Apr
8

මම අද වෙනකන් එක රුපියලක් අරගෙන රඟපාලා නැහැ-ජනප්‍රිය නළු සාලිය සත්‍යජිත්

 
699 Views
   
I-have-not-acted-for-a-single-rupee-till-today---Popular-actor-Saliya-Sathyajith  

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම කඩවසම් නිරූපණ ශිල්පියෙක් විදිහටත් සාලිය සත්‍යජිත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ දක්ෂතා රැසකට හිමිකම් කියන අපූරු කළා කරුවා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඔහු දැන් කළා ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඔහුගේ ඉලක්කය වුණේ සිනමාවලු. ඔහු කුඩා කාලයේ ඉඳන් වේදිකාවේ අවුරුදු 10-15ක් පමණ රංගනයේ යෙදුණා කියලත් ඔහු පවසනවා. ඉන් පස්සේ ටෙලිනාට්‍ය කිහිපයකටත් ඔහු රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් ඔහුට සිහිනයක් වූ රිදී තිරයට යන්න තමයිලු හැම සුදුසුකමක්ම එදා ඉඳන් හදාගත්තේ. සිනමාවේ මේ මේ චරිත හරහා ඉස්සරහට එන්න ඕනි කියලා තිබුණු ඉලක්ක ඔහුට සමහර වෙලාවලදී අහිමි වෙලා ගියා කියලත් ඔහු කියනවා. ඉතින් ඒකට කාටවත් දොස් කියන්න බැහැ කියලත් ඔහු පවසනවා. ඒ වගේම ටෙලිනාට්‍ය කරන්නේ නැතුව ඉන්න හිතුවේ සිනමාවට තියෙන ආදරේටලු.

ඉතින් ඒ වගේම අපේ ක්ෂේත්‍රයේ ඉන්න අය අත්හදා බැලීම් කරන්න ගිහින් තමයිලු සිනමාව වැටුණේ. එක එක කාලවලදී එක එක නවකයින් ගෙනත් දාලා මේ සිනමාවේ තිබූ රසාස්වාදය නැතිව ගියා කියලයි ඔහු පවසන්නේ. ඉතින් ඔහු හිතනවාලු කොච්චර ඉවසන් හිටියත් මොන දේ කළත් කැමැත්ත තියෙන පුද්ගලයා සිනමාව අල්ලාගෙන ඉඳීවි කියලා. සිනමාව තුළින් ඉදිරියට එන්න බලාගෙන ඔහුත් පුළුවන්තාක්කල් සිනමාව අල්ලාගෙන ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ලංකාවේ සිනමාව ගොඩගන්න ඕන කියන තැන තමයිලු ඔහු එදා ඉඳන්ම හිටියේ.

ඉතින් ඒ වගේම අදටත් සමහර අවස්ථාවලදී ඔහුට ෂෝවලට ආරාධනා කරනවාලු ගීත ගායනා කරන්න. එහෙම ගීත ගයන්න ගියහම අපේ ගායන හැකියාව දැකලා කියනවාලු ෂා ඔයාට සින්ග් කරන්නත් පුළුවන්නේ කියලා. ඒ වගේම ඔහු ගීත නිර්මාණයන් කිහිපයක් කරලා තියෙනවා කියලත් ඔහු පවසනවා. නමුත් තවම එළිදක්වලා නැහැලු. ඉතින් ඒවා එළිදක්වන්නත් කැමැත්ත තියෙනවා කියලයි ඔහු පවසන්නේ.

ඉතින් ඒ වගේම ඔහුට කළු සුදු විදිහට ආ තුෂාරා චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයේ රංගනයෙන් දායක වෙන්න ලැබීම වාසනාවක් කියලයි ඔහු පවසන්නේ. ඒ වගේම එය ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිහින කුමරු වූ සුපිරිම තරුව විජය කුමාරතුංග මහතා රඟපෑ චිත්‍රපටයක් වීමද විශේෂත්වයක්. ඉතින් ඒ වගේම ඔහුගේ මට්ටමට අද ලංකාවේ ඉන්න කිසි කෙනෙක්ට එන්න බැහැ කියලත් ඔහු පවසනවා. එතුමා රඟ දැක්වූ චරිතය ප්‍රතිනිර්මාණය කරන්න ඔහුට ලැබුණු එකට අනන්ත වාර ගානක් ඔහු එතුමාටත් පිං දෙනවාලු. ඒක ඔහුට ලොකු අභියෝගයක් වුණා කියලත් ඔහු පවසනවා. තාක්ෂණයත් නැතුව වුණත් ඒ කාලේ චිත්‍රපටය හොඳටම කරලා තිබුණාලු.

ඉතින් ඒ වගේම ඔහුට සාලිය කියන නම දැම්මේ අපේ සිනමාවේ නිළි රැජින රුක්මණී දේවීලු. එතුමිය ඔහුගේ පියා සමඟ නාට්‍යයක් කරමින් සිටින අවස්ථාවේ ඇය ඔහුගේ පියාගෙන් ඉල්ලීමක් කරලා තිබුණාලු කවදාහරි පුතෙක් හම්බුණොත් සාලිය කියන නම දාන්න ඕනී කියලා. ඉතින් එතුමියගේ ඒ ඉල්ලීම නිසා තමයිලු ඔහුගේ පියා සාලිය කියන නම දුන්නේ. ඉතින් හරියටම මේ නමේ අයිතිකාරයා බැලු‍වොත් රුක්මණී දේවී කියලයි ඔහු කියන්නේ. ඔහුගේ මූලාරම්භයේ පටන්ම පසුබිම කලා ක්ෂේත්‍රයට සම්බන්ධයිලු. ඔහුගේ පියා, සීයා හා නැදෑයින් බොහෝ දෙනෙක්ම ක්ෂේත්‍රයට සම්බන්ධයි කියලයි ඔහු පවසන්නේ. නමුත් කිසිම තැනක ඔහු ඔහුගේ සම්බන්ධකම් පෙන්වලා නෙවෙයිලු ක්ෂේත්‍රයට ආවේ.

ඉතින් ඒ වගේම කලාවේ නම් හෙට දවස යහපත් කියලයි ඔහු පවසන්නේ. හැබැයි ක්ෂේත්‍රයේ ඉන්න අයගේ හෙට දවස නම් ටිකක් අයහපත්ලු. අපි නැවතුණාට අනිත් රටවල් නැවතිලා නැහැ කියලත් ඔහු කියනවා. අනිත් රටවල අය මේ වසංගත කාලයේත් කොහොම හරි නිර්මාණ කරගෙන ඉදිරියට යනවාලු. ඉතින් ඔහු තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවාලු මේ රටේ සිනමාවට දෙයක් කරන්න. ඉතින් ඔහු විශේෂයෙන් මතක් කරන දෙයක් තමයි ඔහු අද වෙනකන් එක රුපියලක් අරගෙන නෙමෙයිලු නිර්මාණවලට සහභාගි වුණේ. ඒක ආඩම්බරයෙන් කියන්න ඕනේ දෙයක් කියලයි ඔහු පවසන්නේ. ගෙදරින් සල්ලි අරන් ගිහින්ලු ඔහු හැම සිනමා නිර්මාණයකටම දායක වුණේ. ඔහු එච්චර ලොකු කැපවීමක් කළෙත් ලංකාවේ මිනිස්සු ඔහුට ආදරේ කරලා ඔහුව මෙතැනට ගෙන ආ නිසා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්