Oct
15

තාරුණ්‍යයට නව ජවයක්

 
329 Views
   
 

තරුණ ජවය සවිබල ගන්වමින් නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ කොන්දේසි විරහිතව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. කාර්මික විද්‍යාලය සඳහා පාඨමාලාවන් කාර්මික විද්‍යාලය අයදුම්පත් ලැබීම් පසුගිය වර්ෂ සමග සසඳා බැලීමේදී මෙම වසරේ එයට සාපේක්ෂව විශාල ලෙස වැඩි වී ඇත. මේ වනවිට කාර්මික විද්‍යාල හරහා රජය විශේෂ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී.රූපවාහිනී මාධ්‍ය තුළින් නිවසේ සිටින පාසල් දරුවන් හා අ.පො.ස.සා,පෙළ සමත් වී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් දියත් කළ අධ්‍යාපනික වැඩසටහන් මේ අතර විශේෂ තැනක් ගන්නා අතර , එහි ඇති සාර්ථකත්වය ඉතා ඉහළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. තරුණ පරපුර මේ වනවිට කෙමෙන් වෘත්තීය පුහුණු ආයතන සඳහා යොමුවෙමින් පවතී.කාර්මික විද්‍යාල හරහා තමා ප්‍රගුණ කරන්නාවූ තම වෘත්තීය දැනුම සඳහා අදාල පාඨමාලා අවසානයේ ඔහු හෝ ඇය ඒ සඳහා නිපුණයකු බව ඔප්පු කිරීමට වටිනා සහතිකයක් හිමිවන අතර, එය අදාළ පාඨමාලාවට සසැදෙන ඕනෑම ආතනයක රැකියාවක් සඳහා ඉදිරිපත් වීමට මනා සුදුසුකමක්ද වේ.

කාලයක් පුරා අභාවයට ගොස් තිබූ මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන් නැවතත් නගාසිටුවීම වත්මන් රජය මේ ගන්නා උත්සාහය ඉතාමත් වැදගත්ය.ආයතන වල ධාරිතාව මෙසේ අඩුවීමට හේතුව ලෙස වැරදි වැටහීම් හා මෙහි ඇති වටිනාකම පිළිබඳව නොදැනුවත්කම සහ මෙයින් ඇති රැකියා අවස්ථා පිළිබඳව බොහෝ අය දැනුවත්වී නොමැතිකම ලෙස ගත හැක.නමුත් මේ වනවිට රූපවාහිනී මාධ්‍ය හරහා සිදුවන කාර්‍ය හමුවේ බොහෝ පිරිසක් නැවතත් ඒ සඳහා උනන්දු වන බව පෙනී යයි. මේ වනවිට අප රට තුළ විශාල රැකියා ප්‍රමාණයක් අහිමිව ඇත.මෙම රැකියා නැවත ලබාදීමට නම් වත්මන් රජය ඒ සඳහා ශක්‍රීය විය යුතුය.නිශ්පාදන ආර්ථිකයක් කරා ගමන් කළ යුතුය .දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම හරහා දේශීය වෙළඳපොළ දියුණු කිරීමෙන් ඒ හා ගානුදෙණු කිරීමට සූදානම් විය යුතුය. ඒ අනුව කොන්දේසි විරහිතව ඒ සඳහා සූදානමින් සිටින බවත් , නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරනා අතර එය නුදුරේදීම ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉතාමත් ඍජු ලෙස කියා සිටී.

ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ විදේශ අමාත්‍යාංශයේ විදේශ ප්‍රතිපත්තිය සමග යුරෝපීය වෙළෙඳපොළ සේම නව වෙළෙඳපොළක් හරහා පිවිසීමට අවස්ථාව හිමිවනු ඇත. මේ අතර ලබන වසරේ එනම් 2022 වර්ෂයට අදාල අයවැයෙන් ගමට වෙන්වන රුපියල් ලක්ෂ 30 ත්, කොට්ඨාස මන්ත්‍රීවරුන් සඳහා වෙන්වන රුපියල් ලක්ෂ 40 සහ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්වන මුදල් අතරින් 40% ක අවමය ලබාදෙනුයේ ව්‍ය්වසායකත්වය සංවර්ධනය සඳහාය.එය උපරිමය දක්වා යා හැකි අතර මෙයින් පැහැදිලි වන්නේ රටේ නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ලෝක වෙළෙඳපොළට අවශ්‍ය නිශ්පාදන බිහිකිරීමට වත්මන් රජය ගන්නා විශිෂ්ඨ උත්සාහය නොවේද? තරුණ අමාත්‍යවරයකු යටතේ නව ජවයකින් හිස ඔසවන්නට වෙරදරණ ශ්‍රී ලාංකීය තරුණ පිරිසට කාර්මික විද්‍යාල හරහා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මනා තෝතැන්නක් වනු ඇත. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්