Feb
15

විකට චරිත නිරුපණය කරන නිසා බොහෝදෙනා සිතන්නේ සැබෑ ජීවිතයේදීත් මම එහෙම චරිතයක් කියල” ශාන්ත ගාල්ලගේ කියන කතාව

 
725 Views
   
 

ශාන්ත ගාල්ලගේ කියල කියන්නේ විකට චරිත ඔස්සේ මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පියෙකි. කොහොම නමුත් “ආටක නාටක” ටෙලි නාට්‍ය ඔස්සේ රටම හදුනා ගන්නා ඔහුට හිමිවෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්. කොහොම නමුත් සිය ප්‍රේක්ෂකයාගේ මුවගට සිනහවක් වගේම වින්දනයක් ලබාදීමට ඔහු සතුව ඇත්තේ පුදුමාකාර හැකියාවක්

කොහොමහරි ඉතින් වසර කිහිපයකට පෙරදී මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඒ මහතා ඊට පාර හදා ගන්නේ 1989දී යහළුවන් කිහිපදෙනෙකු සමග සංගීත සංදර්ශනවල “විනෝද සමය” පෙන්වමින් ‘ඇනස්ලි, සැමුවෙල්, බර්ටි වැනි පුද්ගලයන් අනුකරණය කරමින් ඔවුන්ටම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමිනුයි

කොහොම නමුත් මේ ආකාරයට සිය අනන්‍යතාවය ගොඩනගා ගන්නා ඔහුට ගුවන් විදුලිය මෙන්ම රූපවාහිනිය ඔස්සේ විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ ආදරය ලැබෙන ප්‍රහසන රංගන ශීල්පියෙකු බවට පත්වීමට හැකියාව ලැබුණා. කෙසේවෙතත් ඒ මහතා සිය රංගන දායකත්වය ලබාදුන්නු ටෙලි නිර්මාණ අතුරින් “නාටක මාරයි” ටෙලි නාට්‍යයේ ආච්චිගේ චරිතය ලාංකිකයන් හැමෝගෙම ආදරය සහ ආකර්ෂණය හිමිකර ගත්තු චරිතයක් බවට පත්වුණා කිව්වොත් නිවැරදියි

කොහොම නමුත් ශාන්ත ගාල්ලගේ කියන මේ දක්ෂ රංගන ශිල්පියා වෘත්තියෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ ඖෂධ වේදියෙක් ලෙස කටයුතු කරන අතරතුර තමයි ඔහු මේ විදිහට කලා කටයුතු වලට සමගින් සම්බන්ධ වෙන්නේ. එලෙස කලාවට එක්වෙන ඒ මහතා ගුවන්විදුලියේ විවිධ නාලිකා වල මෙන්ම රූපවාහිනි නාලිකා වලද හඩකෑවීම් ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසත් ජනප්‍රියත්වයට පත්වෙනවා

මේ අතර පසුගිය දිනක පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්වුණු ගාල්ලගේ මහතා කියා සිටියේ ප්‍රහසන රංගනයන් නිසා බොහෝ ප්‍රෙක්ෂකයන් තමන්ව හදුනා ගන්නේ ඒවැනි චරිත ඔස්සේ බවයි. ඒ වගේම මේ හේතුව නිසාවෙන්ම තමන්ට මෙතෙක් ලැබුනු සියලු චරිත ඒවැනි ප්‍රහසන චරිත බවයි ඔහු කියන්නේ

එලෙස අදහස් දක්වපු ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ විවිධ යු ටියුබ් නාලිකා වල නාට්‍ය සදහා සම්බන්ධ වුවත් තමන්ගේම කියල යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යාමට තමන්ට අදහසක් නැති බවයි. ඊට හේතුව හැටියට ඔහු කියන්නේ ඔහුට ඒ සදහා වැයකිරීමට කාලයක් නැහැ කියලයි

මේ අතර ඔහු කියා සිටියේ ප්‍රෙක්ෂකයා සතුටු කරන්නට විවිධ ප්‍රහසන චරිත නිරුපණය කරත් තමන් සැබැ ජිවිතයේදි තමන් එවැනි පුද්ගලයෙකු නොවන බවත් සාමාන්‍ය දිවි පැවැත්මක් ගත කරන කෙනෙක් මෙන්ම ජීවිත සටනත් එක්ක පොර බදිමින් වගකීමෙන් ජීවත්වෙන මනුස්සයෙක් බවයි. කොහොම නමුත් ඒ මහතා අවසාන වශයෙන් කියා සිටියේ “ප්‍රෙක්ෂකයා සතුටු කරන්නට විකට චරිත නිරුපණය කරන නිසා බොහෝ දෙනා සිතන්නේ සැබෑ ජීවිතයේදීත් මම එවැනි චරිතයක් කියල” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්