Nov
30

ඉදිරි වසර දෙක තුළ වැවිලි බෝග අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් අපේක්ෂා කරනවා

 
1434 Views
   
 

ඉදිරි වසර දෙක තුළ වැවිලි බෝග අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරන බව රජය පවසයි. රබර් ආශ්රිත නිශ්පාදන වලින් මේ වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආදායමක් බලාපොරොත්තු වේ. මේ අතර ශ්රී ලංකාව ටයර් නිශ්පාදනයේ කේන්ද්රස්ථානයක් බවට පත්වෙමින් තිබේ. කටුපොල් වගාව තහනම් කරන අතර ඒ වෙනුවට නව වගා හඳුන්වා දෙන බවද රජය පවසයි . පොල් ආශ්රිත උපාංග සඳහා විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතී . පොල් වගාව ප්රවර්ධනයටද පියවර ගැනේ. 

කුරුඳු ඇතුළු සුළු අපනයනය බෝග වලින් ඩොලර් මිලියන 450ක් මේ වසරේ අපේක්ෂා කෙරේ. කුරුඳු අපනයන ආදායම 25% කින් ඉහළ ගොස් ඇත. තේ වගා කරුවන්ට සහන පොළියට ණය සැපයේ. තේ අක්කරයකින් ලබා ගන්නා ඵලදාව වැඩි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ජනවාරි මස සිට සහනදායී ලෙස කාබනික පොහොර ලබාදීමට රජය තීරණය කර ඇත . ප්රසස්ථ පොහොර භාවිතයෙන් තේ අස්වැන්න වැඩි කිරීම අරමුණයි. මේ අතර මොණරාගල දිස්ත්රික්කයේ අක්කර 2,000 ක නව රබර් වගා කර ඇත. 

එමඟින් පවුල් 300ක් පමණ සෙත සැලසෙනු ඇත . මීට සමගාමීව අතුරු බෝග ද වගා කෙරේ. තවද පාඩු ලැබූ පැල්වත්ත සීනි සමාගම අද ලාබ ලබන තත්ත්වයට පත්කර ඇත්තේ වත්මන් රජයයි. සෑම අංශයක්ම ආවරණ වන පරිදි සිදු වන බෝග වගා සහ හරිත කෘෂිකාර්මික ගමනක් කරා යන ගමන ඉතාමත් සාර්ථකයි . සුළු පිරිසක් එක්ව වෙනත් චිත්රයක් මවා පෑවද සත්ය එය නොවේ. රටේ දැවැන්ත කෘෂිකාර්මික වැඩසටහනක් ක්රියාත්මක වන බව දන්වා සිටින්නේ ඉතාමත් සතුටිනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්