Jun
14

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

 
1174 Views
   
 

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවුසවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල, දෙහිඕවිට, වරකාපොළ , අරණායක බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල , රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්