Feb
13

පුංචි තිරයේ අහිංසකාවිය නිපුනිකා හේවාගමගේ අලුත උපන් දියණිය සමගින් කළ ෆොටෝශූට් එක

 
1020 Views
   
 

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ කාලයෙන් කාලයට නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් ජනප්‍රියත්වයට පත්වෙන අතර ඉන් අතලොස්සක් තමයි සිය ජනප්‍රියත්වය එක ලෙසින් පවත්වා ගන්නේ. ඉතින් එලෙස එදා මෙන්ම අදටත් සිය ජනප්‍රියත්වය එකලෙසින් රදවාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියල කියන්නේ. ඇත්තෙන්ම ඇය කලා ලෝකයේ තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ආදරණිය ලෙස ජිවත් වෙන රංගන ශිල්පිනියක ලෙස අපට හදුන්වන්න පුලුවනි

කොහොමහරි ඉතින් ඉතාමත් සුන්දර රුවකට වගේම සුන්දර සිනහවකට හිමිකම් කියන ඇයට ලාංකීය ජනයාගෙන් හිමිවෙන්නේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්. මේ අතර ඇගේ නිහතමානී බවට මෙරට හැමෝම වගේ ආදරය කරනවා. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇය දක්ෂ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා

කෙසේවෙතත් කලකට ඉහතදී ඇයගේ විවාහ මංගල්‍ය පැවති අතර මංගල උත්සවයේදී ඇයගේ නර්තනය ගැන හැමෝම කතා වුනා. ඒ ඇගේ නර්තන දක්ෂතාවය නිසාවෙන්මයි. කොහොම නමුත් ඇගේ විවාහය පිළිබඳ කතා කරනවානම් ඇය විවාහ වෙන්නේ මෙරට ව්‍යාපාරිකයෙකු වන ලහිරු සමගයි. එලෙස විවාහවෙන ඇයව අපට ක්ෂේත්‍රය තුළ වැඩිය දැකගන්නට ලැබුණේ නැහැ. ඇත්තෙන්ම විවාහයෙන් පස්සේ නිපුනිකා කලාවෙන් ඈත් වුනා කියලා කිවුවොත් නිවැරදියි. ඒ බව ඇය කලින්ම කියා සිටියා

කොහොමහරි ඉතින් විවාහයෙන් පස්සේ මුල් තැන දෙන්නේ පවුල් ජිවිතයට බව කියපු ඇයව කාලයක් පුරාවට අපට කලාව තුළින් දැකගන්නට නොලැබුණු අතර ඇය ගැන සතුටුදායක ආරංචියක් අද අපට අසන්නට ලැබුණා. ඒ නිපුනිකා උතුම් මව් පදවිය ලැබීම පිළිබඳ සතුටුදායක ආරංචියක්. ඇත්තෙන්ම ඇය පසුගියදා සිගිති දියණියක් බිහිකර තිබෙනවා

කොහොමහරි ඉතින් පුංචි දියණිය එක්ක පවුලේ හැමෝම එකතුවෙලා ලස්සන ෆොටෝ ෂුට් එකක් කිරීමටයි නිපුනිකා කටයුතු කර තිබුනේ. මේ පුංචි දියණියගේ නම තමයි කායා. ඉතින් මව් පදවිය ලබපු ඇය චුටී දෝනි තුරුළු කරගෙන සැමියා සහ අම්මා තාත්තා හැමෝම සමගින් තමයි මේ ෆොටෝශූට් එක කර තිබුනේ. one dulani photography විසින් තමයි මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ. ඉතින් මේ විදිහට පසුගියදා උතුම් මව්පදවිය ලැබු නිපුනිකාටත් ඇගේ පුංචි දෝනිටත් අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්