Mar
3

ළමා නිවාසයක් පවත්වාගෙන යන බවට හුවමාරුවන කටකතාවන්ට ෂෙරිල්ගෙන් සැර පිළිතුරක්

 
1226 Views
   
 

මෙරට පුංචි තිරය තුළ ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට රංගන ශිල්පිනියක් ලෙස වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒ බව නොරහසක්. කොහොම නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය මේවෙනකොට විවාහකයි. ඇය විවාහවෙන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් ගායක රුවන් හෙට්ටිආරච්චි සමගිනුයි

කොහොමහරි ඉතින් නර්තනය නිසාවෙන් මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ෂෙරිල් පසුකාලීනව රංගන ක්ෂේත්‍රයට පිවිසෙනවා. එලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය සිය රංගන දායකත්වය ලබා දෙන්නේ තෝරාගත් නිර්මාණ සඳහා පමණයි. කෙසේවෙතත් මේවෙද්දී ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගෙන ඉන්න ෂෙරිල් , රුවන් යුවළ නිරන්තරයෙන් කතාබහට ළක්වෙනවා

කොහොම නමුත් පසුගිය කාලය පුරාවට අපට මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පිළිබඳ සුවිශේෂ මාධ්‍යය වාර්තාවන් රැසක් දැකගන්නට ලැබුණා. ඒ ඇය වරින් වර පුවත්පත් සාකච්ඡාවන් සමගින් එක්වෙමින් කරන ලද අදහස් දැක්වීම් පිළිබඳවයි. ඒ විතරක් නොවෙයි ෂෙරිල් සහ රුවන් පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාලා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වෙන්නේ මේ යුවළ ඔවුන්ගේ මුදලින් ළමා නිවාසයක් පවත්වාගෙන යනවා කියල හුවමාරු වු කටකතාවන් කිහිපයකි

කොහොම නමුත් මේ යුවළ එලෙස ළමා නිවාසයක් පවත්වාගෙන යන බවට යූටියුබ් මාධ්‍ය ඔස්සේ වගේම මුහුණු පොත ඔස්සේද විවිධාකාර කටකතාවන් හුවමාරු වෙන්න පටන් ගත්තා. ඇත්තෙන්ම එලෙස හුවමාරු වෙන කටකතාවන්ට පිළිතුරු ලබා දීමටයි ජනප්‍රිය නිළි ෂෙරිල් ඩෙකර් කටයුතු කර තිබුනේ. ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම ඔස්සේ සටහනක් යොදමින් ඊට පිළිතුරු ලබාදී තිබුණා. එහිදී ඇය සටහන් කර තිබුනේ මෙහෙම කතාවකුයි

” කාරුණික දැනුම්දීම මෙවැනි නින්දිත youtube channel කරන සියලුම දෙනා වෙත. අප දෙදෙනා Charity work අපට හැකි සෑම විටම කිරීමට කැමැති, නමුත් මෙම video වල සිටින සියලුම දරුවන් අපගේ සහෝදර සහෝදරයන්ගේ සහ අපෙගේ යහළුවන්ගේ දරුවන් ය. අප විසින් කිසිම ලමා නිවාසයක් පවත්වන්ගෙන නොයන බවත් මෙයින් දැනුම්දීමට කැමැත්තෙමු

මෙවැනි youtube vlog කරැවන් ඔවුන්ම ඔවුන්ගේම පුශ්න වලට උත්තර සපයමින් සිටින බැවින් මෙවැනි දේවල් වහාම නවත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නැති උවහොත් ඉදිරියේදී අප නී,තිමය පියවර ගන්නා ලෙස මතක් කර සිටිමි.” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්