Nov
12

අරක්කු සිගරට් නොබොන මා ජනපති කාලේ විස්කි ගැහුවයි කියන කතාව බොරුවක්

 
1217 Views
   
 

තමා විස්කි බිබී වැඩ කළ බවට ඇමැති මහින්දානන්ද කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්රතික්ෂේප කරන බවත් තමා සුරා සූදුවෙන් තොර බව බොහෝ දෙනෙක් දන්නා බවත් හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.

“පසුගිය අඟහරුවාදා මේ ගරු සභාවේ දී මගේ මිත්ර මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා මගේ නම සදහන් කරමින් කරන ලද කාරණා දෙකක් නිවැරදි කිරීම සඳහායි. එතුමාගේ කතාවේදී එක් තැනක කියනවා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ මගේ ආණ්ඩුවේ ඇමැතිවරු සමග විස්කි බිබී වැඩ කටයුතු කළ බව. මම ඒක සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරනවා. මේ රටේ මා ගැන දන්න හැම කෙනෙක්ම දන්නවා මම සිගරට් අරක්කු සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන කෙනෙක් වගේම ම ත් ද්ර ව් ය සම්බන්ධයෙන් පුළුල් ජාතික මර්දන නිවාරණ වැඩ සටහනක් ගෙන ගිය කෙනෙක්. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඒක නිසා ඒ ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්යක්. ඊළඟට දෙවෙනි කාරණය තමයි මේ ගරු සභාවේ දී එදා කියලා තිබුණා මම ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ නිල කාලය අවසන් වෙලා ගෙවල් තුනක් එකට එකතු කරලා ගෙයක් හදල ඒකෙ මම පදිංචි වෙලා තියෙනවා කියලා.

මේ ගැන මම දන්නවා සමහර මාධ්ය තුළත් මේ විදියේ කතාවක් ගියා. මේ ගරු සභාවේ මට මතකයි විපක්ෂ මන්ත්රීවරයෙකු දැනට මාස කිහිපයකට කලින් අවුරුද්දකට කලින් ඔය කතාව කියලා තිබුණා. ඒත් මම ඒ අවස්ථාවේ හිටියේ නෑ. මං බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම ඉන්න නිල නිවාසය මම ලබාගත්තේ අද සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාගෙන්. කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා තමයි ඇමතිවරයෙක් විදියට ඒ නිල නිවාස හිටියේ මම ඉන්නේ මේ නිවස ගෙවල් දෙකක් එකට එකතු කරලා මෙතැන පදිංචියට ඇවිල්ලා තිබෙන්නේ ඩී.බී විජේතුංග ජනාධිපතිතුමා. මේක සම්පූර්ණ වරද්දගෙන තමයි මේ විශාල ප්රචාරයක් ගෙන යන්නේ මම ගෙවල් තුනක් එකට එකතු කරලා ගෙයක් හදලයි කියලා. එතන සම්ටි ෆ්ලැට් තිබිලා තියෙන්නෙ එතකොට මේ සමිට් ෆ්ලැට් දෙකක් ඩී.බී විජේතුංග මැතිතුමා අගමැති වෙනකොට රණසිංහ ප්රේමදාස මැතිතුමා හිටියෙ අරලියගහ මන්දිරයේ.

ඒ නිසා ඩී.බී විජේතුංග ජනාධිපතිතුමාට ඒ සමිට් දෙකක් එකතු කරල මේකෙ හරිගස්සලා දීලා තිබිලා තියෙනවා එතුමට ඉන්න. ඩී.බී විජේතුංග මැතිතුමා හදපු පොල් ගස්, අඹ ගස් තමා දැන් අදත් තියෙන්නේ හොඳ පලදාව තිබෙන. එතකොට මේක සම්පූර්ණ අසත්ය කතාවක්. දැන් මේ අද මම ඉන්න ගේත් එළියට බොහොම ලස්සනට පෙනුනට මහින්ද රාජපක්ෂ අගමැති තුමා දැන් ඉන්න ගේ මේ මම දීලා තිබෙන මම සෞඛ්ය ඇමති කාලෙ හිටිය.

මේ ඔක්කොම පරණ ගෙවල්. දැන් ඒවා බිත්ති පුපුරලා. පරණ කබොක් ගල් තමයි මේවායේ හුඟක් බිත්ති නග්ගලා තියෙන්නේ. වහලවල් කැඩිලා. සිවිලිම කැඩිලා. මේ එළියට පේන සුඛෝපභෝගී තත්ත්වයක් මේවායේ නැහැ. ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනැ. මහින්දානන්ද මහත්මයාට නෙමෙයි මම උත්තර දෙන්නේ තුමාගේ කතාවට. ඒ කතාව මේ රටේ ජනතාව අහගෙන හිටපුවම ඒක ජනගත වෙනවා. මම ඉතාමත් කණගාටු වෙනවා අසත්ය කතාවක් කිරීම පිළිබඳව. ගෙවල් තුනක් එකතු කරලා මම එහෙම ගෙදරක ඉන්නවා කියා පරීක්ෂණයක් කර ඔප්පු කළොත් ඕනෑම වෙලාවක මම මන්ත්රීධූරයෙන් ඉවත් වෙන්න ලෑස්තියි.

ඒක නිසා ඕනෑම කෙනෙකුට මේ ගරු සභාවට හෝ ඕනෑම ආයතනයකට මේ රටේ ඒ ගැන පරීක්ෂණයක් කරන්න පුළුවන්. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා ජනමාධ්ය ඇමැතිවරයා වශයෙන් සිටින කාලයේ මේක තව ලස්සන කොටසක් එකතු කරලා තිබෙනවා එතුමා. විශේෂයෙන්ම මාධ්ය සාකච්ඡා පැවැත්වීම සඳහා මම ජනාධිපති කාලයේ එක බොහෝ වෙලාවට පාවිච්චි කළා. මේ වගේම මයික් ලස්සනට එ්කෙ තිබුණා. ඒවා ඔක්කොම ගලවල අයින් කළා මගේ නිල කාලය අවසන් වුණාට පසුව. ඒක නිසා මෙතුමා කළ ප්රකාශය ගැන මම ඉතාමත් කණගාටු වෙනවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්