Apr
20

‘ටැටු’ එකක් ගැහුවා කියලා මගේ ඇති සරාගිකමක් නැහැ

 
791 Views
   
I-don't-have-the-sexuality-to-get-a-'tattoo'  

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘චලෝ’ ටෙලි නාට්‍යය තුළ ඔබ දකින ප්‍රවිනා පෙරේරා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සිටින දක්ෂ.. ජනප්‍රිය.. පාපන්දු ක්‍රීඩිකාවකි. ‘ටැටු’ විලාසිතාවලටද ඉමහත් කැමැත්තක් දක්වන ඇය මෑතකදී ‘ටැටු’ විලාසිතාවක් සිදු කර තිබුණා. ඒ පිළිබඳව තොරතුරු අප ඇයගෙන් මෙසේ විමසා සිටියා.

ටැටූ’ එකක් අඳින්න හිතුවේ ඇයි?

‘ටැටු’ එකක් කරන්න ලොකු ආසාවක් මට තිබුණේ නැහැ. නමුත්, ‘ටැටු’ එකක් අඳින්න හිතේ අදහසක් තිබුණා කාලේක ඉඳලා මට. 2018 වසරේ මුලින්ම ‘ටැටු’ එකක් අඳින්න හිතුවා. එතකොටම මට විද්‍යාපිඨයට සම්බන්ධ වෙන්න ලියුම ආවා. ඉතින් ඒ අදහස එහෙම්ම අත්හැරුණා. මොකද, ‘ටැටු’ එකක් ඇදලා විද්‍යාපිඨයට යන්න බැරි නිසා. නමුත්, මෑතකදී යටගිය ඒ අදහස නැවත මතුවෙලා තමයි ‘ටැටු’ එකක් අඳින්න හිතුවේ.

ටැටු’ එකක් කරපු පළමු වතාව මේක නිසා බයක්.. චකිතයක්.. ඔබට දැනුණේ නැද්ද?

ආසාවෙන් ‘ටැටු’ එක කරන්න ගියාට පොඩ්ඩක් හිතේ බය තිබුණා. වැඩේ කරන කටු ටික දැක්කම ඔලුවත් එක්ක රිදෙන්න ගත්තා. මොකද, මම බෙහෙත් විඳින්න වුණත් කෙහොමත් බය කෙනෙක් හින්දා. කොහොම හරි ‘ටැටු’ එක කරන් යද්දි මට රිදෙන නිසා නවත්ත නවත්ත තමා ‘ටැටු’ එක ඇදලා ඉවර කළේ. හොඳම දේ තමයි ‘ටැටු’ එක කරලා පහුවෙනිදාට මට උණත් ගත්තා ඒ වේදනාවට.

ආයේ ‘ටැටු’ එකක් අඳින්න අදහසක් නැද්ද?

අපෝ නැහැ. මේක පළවෙනි වගේම අන්තිම ‘ටැටු’ එක මම ඇඳපු.

පවුලේ අයගෙන්  බලපෑමක් එල්ල වුණේ නැද්ද?

අම්මාට මම කියලා ගියේ ගම්පහට ගිහින් එන්නම් කියලා. මොකද අම්මා කොහොමත් කැමති නැහැ මම ‘ටැටු’ එකක් අඳිනවට.’ටැටු’ එක ඇදලා ගෙදර ආවට පස්සේ බැනුම් තමයි ඉතින්. පහුවෙනිදා මට උණ ගත්තත් අම්මාගේ තිබුණ කෙන්තියට මොකද කියලාවත් ඇහුවේ නැහැ. වෙනදාට පොඩි උණටත් අම්මා බෙහෙත් ටික ළඟටම ගෙනත් දෙනවා. ඒත්, එදා නම් කතා කළේවත් නැහැ. මගේ මල්ලිත් එහෙමයි. ‘ටැටු’ එක දැකපු වෙලාවේ ඉදන් එයාත් මා එක්ක කතා කළේ නැහැ.

ටැටූ’ එකක් ඇන්දාම සමාජයේ තියෙන පිළිගැනිමේ අඩුවක් තියෙනවාද?

මම ‘ටැටු’ එක කරලා ආවාට පස්සේ මාත් එක්ක හොඳට කතා කරපු අයත් සැහෙන්න වෙනස් වෙලා. කතා කරන්නෙත් හරි අඩුවෙන්. නමුත්, ‘ටැටු’ කියන්නේ කලාවක්. ‘ටැටු’ එකක් හැමෝම කළාට ඒ කෙනා හැසිරෙන විදිය අනුව එක එක වර්ගවලට බෙදන්න පුළුවන්. නමුත්, මේක මම කළේ මම කැමතිම ක්‍රීඩාව වෙනුවෙන්. මොකද, පාපන්දු ක්‍රීඩාව කළේ නැත්නම් ප්‍රවිණා කෙනෙක් අද බිහි නොවන්න තිබුණා. ඒකට ගෞරවයක් විදිහට තමයි මම මේ ‘ටැටු’ එක ඇන්දේ.

සමහරුන්ගේ මතය නම් ටැටූ එකක් ඇන්දාම සරාගි බවක් ඉන් මතුවෙනවා කියලා?

මගේ නම් ඇති සරාගිකමක් නැහැ. ගොඩක් අය නම් ආසයි මම ඇදපු ‘ටැටු’ එකට. මොකද,  ලංකාවේ කිසිම කෙනෙක් ඒ වගේ ‘ටැටු’ එකක් ඇදලා නැති නිසා. ඒක ගොඩක් අදාල වෙන්නේ පාපන්දු ක්‍රීඩාවත් එක්ක. ඒ නිසා ඒ ‘ටැටු’ එක ගැලපෙන්නේම මම වගේ පාපන්දු ක්‍රීඩවේ නිරත වෙන කෙනෙක්ට තමා.

ඔබගේ යාළුවෝ ඉන්නවාද ටැටූ ඇඳපු?

ඔව්, මම ක්‍රීඩා කරන පාපන්දු කණ්ඩායම්වල ඉන්නවා ‘ටැටු’ කරපු අය. ඒවා හරි ලස්සනයි. කලාත්මකයි. බොහෝ විට ඒ ඇතිවුණ කැමැත්ත නිසාම තමයි මාව ‘ටැටු’ එකක් කරන්න පෙළෙඹුවේ කියලා මම හිතෙනවා.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්