තම දරුවන් 5 දෙනා කැලයක අතරමං කර පැන ගිය මවක් පිළිබඳ පුවතක් වාරියපොල ප්රදේශයෙන් වාර්තා වනවා. ඇය වාරියපොල අඹකඩවර ප්රදේශයේ පදිංචිකාරියකි.
මෙලෙස තම දරුවන් කැලයක අතරමං කළ මව සිය අනියම් සැමියා සමග පලා ගොස් තිබෙනවා. කැලෑබද ඉඩමක දරුවන් පස්දෙනෙකු හඬ මය සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිසිය කුඩා දරුවන් 5 දෙනා සිය භාරයට ගැනුනා.
ඔවුන් වයස අවුරුදු 2ත් 12ත් අතර වන බවයි වාර්තා වන්නේ. දරුවන්ගේ පියා මත්පැන් වලට ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු වන අතර ඔහු බීමතින් සිටින අවස්ථාවක මෙලෙස මව විසින් දරුවන් කැලයට ගෙන ගොස් අතරමං කර පලා ගොස් තිබෙනවා.
පොලීසිය භාරයට ගත් දරුවන් පරිවාසයට යොමු කිරීමට නියමිත අතර ඒ වනතුරු තාවකාලිකව ඔවුන් වෙනත් ඥාති නිවසක රඳවා තිබෙනවා.