Feb
27

” මම හිතන්නේ මිනිස්සු ගොඩක් කට කතා නිර්මාණය කරන්නේ අපි ෆේමස් නිසායි ” තරුණයන්ගේ සිහින කුමරිය සනුද්‍රි ප්‍රියසාද්

 
566 Views
   
 

මෙරට ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් ජනයා අතර කතාබහට ළක්වන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. කලාවට සම්බන්ධ ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ ප්‍රියසාද් පවුලට ලාංකිකයන් හැමෝම වගේ ආදරය කරනවා. ඉතින් මේ පවුලෙන් පැවත එන දක්ෂ වගේම තරුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියල කියන්නේ. ඇත්තෙන්ම ලංකාවේ ප්‍රසිද්ධ පවුලක උපන් ඇයට උපතින්ම ඉතා හොද රංගන හැකියාවක් වගේම ඉතාමත් හොද නර්තන හැකියාවකුත් තිබෙනවා

කොහොම නමුත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණු මේ සුන්දර තරුණිය අපට අනතුරුව දිවිතුරා ටෙලි නාට්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි මේ සුන්දර චරිතය සිය රංගන දායකත්වය ලබාදුන්නු ටෙලි නිර්මාණ කිහිපයක් හැටියට කිස්, තාදි වැනි ටෙලිනාට්‍ය හදුන්වන්න පුලුවන්. කොහොම උනත් ටෙලිනාට්‍ය වලට අමතරව නිරන්තරයෙන් ලස්සන ෆොටෝශූට් අලුත් මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටින ශනුද්‍රි සමගින් තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ

ඇත්තටම මේවෙද්දී ඔබේ පවුලේ තිදෙනෙකු රංගන ක්ෂේත්‍රය තුළ රැදී ඉන්නවා. ඉතින් ඉතින් මිනිසුන්ගේ විවිධ කට කතා අහන්න වෙනවා ඇති නේද ?

මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි අක්කලා දෙන්නයි මමයි අතරේ ප්‍රශ්න නැහැ. අපි ලොකු සහයෝගයකින් තමා වැඩ කරන්නෑ. මිනිසුන් විවිධ කතා කියනවා. මිනිසුන් ගැන කියන කතා අපිට නම් වැඩක් නැහැ. මම හිතන්නේ මිනිස්සු ගොඩක් කට කතා නිර්මාණය කරන්නේ අපි ෆේමස් නිසා. අපිත් සාමාන්‍ය අය වුනානම් කවදාවත් ඔවුන් අපිට කටකතා නිර්මාණය කරන්නේ නැහැ

ඔබට ඉන්නේ අක්කලා දෙන්නෙක්, ඔබ තමයි පවුලේ බාලයා වෙන්නේ. ඉතින් අරක කරන්න මේක කරන්න එපා කියලා ඔබට වැඩිපුරම උපදෙස් දෙන්නේ කවුද ?

මට වැඩිපුරම ඒ වගේ දේවල් කියන්නේ ලොකු අක්කා. අම්මා නම් හැමදේටම හොඳයි කියනවා. හැබැයි තාත්තානම් වෙලාවකට ඒ දේවල් බලන්නෙත් නැහැ. මාව හැමදේකටම තල්ලු කරන්නේ ලොකු අක්කා. ලොකු අක්කා වගේම තමා සාරංග අයියාත්

දිවිතුරා ටෙලි නාට්‍යය කියල කියන්නේ මේ දිනවල ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍යයක්. ඉතින් මේ ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට එන ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊෂා කියන චරිතය ගොඩක් අය ආදරෙන් වැළඳ ගෙන තියෙනවා. මේ චරිතයට මම වුණත් ගොඩක් කැමතියි. මොකද ඒක වෙනස්ම අත්දැකීමක්.එකේ රූගත කිරීම් වුණත් සිද්ධ වෙන්නේ වෙනස්ම පළාතක. ඒ කොහොම වුණත් ප්‍රියසදේ පවුල කියන්නේ බොහෝ දෙනෙක් කතා කරන පවුලක්. මුළු පවුලම කලාවට සම්බන්ධයි. ඒ පවුලේ බාලයා විදිහට ශනුද්‍රි ද බොහෝ දෙනෙකුගේ ආදරය ලැබෙනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්