Nov
5

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

 
742 Views
   
 

රට තුළ ඇතිවූ කොවිඩ් වසංගත තත්වයත් එක්ක දේශීය වෙදකම් ප්රවර්ධන, ග්රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්රජා සෞඛ්ය රාජ්ය අමාත්යාංශය වැඩසටහනක් රාශියක් ආරම්භ කළා. අපි ඒ පිළිබඳව අමාත්යාංශය ලේකම් කුමාරි වීරසේකර මහත්මියගෙන් විමසා සිටියා . 

කොවිඩ් වසංගතය වැළඳී සුවවූ බොහෝ දෙනෙක් විවිධ සංකූලතා වලට ලක් වී ඇතිබව වාර්තා වුණා.ඒ අනුව අපි වික්රමාරච්චි ආයුර්වේද රෝහලේ මුල්ම පශ්චාත් කොවිඩ් ඒකකයක් ස්ථාපනය කළා.ඉදිරියේදී සෑම ආයුර්වේද රෝහලකම වෙනම පශ්චාත් කොව්ඩ් ප්රතිකාර ඒකක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දිනයක අතිගරු ජනාධිපති තුමා අපට උපදෙස් දුන්නා රටේ සියලුම පවුල් සඳහා දේශීය ඖෂධ ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන්න කියලා. 

ඒ අනුව ප්රතිශක්තිජනක ඖෂධ, ඖෂධීය පානයන්, ඖෂධීය කැඳ පානයන්ගෙන් සමන්විත ඖෂධ මංජුසාවක් අපි ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන අපි පියවර කිහිපයක් යටතේ ක්රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී පළමු පියවර විදියට පන්සල්, පල්ලි,කෝවිල් ආදී ආගමික සිද්ධස්ථාන වලට මුලින්ම අපි මේ ඖෂධ මංජුසාව ලබා දෙන්න කටයුතු කරනවා. දෙවන අදියරේදී අපි තිබෙන ප්රතිපාදන හා තත්ත්වයන් මත වැඩි අවධානම් තිබෙන ප්රදේශ, දිස්ත්රික්ක පදනම් කරගෙන අඩු ආදායම්ලාහී පවුල් වල ජනතාවට මෙම ඖෂධ මංජුසාව ලබාදීමට බලාපොරොත්තු වෙනවා. 

අවසාන අදියරේදී සියලුම ජනතාවට මෙය ලබාදෙන්න කටයුතු කරනවා. අපේ රටේ මේ ආයුර්වේද ප්රතිකාර වලට උනන්දු වන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් අපේ සේවය ලබා දෙනවා. මේ වෙනකොට වෙනදාටත් වඩා කාර්යක්ෂමව අපේ ආයුර්වේද කොමසාරිස්වරුන්, ප්රජා සෞඛ්ය නිලධාරීවරුන් එකතු වෙලා ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනවා. විශේෂයෙන්ම ආයුර්වේද ප්රතිකාර වලදී රෝගයට ප්රතිකාර කරනකොට ඊට සමගාමීව අපේ දැනුවත් කිරීමේ වැඩසටහන් අපි කරගෙන යනවා. 

අපි නව තාක්ෂණය භාවිතා කරමින් සමාජ මාධ්ය හරහා අපේ දැනුවත් කිරීම් පුළුල් කරලා තියෙනවා. සුව ධරණී සුව චර්යා කියන තේමාව යටතේ නිවැරදිව ජීවිතය ගතකරන්නේ කොහොමද කියලා අපි දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපිට උරුම වෙලා තිබුණු වසවිසෙන් තොර ආහාර සංස්කෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කරලා නිවැරදි අහාර රටාවට හුරු කරනවා. ජනතාව නිවැරදි චර්යාවන් ඔස්සේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා ඉදිරියේදී ක්රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් රැසක් පිළිබඳවත් ලේකම් තුමිය අපව දැනුවත් කළා. 

අපි නව වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර අතර මුලින්ම අපි පාසල් ළමුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉදිරියේදී පාසල් ආරම්භ කරන්න සූදානම් වෙනවා. අතිගරු ජනාධිපති තුමා අපිව දැනුවත් කළා මේ දරුවන් දේශීය ඔසු වලට පුරුදු කරන්න කියලා. අපි ඒකට වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. මුලින්ම ළමුන් 100 ට අඩු පාසල් වලින් මේ වැඩසටහන ආරම්භ කරනවා. අපි දරුවන්ට සුවධරණී පානය සහ ඖෂධීය කැඳ එකක් ලබා දීමට සාකච්ඡා කරගෙන යනවා. 

එත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා අධ්යාපන අමාත්යාංශයත් එක්ක එකතු වෙලා මේ දරුවන්ගේ විෂය මාලාවට අපේ දේශීය වෙදකම ගැන ඇතුළත් කරන්න ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා පාසල් වල ආයුර්වේද සමාජ පිහිටවලා ඒ හරහා වැඩසටහන් ක්රියාත්මක කරන්න. උදාහරණයක් ලෙස දැනුම මිනුම තරඟ, ඔසු උයන් ඇති කිරීම ආදී වැඩසටහන් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ආයුර්වේද ප්රතිකාර සඳහා භාවිතා කරන ඔසු වර්ග දේශීයව වගා කරන්න. මොකද දේශීය ඔසු නිෂ්පාදනයට අවශ්ය කටුවැල් බටු, සැවැන්දරා මුල්, සාරණ මුල් ආදී බොහොමයක් ඖෂධ මේ වනවිට ආනයනය කරනවා. ඒ නිසා දේශීය වෛද්ය අමාත්යාංශය සැලසුම් කරලා තියෙනව එවැනි ඖෂධ මෙරට වගා කරන්න ගොවිමහතුන් දිරිගන්වලා මෙරට නිෂ්පාදනය වැඩිකරන්න. 

ඒ අනුව ලබන වසරේ ජූනි මාසය වනවිට මෙරට වගා කරන්න පුළුවන් සියලුම ඖෂධ ආනයනය කිරීම තහනම් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්යාපෘතිය ලෙස තමයි මෙම වැඩසටහන නම් කරලා තියෙන්නේ. ඒ හරහා අපේ රටේ ඉන්න ගොවිමහතුන්ට වැඩි ආදායමක් ලබන්නත් හැකි වෙනව. එක පැත්තකින් ඒක රටටත් සේවයක් වෙනවා. අපිට පිටරට වලට වන විදේශ විනිමය අපේ රට තුළම ඉතිරි කරගන්නටත් අපට හැකිවෙනවා. ඊළඟට අපි සියලුම ලියාපදිංචි වෛද්යවරුන්ගේ තොරතුරු ඇතුළත් කරලා වෙබ් අඩවියක් ආරම්භ කරල තියෙනවා අපේ වෙද මහත්තයා කියලා. 

මේ හරහා තමන්ට අදාළ රෝගය සඳහා තමන්ට අවශ්ය වෛද්යවරයා පහසුවෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ පාරම්පරික වෛද්යවරුන්ගේ සේවය හැමකෙනාටම ලබාගන්න හැකිවන පරිදි ඊ චැනලින් ක්රමවේදයක් හඳුන්වා දීමටත් සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව අපි පාරම්පරික වෛද්යවරුන්ගේ නාමාවලියක් සකස් කරලා මේ වනවිට පළමු වෙළුම නිකුත් කරලා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා මේ වනවිට අපේ සංචාරක කර්මාන්තය අඩාල වී තිබුණත් අපේ හෙළ ඖෂධ වලට සහ හෙළ වෙදකමට විදේශිකයන්ගේ ලොකු ආකර්ෂණයක් හා ලොකු ඉල්ලුමක් තිබෙනවා. 

නැවත සංචාරක කර්මාන්තය ආරම්භ වී තිබෙන නිසා තානාපති කාර්යාල හා සම්බන්ධ වෙලා අපේ දේශීය ඖෂධ විදේශ රටවල තව තවත් ප්රචලිත කරන්න බලාපොරොත්තු වෙන වන බව අමාත්යාංශ ලේකම් තුමිය අප සමඟ ප්රකාශ කර සිටියා. ඒවාගෙම පංචකර්ම වැනි ප්රතිකාර බලාපොරොත්තුවෙන් මෙරටට එන සංචාරකයන් වෙනුවෙන් දැනට හෝටල් ආශ්රිතව ක්රියාත්මක වන පංචකර්ම මධ්යස්ථාන වල ගුණාත්මකභාවය වැඩිදියුණු කරලා ඒවා නියාමනය කරන්නත් සැලසුම් කරලා තියෙනවා. 

ඒත් එක්කම දේශීය වෛද්ය අමාත්යාංශය තවත් සුවිශේෂී කටයුත්තකට මුලපුරලා තියෙනවා. ඒ තමයි බටහිර වෙදකමින් සම්පූර්ණයෙන්ම සුවකළ නොහැකි එහෙත් දේශීය වෙදකමෙන් නිට්ටාවටම සුවකළ හැකි ස්නායු රෝග, බගන්දරා, ආඝාත, ආතරයිටිස් ආදී රෝග සඳහා ප්රතිකාර කිරීමට තෝරාගත් රෝහල් වල වෙනම ඒකක පිහිටුවලා ඒ රෝහල් එම රෝග සඳහා විශේෂිත රෝහල් බවට නම් කරන්න. ඒ අනුව රෝගීනට පුළුවන් නේවාසිකව ප්රතිකාර ලබාගෙන නිට්ටාවටම සුවවෙන්න. ඊට අමතරව තමන්ට නිදහසේ ප්රතිකාර ගන්න අවශ්ය නම් ගෙවීම් වාට්ටු වල ප්රතිකාර ලබා ගැනීමේ පහසුකම් අපි සලසල දීල තියෙනවා. 

ඒවාගේම ආයුර්වේද ජංගම ප්රතිකාර ක්රමය හරහා ගෙවල් වල සිට ප්රතිකාර ලබාගැනීමටත් ක්රමවේද සකස් කරල තියෙනව. විශේෂයෙන් නිවෙස්ගතව ඉන්න වැඩිහිටි පුද්ගලයන්ට තෙල් සාත්තු කිරීම වැනි ප්රතිකාර ක්රියාත්මක කරල තියෙනවා. එම පවුලේ කෙනෙකුට හෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන කෙනෙකුට එම ප්රතිකාර කරන අයුරු පුහුණු කිරීමටත් සැලසුම් කර තිබෙනවා. අත්තටම අද වනවිට සමාජයේ දකින්න ලැබෙන දෙයක් තමයි අපේ යහපත් හුරුපුරුදු, අපගේ ගුණධර්ම, අපට තිබුණු වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතිය අපෙන් ගිලීහී ගිහිල්ලා තියෙනවා. අපිට අද ලෝකය ගත්තොත් දකින්න තියෙන දෙයක් තමයි මිනිසුන් දැන් ටික ටික අපේ පැරණි වටිනාකම් සොයාගෙන යන ප්රවණතාවක් ඇති වෙලා තියෙනවා. 

ඒක නිසා අපි පුළුවන් තරම් කෙටි කෑම, ක්ෂණික කෑම වලින් ඈත් වෙලා සෞඛ්ය සම්පන්න ආහාර වේලකට හුරුවෙන්න ඕනේ. ඒවාගේම අපිට එදා තිබුණ හොඳ ආධ්යාත්මික ශක්තියක්. අපි අනිවාර්යෙන්ම ඒ ආධ්යාත්මික ශක්තිය කෙරෙහිත් අවධානය යොමුකරන්න අවශ්යයි. අපේ තිබෙන ජීවන රටාව කයට, මනසට, පරිසරයට, සමාජයට හානි නොවන පරිදි යහපත් ලෙස පවත්වාගෙන යනවා නම් නිරෝගී යහපත් දිවියක් ගත කරන්න අපිට හැකිවෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්