Dec
18

අඟහරුගේ අතුරුදහන් වූ ජල තැන්පතුව හමුවෙයි – අතුරුදන් වූ ජලයෙන් 40%ක්ම පවතින බව සොයා ගනී

 
2835 Views
   
 

අඟහරු ග්රහයා මතින් අතුරුදහන් වූ දැවැන්ත ජල තැන්පතුවක් මේ වන විටත් එම ග්රහයා තුළ පවතින බව හඳුනා ගැනීමට සමත් වී තිබෙනවා. නවතම වාර්තාවක් මගින් යුරෝපා අභ්යාවකාශ ඒජන්සිය පැවසුවේ අඟහරුගේ ධ්රැවීය කලාපය තුළින් මෙම දැවැන්ත මට්ටමේ ජල තැන්පතුව හඳුනාගත් බවයි 2016 දී දියත් කළ ExoMars මෙහෙයුම මගින් අඟහරුගේ Valles Marineris කලාපය තුළින් මෙම අසාමාන්ය මට්ටමේ ජල සංචිතය හදුනා ගෙන තිබුණා.

ඇමෙරිකාවේ ග්රෑන්ඩ් කැනියොන් (Grand Canyon) පද්ධතියට සමාන පද්ධතියක් තුළ මෙසේ අතුරුදහන් වූ ජලය තැන්පත් වී පවතින බව යුරෝපානු අභ්යවකාශ ඒජන්සිය සඳහන් කළා. මෙය පෘථිවියේ පවතින ග්රෑන්ඩ් කැනියොන් පද්ධතියට වඩා දස ගුණයක් දිගින් යුතු වන අතර විසි ගුණයක පළලකින් සහ පස් ගුණයක ගැඹුරකින් යුක්ත වනවා. අඟහරු මත අතීතයේ ගලා ගිය දැවැන්ත ජල ප්රමාණය මෙම කැනියොන් පද්ධතිය තුළ අයිස් ලෙස පවතින බවයි යුරෝපා අභ්යාවකාශ ඒජන්සිය අනාවරණය කළේ.

අඟහරු පොළොවේ මීටරයක පමණ ගැඹුරක සිට මෙම දැවැන්ත ජල තැන්පතුව පොළොව අභ්යන්තරයේ පවතින බව යුරෝපානු ExoMars යානය සිදුකළ පරීක්ෂණය තුළන් අනාවරණය වී තිබුණා. මෙය අතීතයේ අඟහරු මත පැවති ඡලයෙන් 40%ක් ලෙස පුරෝකථනය කර තිබෙනවා. මෙය මෙතෙක් අඟහරු සම්බන්ධයෙන් පැවති අසුබවාදී මතයන් යම් මට්ටමකට බැහැර කිරීමට සමත් තත්ත්වයක් ලෙසද නම් කර තිබෙනවා.

අඟහරුගේ සමකය ආසන්න වූ කලාපය වඩාත් උණුසුම් වුවද මෙම කැනියොන් කලාපය වඩාත් සෞම්ය මට්ටමක පවතින බවයි යුරෝපා අභ්යවකාශ ඒජන්සිය සඳහන් කළේ. මෙය පෘථිවියේ මල් තුහින පතිත වන කලාපයකට සමාන බවද විද්යාඥයන් හෙළි කර තිබෙනවා. මෙම කලාපයේ පොළොව අභ්යන්තරයේ පවතින ජල ප්රමාණය නිරන්තරයෙන් පොළොව මතට ගලා ඒම මෙම තත්ත්වයට ප්රධානතම සාධකය ලෙස ද නම් කර තිබුණා. යුරෝපා අභ්යවකාශ විද්යාඥය හේකම් ස්වේච් පැවසුවේ මෙහි පවතින ජලය, කවර මට්ටමේ ජලය දැයි හඳුනාගැනීම වඩාත් වැදගත් බවයි.

                                        Valles Marineris හි ජලයෙන් පොහොසත් කලාපය

දැනට යානය මගින් ලබාදී පවතින දත්ත අනුව මෙම ජලය වඩාත් පහසුවෙන් ගොඩ ගැනීමේ හැකියාවක් පවතින බවද ඔහු පැවසුවා. මෙම තත්ත්වය අඟහරු මත පිහිටුවන මිනිස් ජනාවාස වෙත සුබවාදී බලාපොරොත්තු මතුකළ හැකි බවයි යුරෝපා අභ්යාවකාශ ඒජන්සිය සඳහන් කළේ. භූගත මට්ටමෙන් අඟහරුගේ ජීවයක් පැවතීම පිළිබඳව මෙම අනාවරණ තුළින් ඉඟි පළ කරන බවද විද්යාඥයන් පැවසුවා. දැවැන්ත මට්ටමෙන් ජලය හමුවූ අඟහරුගේ කැනියොන් කලාපය තුළින් අසාමාන්ය මට්ටමේ හයිඩ්රජන් නිකුත් වීමක්ද හඳුනාගෙන තිබුණා. මේ දක්වා ජාත්යන්තර විද්යාඥයන් විශ්වාස කර තිබුණේ අඟහරු මත පැවති ජලය අභ්යවකාශය වෙත විසිර ගිය බවයි.

නව අනාවරණය සමඟම එම මතය අභියෝගයකට ලක් වන බවද යුරෝපා අභ්යවකාශ ආයතනය සඳහන් කලා. 2023 දී අඟහරු මතට යොමු කරන ෆ්රෑන්ක්ලීන් රෝවරය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. මීට පෙර අඟහරු මතින් මැටි පාෂාණ හමුවූ ඔක්සියෝ ප්ලැටිනම් කලාපයද මෙම රෝවරය මගින් පරික්ෂා කිරීමට නියමිත වනවා. මෙය ඉලොන් මස්ක්ගේ අඟහරු ජනාවාස වෙත වඩාත් සුබවාදී පණිවිඩයක් ලබා දී පවතින බවද විද්යාඥයන් සඳහන් කළා.

 

Source – European Space Agency

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්