Oct
26

ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ කවුරුන්ද?

 
498 Views
   
 

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ඩොලර් අර්බුදයේ වත්මන් ආණ්ඩුවේ අර්බුදයක් නොවන අතර 1977 සිට බලයට පත් සෑම රජයක්ම නිවැරදි ලෙස විදෙස් වත්කම් කළමනාකරණය නොකිරීම එයට බලපා ඇත.ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් නොතකමින් දේශපාලඥයින් ඕනම දෙයක් රටට ගෙන්වීමට ඉඩ හැරීමත්, මෙම තත්වය හේතුවෙන් වර්තමානය වන විට ජනතාව පීඩාවට පත්වීමට සිදුවී ඇත. 1970-1 977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් ඩොලර් විශාල ලෙස ඉතිරි කළහ.1977 දී ජේ ආර් ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ඇති කරමින් කඩසාප්පු, පදික වේදිකා පිරෙන්නට ඩොලර් වැයකරමින් භාණ්ඩ ගෙනැවිත් ගොඩ ගැසූහ. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තීන්දු තීරණ රැසක් ගත් අතර වී අලෙවි මණ්ඩලය, රජයේ වී මුල් ආරම්භ කිරීම ආදිය සිදු කළේ සහල් ඒකාධිකාරයක් ඇතිවීම වැළැක්වීම සදහා වේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක වූයේ නම් වර්තමානය වන විට ස්වයංපෝෂිත රටක් අපට හිමි වේ. එතුමියගේ ආර්ථික ප්‍රතිපත්තියේ දී දේශීය කර්මාන්ත කෘෂිකර්මාන්තය ආදී ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාවයක් ලබා දුන්හ. පොළොන්නරුව ආදී ප්‍රදේශවල මිනිස්සු මිරිස් වගා කර අලුත් වාහන පවා මිලදී ගැනීමට තරම් එවකට ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් විය . වර්තමානය වන විට කතා කරන සහල් ඒකාධිකාරය 1964 දී පැවති බැවින් 1972 දී එතුමිය විසින් වී අලෙවි මණ්ඩලය ස්ථාපනය කරන ලදී.  වී අලෙවි මණ්ඩලය යටතේ හෙක්ට කොබ්බෑකඩුව මහතා අහස උසට වී මෝල් හතක් නිර්මාණය කරලුයේද පෞද්ගලික අංශයේ තරගකාරීත්වයට මුහුණ දීම සඳහාය. ඒ වගේම ගොවිජන සේවා මධ්‍යස්ථාන 450ක් ස්ථාපනය කරන ලදී. වර්තමානය තුළ තිබෙන ආර්ථික අර්බුදය ඩොලර් අර්බුදය ආදී සියල්ලම විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල වේ. විවෘත ආර්ථිකයක් රටකට අත්‍යවශ්‍ය වුවද එය නිසි ආකාරයෙන් කළමනාකරණය නොකිරීමෙන් උද්ගත වන්නේ ආර්ථික කඩා වැටීමක් වේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සතුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා නිසි වැඩ පිළිවෙලක් ඇත. ශ්‍රී ලංකාව වැඩිම ආනයන වියදමක් දරන රසායනික ද්‍රව්‍ය, කිරිපිටි ආදිය ආනයනය සීමා කිරීමට ද කටයුතු යොදනුයේ ඒ එම හේතුවෙනි. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දේශීය ආර්ථික ක්‍රමයට ජනතාවත් දේශපාලන හුරු කර ගැනීමට හැකි වූවානම් වසර ගණනාවක් පුරා රට අගාදයට නොයනු ඇත. බුද්ධිමත් ජනතාවකට සිතීමට බොහෝ දේ ඇත, කෝවිඩ් වසංගතය වැනි ලොවම වෙළාගත් අසීරු අවස්ථාවක පවා වත්මන් ජනාධිපතිතුමන් විසින් සිදුකරගෙන යන වැඩපිළිවෙළ අදටත් වඩා අනාගතයේ දී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටක් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇත.

වර්තමානය තුල දැඩි කතා බහට ලක් වූ මිල පාලනය කිරීමෙන් ආර්ථිකය පාලනය කර ගැනීමට නොහැකි වන අතර, ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ රටවල් මෙම ක්‍රියාවලිය අත්හදා බලා අසාර්ථක වී ඇති අවස්ථා දැකගත හැක. බඩු මිල පාලනය කර ගැනීම සදහා රජයේ වගකීම බව බොහෝ පිරිස් ප්‍රකාශ කලද, ඒ සඳහා සෘජු මැදිහත්වීමක් රජයකට සිදුකිරීමට නොහැකි එසේ පාලනය කරන්නේ නම් තරඟකාරිත්වයට බලපෑම් කිරිමට නොහැකි පරිදි පැනවෙන නීති රාමුවක් එනම් තරඟ විරෝධී චර්යා පැනවිය යුතු වේ. මෙම චර්යා මත ක්‍රියා කරන්නේ නම් සීනි, සහල් සඳහා මේ වන විට පවතින ගැටළු මතු නොවනු ඇත. ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය මේ ආකාරයට කඩාගෙන වැටීම හා විවෘත ආර්ථිකය අනිසි ලෙස පරිහරණය කිරීම හේතුවෙන් වර්තමානය ආර්ථිකය මේ තැනට පත්ව තිබේ. 1970-1977 ආණ්ඩුවේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය න් ඇම් පෙරේරා මහතා ප්‍රමුඛ ආණ්ඩුව රටේ විනිමය ඉතිරි කළහ නිවැරදි ලෙස ආර්ථිකය කළමනාකරණය කළහ වර්තමානයේ ඩොලර් හිඟයක් තිබෙන නමුත් 1970 1977 වකවානුවේ එවැනි ගැටලුවක් නොවීය. ජේ ආර් ජයවර්ධන මහතා විසින් විවෘත ආර්ථිකයේ ඇතිකර පිරිමින් කඩසාප්පු ඩොලර් වලින් පිරවුහ.

1977 සිට රට පාලනය කළ සෑම කෙනෙක්ම විවෘත ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසාවෙන් වර්තමානයේ තිබෙන මෙම අර්බුද වලට මුහුණ පෑමට සිදුවී ඇත. අති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ගොඩනැගීමට උත්සාහ දරනුයේ ද මෙම ආර්ථික ක්‍රමය වේ. අසීරුතා මැද උවද මෙම වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන්නේ නම් අපගේ රට ස්වංපෝෂිත රටක් වනු නොඅනුමානය. (ශම්මි)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්