Jul
2

මට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ගොවි මහතුන්ට අයිතියක් නෑ

 
1913 Views
   
 

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය දිරිමත් කරන්නේ විශාල දේශීය ආර්ථිකයක් ඒ මත පවතින නිසා බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔහු මේ බව පැවැසීය.

“සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළ තැනක පවතිනවා. මුළු ලෝකයේම එතැනට තමයි යන්නේ. ඒක ආපස්සට යෑමක් නෙ’මෙයි. ඉදිරියට යෑමක්.

අපි දන්නවා කාබනික පොහොරවලට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොරවලින් හදපු ආහාර. ඒවා කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මගේ ආ’රක්ෂක අංශයේ ඉන්න හුඟාක් අය ගෙන්නුවේ ගම්බද ප්‍රදේශවලින්. මම දන්නවා ඒ අයගේ පවුල්වල තියෙන ප්‍රශ්න.

අම්මා, තාත්තා, පොඩි අයට පවා වකුගඩු රෝග. පිළිකා රෝග. මේවාගෙන් කවුද දුක්විදිනේනේ. ගොවියා… එදා යම්කිසි මුදලක් පොහොරවලට ගෙව්වා ඒක අද නොමිලේ හම්බ වුණා. එදා රුපියල් 30ට වත් විකුණ ගන්න බැරිව විශාල මෝල් හිමියන් ගත්තේ රු 25 – 28 ගත්තේ වී.

අද අපි රු 50ක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50, 60, 70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්තයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.

හුඟක් අය හිතනවා මේ කුණු එකතුකරලා කොම්පොස්ට් හදලා ඒක ටොන් ගණන් කුඹුරුවලට දාන්න ඕන කියලා. එහෙම නෑ. අද තාක්ෂණය ඉතාමත් දියුණුයි. මේක එක පොහොරක් නවත්වලා තවත පොහොරක් දීමක් නෙමෙයි. මේක ආර්ථිකයක්. විශාල දේශීය ආර්ථිකයක් එක්කයි මේ යන්නේ.

මිලියන 8000ක් අපි පොහොර ගෙන්වන්න වැය කරනවා. මේ සල්ලි යන්නේ පිටරට ඉන්න සමාගම්වලට. මේ රටේ සමාගම් හතරක් පහක් තමයි සල්ලි හම්බ කරන්නේ. අපි ගත්ත මේ තීරණය නිසා මේ ආර්ථිකය දේශීය ආර්ථිකයක් බවට පත්වෙනා. අපිට පුළුවන් පොහොරවලට දීපු මුදල ගොවි මහත්තයා අතට දෙන්නේ.

පොහොර ප්‍රමාණය ලබා දෙනවා පමණක් නෙමයි පිටරටට ගිය මුදල ගොවි මහතට දුන්නා. රසායනික පොහොර භාවිතයේදී ඒ ඒ අවස්ථාවේදී ලැබුණා වගේ රසායනික පොහොර ඒ ඒ අවස්ථාවේදී දෙනවා. බයවෙන්න හේතුවක් නෑ. පොහොර සමාගම්වලට සම්බන්ධ ආයතන ගොවි මහතාව මුලා කරනවා. උද්ඝෝෂණ පෙන්වන සමහර මාධ්‍ය සමාගම් පොහොර ගෙන්වනවා.“

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්