ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දකුණු ආසියාවේ පමණක් නො ව; අග්නිදිග ආසියාවේම වේගවත් එන්නත්කරණ වැඩසටහන ඇත්තේ ශ්‍රී ලංකාවේය. මේ වන විට රටේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට එන්නතේ පළමු මාත්‍රාව දී ඇත. එන්නත් මාත්‍රා දෙකම ගත් පිරිස මුළු ජනගහනයෙන් හතරෙන් එකකට වැඩිය. අවදානම් කලාපවලට සේම අවදානම් වයස් කාණ්ඩවලට ද ප්‍රමුඛතාව දෙමින් එන්නත්කරණය දිනපතා සිදු වෙයි. නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන කාල සීමාවන් තුළ පවා එන්නත්කරණය සිදු වෙයි. දවසේ පැය විසිහතර තුළම එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන කිහිපයක් ද පවත්වා ගෙන යනු ලැබේ. මේ වසර අවසන් වීමට පෙර සියලු පුරවැසියන්ට එන්නත් මාත්‍රා දෙකම දීම රජයේ ඉලක්කය වී ඇත. එය ළඟා විය හැකි ඉලක්කයකි.
විපක්ෂයට ද, කුඩා දේශපාලන පක්ෂවලට ද, වෘත්තීය සමිතිවලට ද, අලුතින් බිහි වන සංවිධානවලට ද අපූරු කටගැස්මක් ලෙස කො විඩ් වසංගතය පවතී. එය කෙතරම් විහිළුකාරි ලෙස භාවිත කරන්නේ ද යත්: විපක්ෂ නායකවරයා කො විඩ් සඳහා අවශ්‍ය ඖෂධ නියම කරයි. වෘත්තීය සමිති නායකයෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා උදෙස් දෙන තැනක සිට විග්‍රහ විවේචන ඉදිරිපත් කරති! අලුතින් සංවිධාන බිහි කරගෙන ඇති භික්ෂූන් පවා කො විඩ් පාලනය කළ හැකි අන්දම ගැන දේශනා පවත්වති. මේවායින් වැඩි පුරම සිදු වන්නේ මහජනයා බි ය ගැන්වීමය, නැ තහොත් මහජනයා තුළ ම රණ භ ය ඉස්මතු කිරීමය. මේ කතා අසන විට තව මාසයකින් හෝ දෙකකින් ශ්‍රී ලංකාව විනාශ වෙතැයි කෙනකුට සිතෙන්න පුළුවන.
සමාජ මාධ්‍ය දෙස හැරී බලන්න. ඒවා ඔස්සේ බොරු කප්පරක් සමාජගත වෙයි. පිළිගත් දේශපාලන නායකයකු වූ මංගල සමරවීර මහතා රෝහල්ගත වී අසාධ්‍ය තත්ත්වයක සිටියදී සමාජ මාධ්‍ය ඔහු ම රා දැම්මේය. කැපී පෙනෙන පුද්ගලයන් රෝගාතුර වී රෝහල්ගත වූ තැන් සිට සමාජ මාධ්‍ය උත්සාහ දරන්නේ ඔහු ම රා දැමීමටය. සදාචාරයක් නැ ත. ප්‍රවෘත්ති ගත් මූලාශ්‍රයක් නැ ත, සංස්කරණයක් නැ ත. සමාජ මාධ්‍යවලට ද කො විඩ් සමය වේදිකාවක් තනා දී ඇත. අද වන විට ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති ඕනෑම කෙනකුට මාධ්‍යකරුවකු විය හැකිය. එය සන්නිවේදන තාක්ෂණයේ දියුණුවක් ලෙස සැලැකිය හැකි වුව ද සිදු වන විනාශය නම් අතිශය භ යා න ක ය. සමාජ භාෂාවෙන් කිව හොත්: ‘සමාජ මාධ්‍ය මාර ඇණයක් බවට පත් වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මීට වසරකට පමණ පෙර කො විඩ් හා ජනමාධ්‍ය අතර සම්බන්ධය විග්‍රහ කරමින් ලෝක ජනතාවට අපූරු උපදේශනයක් දුන්නේය. එහි සඳහන් වූයේ දිනකට වරක් පමණක් පිළිගත් හා විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශයක් නරඹන්න, අන් සියලු දේවල් ප්‍රතික්ෂේප කරන්න යන්නය. ඒ කියමන හා උපදේශනය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳින් ගළපා ගත හැකිය. බහුවිධ මාධ්‍ය නිසා මෙරට ජනයාගේ ඔළුගෙඩි හොඳටම අවුල් වී ඇත. වසංගතයක් පවතින කාල පරිච්ඡේදයක සමාජය මානසික වශයෙන් ඇද වැටීම ශෝචනීය තත්ත්වයකි. අද අපට අවශ්‍ය වන්නේ අභියෝග පරයා නැඟී සිටින සමාජයකි.
1890 ගණන්වල අමෙරිකන් පත්තර කලාව තුළ ‘යෙලෝ ජර්නලිසම්’ නම් නව ප්‍රවණතාවක් ඇති විය. එය සිදුවීම් අලෙවිකරණ නාස්තිකාර පත්තර කලාවක් ලෙස හඳුන්වයි. ‘යෙලෝ ජර්නලිසම්’ තුළ වාර්තාකරණයේ ශික්ෂණයක් නැ ත, භාෂාවේ නිවැරැදි භාවයක් නැ ත. ඔවුහු යු ද් ධ ය අලෙවි කළහ, ම ර ණ අලෙවි කළහ. අද අපේ මාධ්‍ය භාවිතය තුළ ද එවැනි ප්‍රවණතාවක් දකින්න ලැබේ. ඇතැම් ජනමාධ්‍ය කිසිදු වග-විභාගයකින් තොරව කො වි ඩ් ප්‍රවෘත්ති පළ කරයි, ඒවා පිළිබඳ විවේචන විවරණ ඉදිරිපත් කරයි. ම රණ වැඩි වන තරමට අලෙවිය වැඩි කර ගත හැකි යැයි ඔවුහු කල්පනා කරති. ඇත්ත වාර්තා කිරීම වරදක් දැයි මෙහිදී ප්‍රති-තර්කයක් නඟන්න පුළුවන. ඇත්ත වාර්තා කිරීම වරදක් නො වේ. එහෙත් ඇත්ත ඉදිරිපත් කළ යුතු විලාසයක් තිබේ. එහිදී ජනමාධ්‍යයේ සදාචාර සීමා රැකගත යුතුය.
සමාජයට උපදේශන සපයන ජනමාධ්‍ය පමණක් නො ව, සමාජ සංවිධාන ද, සමාජ නායකයන් ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ. මේ ආයතන හා පුද්ගලයන් ආත්මාර්ථසාධනය සඳහාම ක්‍රියා කරන්නේ නම්, අනාගතයේ අපේ රටට අත් වන ඉරණම ගැන සිතා ගන්නත් බැරිය.