Dec
4

ප්‍රියන්ත කුමාර ඝා ත න ය – පකිස්ථානුවෝ ශ්‍රී ලංකාවෙන් සිංහලෙන්ම සමාව අයදිති

 
4615 Views
   
 

ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පකිස්ථානයේදී ප්රියන්ත කුමාර නමැති ශ්රී ලාංකිකයා පහර දී අමානුෂිකව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන වැසියන් බොහෝ පිරිසක් කම්පාවට පත්ව සිටිති.

ඔවුන් එම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ ශ්රී ලංකාවෙන් සමාව ඇයද තිබේ. ඒ අතර, සිංහල භාෂාවෙන් ද ඇතැම් පිරිස් ශ්රී ලාංකිකයන්ගෙන් සමාව ඇයද තිබෙනු දක්නට ලැබිණි. 

ඉස්ලාමාබාද් නුවර පිහිටි ‘Global Youth Association’ සංවිධානයේ සභාපති කාශිෆ් සහීර් සිය ට්විටර් ගිණුම ඔස්සේ සිංහල භාෂාවෙන් ප්රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, “පකිස්ථානු ශ්රී ලාංකික ජනතාවගෙන් සහ ඝාතනයට ලක් වූ ප්රියන්ත (දියවඩන) පවුලේ අයගෙන් මම සමාව අයදිනවා” යනුවෙනි.

ප්රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ප්රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100ක් පමණ අත්අඩංගුවට ගැනීමට පකිස්ථාන බලධාරීන් කටයුතු කර තිබේ. එරට අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (දෙසැ. 3) නිවේදනය කළේ, මෙම නින්දා සහගත සිද්ධිය සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දීමට පියවර ගන්නා බව ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. විදේශ කටයුතු අමාත්යංශයේ මහජන රාජ්ය තාන්ත්රික අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ප්රකාශ කළේ, මෙම සිද්ධියට අදාළ තොරතුරු පකිස්ථානයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ය.

පකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්යාධිකාරීවරයා ලෙස සේවය කළ ප්රියන්ත කුමාර නැමැත්තා වධහිංසා පමුණුවා ඊයේ (දෙසැ. 3) ඝාතනයට ලක්ව තිබිණි. ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා කරමින් විශාල පිරිසක් ගල්මුල්වලින් පහර දී ඔහු ඝාතනයට ලක්වූ පසු දේහය පුළුස්සා දමා ඇති බව මාධ්ය වාර්තා වල සඳහන් විය.

පකිස්තාන මාධ්ය වාර්තාවල දැක්වුණේ, මුහම්මද් නබි තුමාගේ (Holy Prophet) පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බඳුනකට දැමූ බවට චෝදනා කරමින් මෙම ඝාතනය සිදු කර ඇති බව ය. ඇඟළුම් ක්ෂේත්රයේ ප්රවීණයෙකු වූ ප්රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපාධිධරයෙකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්