Jan
1

“මගේ සම්බන්ධයක් තියෙනවා. එයාගේ වගේම අපේ ගෙවල් වලිනුත් අකමැතියි”

 
621 Views
   
 

රුක්ෂානා දිසානායක. පසුගිය කාලයේ ඇගේ රුව ඔබට පුංචි තිරයේ ආගන්තුක වුණේ නැහැ. ඒත් එක දිගට දුටුව ඇගේ රුව මේ දවස්වල හිටි හැටියේම ‘කොළඹ ඉතාලිය’, ‘නීලපබළු’ කියන ටෙලි සිත්තම් දෙකකට පමණක් සීමා වුණේ මොකද කියලා බලන්න අපි ඇයට කතා කළා. 

හිටපු ගමන්ම මොකද වුණේ ?

වැඩ ගොඩක් අඩු වුණා. ඇත්තටම අලුත් අයත් ගොඩක් එනවා. එහෙම තමයි ඉතිං. 

ඒ කියන්නේ ? 

හුඟක් අධ්යක්ෂවරු කැමතියි එකම මුහුණ දකිනවාට වඩා වෙනස් මුහුණුවලට. හැමදාම එක් එක් විවිධත්වයකින් යුක්ත මුහුණු හඳුන්වලා දුන්නාට පස්සේ පුංචි තිරය නරඹන්නන් වුණත් ඒ මුහුණු බලන්න ප්රිය කරනවා. 

අධ්යක්ෂවරුන්ට ඔයාව අමතකයි ?

එහෙම නොවෙයි. අපි එක දිගටම චරිත කරලා අපේ මුහුණු නිතරම දැකලා නරඹන්නන්ට පුරුදුයි. ඒකෙන් මිදිලා අලුත් අය එනකොට ප්රේක්ෂකයෝ ඒ චරිතවලට බොහොම ආසයි. එතකොට ඒ චරිත නිර්මාණය කරන්න අධ්යක්ෂවරුන්ටත් ලේසියි. 

ඔයාට වුණෙත් ඒකද ? 

එහෙමත් නැහැ. එක දිගට වැඩ හම්බවෙන අයත් ඉන්නවා. ඒකට වාසනාව, දක්ෂතාවත් තියෙන්න ඕනේ. 

ඒ දෙකම ඔයාට නැද්ද ? 

උපරිමයෙන්ම නැහැ කියලා හිතෙනවා. 

ඒ තරමට අසුබවාදියිද ? 

අසුබවාදී නොවෙයි. මම එහෙම ලොකු වාසනාවන්තියක් නෙවේ. සාමාන්යයෙන් ජීවිතයේදි මට කිසිම දෙයක් වාසනාවට ලැබිලා නැහැ. බොහොම දුක් විඳලා, මහන්සි වෙලා තමයි මට හැම දෙයක්ම ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. 

තරුණ ඔබ නැන්දා කෙනෙක්ගේ චරිතයක් කරනවා ? 

ඇත්තටම මම ඒ චරිතයට ආස නැහැ. ඒත් මොකද කරන්නේ අපි කැමැතිම චරිත නිතරම ලැබෙන්නේ නැහැ. 

ඇයි එහෙම සිද්ධ වෙන්නේ ? 

ඒත් ඒ වගේ මගේ වයසට වඩා චරිත කරනකොට අපට ලැබෙන්න තියෙන වෙනත් අවස්ථා අඩුයි. එහෙම කියන්නේ නිර්මාණ කරන සමහරු මට කතා කරලා අහන්නේ, ඔයා නැන්දාගේ චරිතය කළාට පස්සේ අපි වෙන චරිතයකට ඔයාව ගන්නේ කොහොමද කියන එකයි. අනෙක් එක ක්ෂේත්රයේ ඉන්න අය වගේම අනෙක් අයත් අහනවා, ඔයා තවම තරුණයි, ඒ වගේ චරිතයක් කරන්න භාරගත්තේ ඇයි කියලා. 

එතකොට ? 

මමත් ඒ චරිතයට කැමැත්තෙන් භාරගත්තා නොවෙයි. ඒ චරිතයට කතා කරපු නිසා භාරගත්තා. ඒ නිසා පුළුවන් විදියට ඒ චරිතයට සාධාරණයක් කරනවා. 

කැමැතිම චරිත ගැන කිව්වොත් ? 

ලැබිලා තියෙනවා. සමහර චරිත අපි බලාපොරොත්තු වන විදියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලැබෙන චරිතයක් කරනවා. ඒක මට ලැබෙන්නේ සුදුසු චරිතයක් වෙන්න ඇති කියලා. 

චරිතවලදි සීමා මායිම් පනවනවා ? 

ගොඩක් අසංවර විදියටම අඳින්නේ නම් නැහැ. අපේ අම්මා ඒකට අකමැතියි. මමත් ඒකට අකමැතියි. එහෙම ඇරෙන්න චරිත තෝරා බේරා ගැනීමක් නම් කරන්නේ නැහැ. 

පවුලේ අය ගැනත් කියමු ? 

මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි තමයි මගේ පවුල. මුලින්ම තාත්තා නම් මම රඟපානවට අකැමැති වුණා. ඔහු මුස්ලිම්. ඒ අයගේ සංස්කෘතියේ තිබෙන දේවල් එක්කයි එහෙම වුණේ. අම්මා නම් මම රඟපානවට කැමැතියි. මගේ රඟපෑම් කටයුතුවලට ගොඩක් උදවු කළේ ඇය තමයි. ඈ කියන්නේ තමන්ගේ සතුට තියෙන්නේ කොතනද ඒ දේ කරන්න ඕන කියලයි. පස්සේ තාත්තාත් ඒකට විරුද්ධ වුණේ නැහැ. දෙන්නම කියන්නේ මොන රැකියාවක් කළත් තමන්ගේ ගෞරවය තියාගන්න කියලා. 

ඔබට ආගම් දෙකක ආභාෂය ලැබිලා ? 

ඔව්. මම මේ ආගම් දෙකම අදහනවා. ගරු කරනවා. මම පන්සල්, කෝවිල්, පල්ලිය කියන ස්ථාන තුනටම යනවා. ආගම, ජාතිය කියන මේවා මිනිස්සු විසින් හදාගත්ත දේවල්. ඒවා මොනවා වුණත් හොඳින් ජීවත් වෙන්න ඕන. 

ඒත් ඔබේ නම ? 

මගේ නම පාතිමා රුක්ෂානා ෆයිරූස්. ක්ෂේත්රයට එනකොට භාවිතයේ පහසුව සඳහායි මම රුක්ෂානා දිසානායක කියන නම පාවිච්චි කළේ. ඒක මගේ අම්මාගේ වාසගම. 

ඔබ නටන්නත් දක්ෂයි ? 

මම සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ නර්තනය හැදෑරුවේ. මේ වනවිට උපාධිය අවසන් කරලා නර්තන ගුරුවරියක් වෙන්නයි හිතාගෙන ඉන්නේ. ඒ වෙනතුරු රුක්ෂානා දිසානායක ඩාන්සින් ඇකඩමි කියලා නර්තන ආයතනයක් පවත්වාගෙන යනවා. 

ඔහොම ඉන්නද කල්පනාව ? 

තාම නම් එහෙම දෙයක් නැහැ. ගැළපෙන කෙනක් හම්බ වෙනකම් ඉන්න එපැයි. 

එතකොට ඉන්න කෙනාට ? 

මගේ සම්බන්ධයක් තියෙනවා. ඒකේ පොඩි පොඩි ප්රශ්න වගයක් තියෙනවා. එයාගේ වගේම අපේ ගෙවල්වලිනුත් අකමැතියි. ඒ නිසා හැමදේම ඉවසලා බලනවා. 

එයාව හමුවෙන්නේ ? 

මේ ක්ෂේත්රයේදියි. පොඩි වයස් පරතරයක් නිසා දෙපැත්තෙන්ම පොඩි අකමැත්තක් තියෙනවා. 

ඔය දෙන්නා කැමති නම් ? 

ඒත් දෙපැත්තෙම වැඩිහිටියන්ගේ ආශිර්වාදය නැතුව එකතු වෙන එකේ තේරුමකුත් නැහැ. 

එහෙම නම් ? 

කොහොම වේවිද දන්නේ නැහැ. කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා. දුකයි. නවත්තන්න කියලා ගෙවල්වලින් බල කරනවා. ආදරය ඇති වෙන්න ලේසියි. නැති වෙන්නයි අපහසු. 

 

තිලානි ශානිකා විතානාච්චි

මෙන්න බලන්න තවත් ගොසිප්