Feb
2

රට අඳුරට ගෙන යන දේශපාලන මාෆියාව

 
1764 Views
   
 

වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයකට සැලැසුම් සකස් කරන්නේ තීරණාත්මක අවස්ථාවකය. එක අතෙකින් රටේ ආර්ථික පීඩනය යම් පමණකට ලිහිල් වෙමින් පවතී. ආණ්ඩුව ජනතාවට සහන ලැබෙන තීන්දු-තීරණ ගණනාවක් ද ගෙන තිබේ. තව අතෙකින් කොවිඩ් පාලනය අතින් ලෝකයේ පස්වන ස්ථානය ශ්රී ලංකාවට ලැබී ඇත

. ඒ සියල්ල අතර ඔමික්රොන් වයිරස් ප්ෙභ්දය රට තුළ වේගයෙන් පැතිර යෑමේ අවදානමක් ද පවතී. නව කොවිඩ් රැල්ලක් මතු වුවහොත් ඇති විය හැකි තත්ත්වය භයානක විය හැකිය. මෙරට එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වන්නේ හෙටටය. එය සැමරීම සඳහා වැඩසටහන් ගණනාවක් ද සංවිධාන වී ඇත. වෘත්තීය සමිති ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන වර්ජනයක් වෙත ඇදී යන බව පෙනෙයි.

වර්ජනයේ අරමුණ වැටුප් ප්රශ්නයක් විසඳා ගැනීම බව වෘත්තීය සමිති නායකයන් කියනු අසන්නට ලැබිණි. එම නායකයන් පැහැදිලි කරන අන්දමට ඉදිරි සති දෙකක කාලය තුළ දී ආණ්ඩුව ඉහත ගැටලුව විසැඳිය යුතුය. එසේ නොවුණහොත් අඛණ්ඩ වැඩ වර්ජන ආරම්භ වෙයි.

මේ වෘත්තීය සමිති නායකයන් ආණ්ඩුවට තර්ජනය කරන අතර ම රට මෙහෙයවන බලවේගයක් ලෙස ද ක්රියා කරනු දැක ගත හැකිය. වෘත්තීය සමිති නායකයන් ගහන-ගහන පදවලට ආණ්ඩුව නැටිය යුතු යැයි ඔවුන් සිතනවා විය යුතුය. ආණ්ඩුව කොවිඩ් වැළැක්වීම සඳහා බරපතළ පරිශ්රමයක යෙදී සිටින අතර ඊට නොදෙවෙනි ලෙස ආර්ථිකය ගොඩ ගැනීම සඳහා සටනක යෙදී සිටී.

එය පරාජය කොට තමන්ගේ දේශපාලන නායකයන් බලයට පත් කර ගැනීම වෘත්තීය සමිති නායකයන්ගේ යටි අරමුණ බව පැහැදිලිය. වර්ජනය සැලැසුම් කරමින් සිටින නායකයන්ගේ අතීත හැසිරීම් දෙස බලන විට ඉහත කී තත්ත්වය හොඳින් සනාථ වෙයි. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ අසාර්ථක කිරීමට වෘත්තීය සමිති නායකයන්ගෙන් සමහරු ක්රියා කළහ.

ආණ්ඩුවේ වැඩසටහන් අසාර්ථක බවට විවේචන ඉදිරිපත් කළ ඔව්හු ජනතාව එන්නත්කරණයෙන් ඈත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත්හ. එන්නත් මිලට ගැනීම ගැන ද එන්නත්වල තත්ත්වය ගැන ද අමූලික බොරු සමාජ ගත කළහ. ඔවුන් සිය දේශපාලන ඉලක්ක ජය ගැනීම සඳහා රටත් ජාතියත් පාවා දෙන කණ්ඩායමක් බවට පත් වී ඇති බව ඉතා පැහැදිලිය. මෙය කනගාටුදායක තත්ත්වයකි. සෞඛ්ය සේවාවේ වැඩ වර්ජනවලට හෝ දුම්රිය සේවාවේ වැඩ වර්ජනවලට හෝ මහජනයාගෙන් කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැත. සෞඛ්ය ක්ෂේත්ෙය් වෘත්තීය සමිති කිහිපයක් පෙරේදා ක්රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට මහජනයාගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඊට පෙර දුම්රිය සේවාවේ ඇති වූ වර්ජනයට ද එබඳුම මහජන විරෝධයක් පැවැතිනි. මහජනයා පෙන්වා දෙන අන්දමට රාජ්ය සේවකයන් රජය ලබා දෙන සියලු දීමනා ලබා ගනිමින් වැඩ වර්ජනවල නිරත වීම හැම අතකින්ම අයුක්ති සහගතය. මේ වන විටත් මහජනයා රාජ්ය සේවය කෙරෙහි කෝපයකින් හා කල කිරීමකින් පසුවෙති. වර්ජන නිසා එය තව දුරටත් උත්සන්න වනු ඇත. වැඩ වර්ජනය සේවකයන්ගේ අයිතිවාසිකමකි. එහෙත් එම අයිතිය භාවිත කළ යුත්තේ සදාචාරාත්මක සීමා යටතේ ඇත්ත වුවමනා සඳහාය. JVP මාෆියාවේ ඊනියා වැඩවර්ජන මහජනයා විසින්ම පරාජය කරනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්