Dec
1

ලංවිම විරෝධය – ඉන්ජිනේරු සංගමය එද්දී සභාපති මාරු වෙයි

 
972 Views
   
 

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ක්රියාකලාපයක් මූලික කරගනිමින් මේ වන විට ලංවිම ඉංජිනේරු සංගමයේ සේවකයින් පිරිසක් ප්රධාන කාර්යාලය අසල විරෝධය පළ කිරීම සඳහා ඒකරාශී වී සිටින බව එම සංගමයේ සභාපති ධම්මික විමලරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, නිව් ෆෝට්රස් ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඉන් වැළකී සිටි සේවකයින් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සභාපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව අද (01) දින මෙම විරෝධය පළ කරන බව ය. 

මෙම තීරණය සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමයට අදාළ සේවයින් 300 දෙනෙකු පමණ මේ වන විට සභාපති කාර්යාලය අසල විරෝධය දැක්වීමට එක්ව සිටින බව ඔහු පැවසීය. 

මෙම අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සභාපතිවරයා මුණ ගැසීමට එම සංගමය උත්සාහ දැරුව ද මේ වන විට සභාපතිවරයා ආයතන පරිශ්රයෙන් ”අ තු රු න් වී ඇතැයි” ඔහු සඳහන් කළේ ය. 

සභාපතිවරයා ආයතන පරිශ්රයෙහිදී මුණගැසීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට උපසභාපතිවරයා මුණගැසී, අනිවාර්ය නිවාඩු යවා ඇති අදාළ නිලධාරීන් දෙදෙනාගේ එම නිවාඩු ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළේ ය. 

අදාළ සේවකයින් දෙදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දැක්වීම සඳහා ප්රධාන කාර්යාලයට ඒකරාශී වූ සේවක පිරිස තවදුරට ත් ආයතන පරිශ්රය තුළ රැඳී සිටින බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්