Jun
3

මාදිවෙල මන්ත්‍රී නිවාස වල සිටින දුප්පත් මන්ත්‍රීවරුන්ට පන්නිපිටියෙන් අලුත්ම අලුත් නිවාස

 
1147 Views
   
 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනට වෙසෙන මාදිවෙල නිවාස සංකීර්ණය වෙනුවට පන්නිපිටිය “වියත් පුර” නමින් ආරම්භ කළ නව නිවාස සංකීර්ණයකින් නිවාස ලබාදීමට රජය කටයුතු යොදා ඇත.

ඒ අනුව පන්නිපිටිය “වියත් පුර” නිවාස සංකීර්ණය B කුළුණෙන් නිවාස ඒකක 101ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට සූදානම් වේ.

නිවාස ඒකක 500කින් යුත් පන්නිපිටිය වියත්පුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය B කුළුණේ නිවාස ඒකක 101ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස වශයෙන් වෙන් කිරීමට තීරණය කර තිබේ.

නිවාස ඒකක වර්ග අඩි 750, 960 හා 1050 ප්‍රමාණයෙන් යුක්තවන අතර නිවාස ඒකකයක වටිනාකම රුපියල් මිලියන 14.02 සිට 19.8 කි.

ව්‍යාපෘතියේ නිවාස ඒකක 101ක් සඳහා වියදම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 1795.34ක මුදල 2022 වසර තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාදීම හා එයින් 50%ක මුදල් වන මිලියන 897.67ක මුදලක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීමට 2022 වසරේ දෙවැනි කාර්තුව තුළ දී මහා භාණ්ඩාගාරය විසින් නිවාස අධිකාරිය වෙත නිදහස් කිරීමට එකඟ වී ඇති බව කැබිනට් පත්‍රිකාවක සඳහන් වී තිබේ.

රටේ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස විනාශ වූ මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන ලෙසත් තවද නිවාස මිලදී ගැනීමට එකඟ මන්ත්‍රීවරුන් සිටී නම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම පහසුකම් සැලසීමටද කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා එම අධිකාරියෙන් ඉල්ලා තිබේ.

තවද දිවි අහිමි වූ අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ බිරිඳ මෙම නිවාස ව්‍යාපෘතිය නිවසක් මිලදී ගන්නේ නම් ඊටද අවස්ථාව සලසන ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 200ක් මධ්‍යම ආදායම් ලබන පුද්ගලයන් සදහා පෙර විකුණුම් පදනම මත ඉදිකර ඇත.

ඉන් රුපියල් මිලියන 1267.07ක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇති අතර තවත් නිවාස 50ක් නාවික හමුදාවට ලබා දී ඇත.

ඒ සඳහා නාවික හමුදාවෙන් රුපියල් මිලියන 334.07ක් දැනටමත් ගෙවා ඇති අතර තවත් රුපියල් මිලියන 328.14ක් ගෙවීමට නියමිතය.

මාදිවෙල පිහිටා ඇති මන්ත්‍රී නිවාස සංකීර්ණය සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට නියමිත බව වාර්තා වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්