. එවිට අප සෑම සේවා ස්ථානයකම ඡන්දය ලියාපදිංචි කළ යුතුද ?

 

අද මෙලෙස තාවකාලිකව තම⁣ දෙමව්පියන් සමග ජිවත් වන වෛද්‍යවරුන් කිහිපදෙන⁣කුම තම දෙමව්පියන් සමග කුලියාපිටියේ MOH වෛද්‍ය වරයා ආපසු හරවා යවා ඇත්තේය . එන්නත්කරණය පදනම හැකි සියල්ලන්ම එන්නත්කරණය කිරිමයි. අත්‍යවශ්‍ය අය මගහැර එන්නත්කරණය සිදුකිරිමේ විද්‍යාත්මක පදනම කුමක්දැයි මට නම් නොතේරේ.

 

සෞඛ්‍ය සේවයේ අපට සෞඛ්‍ය සේවයේ යෙදෙන අයගෙන්ම ලැබෙන අනුග්‍රහය සහ සහයෝගය එබදුය. ඉදින් අන් අය ගැන කවර කතාද ?
සෞඛ්‍ය සේවකයන් සුරුකිමට මුල් තැන නොදෙන මේ ප්‍රතිපත්ති වලින් අධෛර්යමත් වන්නේ අපිමය. කොවිඩ් වසංගතය සමග එයට ජනතාව දැනුවත් කරන්නට මුල සිටම වෙහෙසවූ වෛද්‍යවරයකු ලෙස මට අද මහත් කලකිරිමක් ඇත. කවියෙන් පමනක් නොව ශ්‍රමයෙන්ද දිනපතා කොරෝනා රෝගින් සමග ගැටෙමින් ප්‍රතිකාර කරමින් රෝහල් වල අප කරන සේවය ගැන රෝහල් වලට පිටතින් සිට පුරසාරම් දොඩන ඇතැමුන් දන්නේ නැත. ඒ අ වදානමද ඔවුන්ට නැත. කොරෝනා පැතිරිම වලක්වාගැනිමේ ප්‍රතිපත්ති අසාර්ථක වූ විට ඒ සියළු රෝගින් නතර වන්නේ රෝහල් වලය. ඒ සියළු වගකිම් ඇත්තේ අපටය. එයට බිදක් හෝ සහනයක් නොදෙන ප්‍රතිපත්ති පිලිබද මට ඇත්තේ අපුලකි.

 

මගේ මවට හෙට දිනයක හෝ කොරෝනා වැලදුනහොත් ඒ වගකිම ගන්නෙ කවුද ? එන්නත්කරණය ප්‍රතික්ෂේප කල අය එය දරන්නේද ? මවගේ ජීවිතය ඔවුනට තවත් එක් රෝගියකු පමනක් විය හැක. එහෙත් ඇය මට මෙලොව ඇති එකම මවයි. මා පමනක් නොව සෞඛ්‍ය සේවයේ යෙදෙන සියල්ලන්ම අද මුහුණ දෙන්නේ මේ ගැටළුවටයි.

 

සමාජයේ සියල්ලන් අතරින් සෞඛ්‍ය සේවයේ අප තරම් මේ අ වදානම අන් කිසිවකුටත් නැත. අප එම අවදනම දරාගෙන අපට හැකි සැම අයුරින්ම කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරමු. එම නිසාම අපේ පවුල් වල සමීපතමයන්ට මරණ වරෙන්තුවක් ලැබෙනු ඇත. එයත් අත දරාගෙන අප හෙටද සේවයට යා යුතුය.

 

රටකට යම් විද්‍යාත්මක ප්‍රතිපත්තියක් කොරෝනා මර්ද නයට තිබිය යුතුමය. එහි ප්‍රමුඛතා හදුනාගත යුතුමය. නැතිනම් රටම මහත් අනතුරකට මුහුනදෙනු ඇත.

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

මෙන්න බලන්න තවත් ගොසිප්