Sep
4

චීන – ලංකා මිත්‍ර සහයෝගිතා වර්ධනය වෙයි

 
385 Views
   
 

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කො විඩ් අභියෝගය ජය ගැනීමට උපරිමයෙන් ශක්තියක් වන බව චීන රජය පවසයි. පවතින කො ව්ඩ් තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝගයන් ජය ගැනීමට උපරිම සහයෝගය ලබාදෙන බව චීන පාර්ලිමේන්තු කතානායකවරයා පවසයි. වසර හතකට පෙර චීන ජනපතිගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව චීන රජය මැදිහත් වීමෙන් අප රට තුළ ව්‍යාපෘතින් රැසක් ඇරඹුණු අතර ඒවා ඉතාමත් සාර්ථක වූ අතර ශ්‍රී ලංකා චීන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇඟලුම්, තේ සහ මැණික් කර්මාන්ත යන ක්ෂේත්‍ර වලට, චීන වෙළඳපොළට ප්‍රවිශ්ඨ වීම සඳහා සියලු පහසුකම් ලබාදෙන ලෙස මෙරට මුදල් අමාත්‍යවරයා විසින් චීන රජයෙන් ඉල්ලීමක්ද කර ඇත.

එමෙන්ම චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටුවීම සඳහා සියලු පහසුකම් සැලසීමටද පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා පවසයි. චීනයේ සමීපතම මිතුරෙකු වශයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම සහයෝගය ලබාදෙන බවත්, කො විඩ් තත්ත්වය පහව යාමත් සමඟ දෙරට අතර දූත පිරිස් සංචාරයන් මඟින් අන්‍යොන්‍ය සහයෝගිතාවය වඩාත් ඉහළ තලයකට ඔසවා තබාගත හැකිවන බව චීන කතානායකවරයා පවසයි. මේ සියල්ල සාකච්ඡාවට බඳුන් වූයේ Zoom තාක්ෂණය ඔස්සේ චීන රජයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික හමුවකදීය.

එහිදී අප රට කො විඩ් වසංගතය නිසා උද්ගතව ඇති තත්ත්වයට සහයෝගය දක්වන ලෙස අප මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලා සිට අතර, එයට උපරිම සහය එරට ජනාධිපතිතුමන් ගේ අවසරයද ඇතිව ලබා දෙන බවට අවසාන වශයෙන් චීන කතානායකවරයා පවසා ඇත. කෙසේ වෙතත් වත්මන් රජය කො විඩ් වසංගතය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කරමින් යන අතරම රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව වර්ධනය කර ගන්නා ආකාරය සැබැවින්ම ප්‍රසංසනීයයි. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්