Jan
10

අලුත් බලාපොරොත්තු සමඟින් පිබිදෙන ශ්‍රී ලංකාව

 
1689 Views
   
 

සංචාරක ව්යාපාරය ශ්රී ලංකාවේ ප්රධානතම ආදායම් මාර්ගයක් බවට පත්ව තිබුණේය. 2009 වසරේ ත්ර#ස්තවාදය පරාජය කිරීමෙන් පසුව මෙරට සංචාරක ව්යාපාරය ශීඝ්ර දියුණුවක් කරා යොමු විය. ඒ දක්වා ලක්ෂ පහකට ආසන්න අගයක් ගත් වාර්ෂික සංචාරක පැමිණීම 2010 වසරේදී 650,000 ඉක්මවා ගියේය.

වසර දෙකකට පසු 2012 වසරේදී එම ප්රමාණය ලක්ෂ දහය ඉක්මවා ගිය අතර 2016 වසරේදී ලක්ෂ 20ක සංචාරක පැමිණීමක් වාර්තා විය. එසේ ශීඝ්ෙයන් ඉහළ යමින් තිබූ සංචාරක ව්යාපාරය පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයත් සමඟ විශාල පසුබෑමකට ලක්වූ අතර 2018 වසරේදී ලක්ෂ 23ක් ඉක්මවා ගිය සංචාරකයන් සංඛ්යාව 2019 වසරේදී ලක්ෂ 19 දක්වා පහත වැටුණේය.

2019 වසරේදී ජනාධිපති ධුරයේ වැඩ භාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක ව්යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබුණේය. රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබුණේ සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 10 දක්වා ඉහළ නැංවීමය. ඒ සඳහා වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්යාව ලක්ෂ 70ක් දක්වා ඉහළ නැංවීමට අදාළව සංචාරක ප්රවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණේය.

එහෙත් ඒ සියලු සැලසුම් ව්යර්ථව ගියේ 2019 දෙසැම්බරයේ ආරම්භ වී ලෝකය පුරා පැතිරගිය කොවිඩ් වසංගතය නිසාවෙනි. උපන් දා සිටම සංචරණයට ඇලුම් කළ මිනිසා මෑත ඉතිහාසයේ පළමු වතාවට සිය නිවාසවලම සිරකරුවන් බවට පත් කරන්නට කොවිඩ් වසංගතය සමත් විය. ලෝකයේ බොහෝ රාජ්යයන් සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර අනෙකුත් රාජ්යයන් දැඩි සංචරණ සීමා පනවා තිබුණි.

සංචාරකයන්ගේ පාරාදීසයක් වූ ශ්රී ලංකාවට ද සංචරණ සීමා අනුගමනය කරන්නට සිදුවූ අතර කිහිප වරක්ම රට සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවිය. ජනතාවගේ ආරක්ෂාව උදෙසා එකී පියවර අනුගමනය කළ ද අපගේ ප්රධානතම ආදායම් මාර්ගයක් වූ සංචාරක ව්යාපාරයට එමඟින් එල්ලවූ බලපෑම සුළුපටු නොවීය.

2020 වර්ෂයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්යාව ලක්ෂ පහකට සීමා වූ අතර 2021 වසරේදී එම ප්රමාණය තවදුරටත් පහළ වැටුණේය. සාර්ථක එන්නත්කරණ ක්රියාවලියකින් පසු 2022 වසරේ සිට ශ්රී ලංකාව නැවත වරක් සංචාරකයන් පිළිගැනීමට සූදානමින් සිටියි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අහිමිව ගිය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට නව සංචාරක ප්රවර්ධන සැලසුම් ක්රියාවට නැංවීමට සංචාරක අමාත්යාංශය සූදානමින් සිටියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්