Aug
17

ලි බරල් ධ න වා දයේ ඇ ම් බැ ට් ට යි න් ගේ දෙ ප රැ න් දෙ න් බේ රෙ න කො රෝ නා සුබ සාධන ඉල්ලීම්

 
784 Views
   
 

කො වි ඩ් යනු සාමාන්‍ය රෝගී තත්ත්වයක් නො ව ව සං ග ත ය ක් බව දැන් ලොවම පිළිගන්නා සත්‍යයකි. එය රටකට හෝ දෙකකට නො ව සමස්ත පාථීවි තලයම හෙවත් ගෝලීය ව සං ග ත තත්ත්වයකි. එය ඒ ආකාරයට පිළිගන්නට සමත් දේශයන් හෙවත් රාජ්‍යයන් කොපමණක් මෙහි ආරම්භක සමයේ ලොව තිබුණේ ද හා රාජ්‍ය නායකයින් කොපමණක් සිටියේ ද යන්න ද සැලකිල්ලට ලක්කළ යුතු තරම් මාතෘකාවකි.

කො වි ඩ් විහිළුකට ගත් රාජ්‍ය නායකයින් අතර ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛයා විය. ඔහුගේ හැසිරීම් පවා කො වි ඩ් ව සං ග ත ය හමුවේ උ සු ළු වි සු ළු වලට ලක්විය. කො රෝනා හඳුනාගෙන වසර දෙකක් ගතවන විටත් බොහෝ දෙයින් ආ ඪ්‍ය වූ බව කියැවෙන යුරෝපාකරයේ හා විශේෂයෙන් ඇමෙරිකාවේ කො රෝ නා ව සං ගතයේ බ ල පෑම් අවම වී නො ති බු ණි. ආසාදිතයින් හා ඉන් මි ය යන සංඛ්‍යාව දිනකට වාර්තාවූයේ ලක්ෂ ගණනින්ය. උන්ට ද එසේ වූයේ නම් අපට කවර කතා ද?

එහෙත්, මේ සියල්ල තුළ කො වි ඩ් වසංගතයෙන් බැටකන සියලු රාජ්‍යයන් හි පාලකයින් තම තමන්ගේ ආර්ථික හැකියාව කළමනාකරණය කරගනිමින් රටවැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර ගනිමින් සිටියේ ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ද ඊට මුහුණ දුන්නේ සුබසාධන ක්‍රියාවලියට ද අනුගත වෙමිනි. මෙහිදී වත්මන් රාජ්‍ය පාලනය හා විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම්වල හැසිරීමද වෙන්වෙන්ව විමසීමට ලක් කරන්නට සිදුවන පසුබිමක් කොරෝනා තෙවන රැල්ලේ උච්ච අවස්ථාව වන විට එළැඹ තිබේ. පමා වී හෝ එය නි ශ් චි ත ව වි ග්‍ර හ කරගනිමින් සමාජගත කරන්නේනම්, පොදුවේ තීන්දු තීරණ ගන්නා ජන වි ඥා න ය ට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂ සන්ධානය හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සාම්ප්‍රදායික වාමාංශික ධාරාවේ පක්ෂ රැසකින් හා දිර්ඝ කාලයක් තිස්සේ මැද මාවතේ ආර්ථීක මූලෝපායයන් මත විශ්වාසය තැබූ ප්‍රධාන පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලද්දකි. ඒ නිසාම එය (පොහොට්ටුව), වත්මන් විපක්ෂයේ ප්‍රධාන බ ල වේ ග නියෝජනය කරන ලි බ ර ල් ධ න වා දී හා සුළු ධනේෂ්වර මෙන්ම ලුම්පන් පන්තියේ ආශීර්වාදය ලබන නාමික වමක් නියෝජනය කරන කණ්ඩායම්වලින් වි යු ක් ත වූවකි. 1970 දී මෙන්ම, 2020 දී ඔවුන් ට හිමිවන්නේ උඩුගම්බලා පිහිනිය යුතු ප්‍රතිපත්ති සමුදායක් ක්‍රියාවට නංවමින් ඉදිරියට ගෙන යායුතු රටකි. මෙම කාල අන්තරය අතර වැදගත්ම සන්ධිස්ථානය 1977 ය. එදා පලාන බලය හිමිකරගත් කණුඩායම වූ එක්සත් ජාතික පක්ෂය මිශ්‍ර ආර්ථීක ව්‍යුහටක තිබූ රට තුලට විවෘත ආර්ථීකය නමින් ලි බ ර ල් ධ න වා ද ය ගෙඩිය පිටින් වැද්දාගත්තේ ඉවක් බවක් ද නැ ති ව ය.

ධර්මිෂ්ට සමාජයක් ගොඩනංවන බව පවසමින් ව්‍යවස්ථාදායකයේ හයෙන් පහක බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය, වෙළඳපොල ආර්ථිකය උත්තරාරෝපනය කළේ හිත්පිත් නැ ති යක්ෂයෙකු පරිද්දෙනි. එතැන් පටන් මේ ව න තු රු එහි මූලෝපායයන් ඕනෑවටත්වඩා මුල් අද්දවමින් ද, ඊට ම නො දෙ වෙ නි විදෙස් ප්‍රතිපත්තියකින් රටේ ස්වෛරීත්වයට වින කටිමින් ද, අඩු වැඩි වශයෙන් සංශෝධන සහිතව රට පාලනය කරන්නට ඉන් අ න තු රු ව පාලනය හෙබවූවන්ට ද සිදුවිය. 1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට අමුතුම වගන්තියක් ලෙස “විවෘත ආර්ථීකයට මා නු ෂි ක මු හු ණු ව ර ක් යනුවෙන් ඇතුලත් කිරීමට සිදුවූයේ ද ඒ නිසා ය.

ලි බ ර ල් ධ න වා ද යේ මූලික හරය සංක්ෂිතව හැඳින්විය හැක්කේ මෙසේය.
1. සියල්ල තීරණය කරන්නේ වෙළෙඳපොලයි.
2. පොදු වියදම් කප්පාදු කළ යුතුයි.
3. ලාබය ඉපැයීමට ඇති බා ධා ඉවත් කළ යුතුයි. (deregulation – නියාමන ඉවත්කිරීම්)
4. පෞද්ගලීකරණය අ නි වා ර් ය ය අංගයකි. රජය සතු ව්‍යාපාරික ස්ථාන, භාණ්ඩ හා සේවාවන් පෞද්ගලික අංශයට පවරා දිය යුතුය.

මෙසේ වූ කල රාජ්‍යය පාලනය කරන ව්‍යුහය හෙවත් රජය සතු ආදායම් මාර්ග කවරේ ද? හා රජය සතු ව්‍යවසායයන් මෙන්ම රාජ්‍යයේ ජීවත්වන රටවැසියන්ගේ සුබ සාධනය ඉටු කරන්නේ කුමන තත්ත්වයන් යටතේ ද? යන මූලික යෙදවුම් පිරිවැය සපුරාගන්නේ කෙලෙසකද යන්න කිසිවෙකුත් විමසිය යුතුම පැනයක් බවට පත්වෙයි. එය න්‍යායත්මක තලයේ විග්‍රහයන්ට යටත් කළා වුවද, ඒ පිළිබඳ උනන්දුවක් කිසිවෙකු තුළ ඇතිවන්නේ නම් එය සුබදායකය. එහෙත් රටේ ඡන්දදායකයින්ගෙන් කීදෙනෙක් නම් මේ වගක් විමසයි ද? එදා මෙදා තුර එසේ විමසුම්සහගත නො වූ ව ද, ව්‍යවසනයකදී හා රට ම වෙලාගන්නා වසංගත තත්ත්වයක දී රජයේ පාර්ශවයෙන් ලැබෙන තමන්ගේ පංගුව පිළිබඳව ප්‍රශ්න කරන්නට නම් බොහෝ දෙනා ඉදිරියට එයි.

ඒ හා සමානව ම විපක්ෂය ද ඊට උත්තේජන ලබා දෙයි. ඊළඟ ගැටලුව මතුවන්නේ මෙතැනදීය.
ගෝලීය වසංගත තත්ත්වයේ දී ලිබරල් ආර්ථිකයේ උරුමක්කාරයින් හා ඒජන්තයින් වන පෞද්ගලික අංශය හා සුබ සාධනය වෙනුවෙන් කැපවන රාජ්‍ය අංශය යන අංශ ද්විත්වයම අර්බුදයට ලක්වෙයි. එය දරාගැනීමේ හැකියාව ඇත්තේ දියුණු යැයි සම්මත ධනේෂ්වර ආර්ථිකයක් යම් මට්ටමකට කළමනාකරණය කරගත්, අ නෙ කා ම ත තම ආධිපත්‍යය ආකාර කිහිපයකින් මුදාහල රාජ්‍යයන් කිහිපයකට පමණි. වසංගතයේ නිමක් නො දු ටු කල්හි ඒ රාජ්‍යයන්ද අ ස ර ණ වන බවක් කො වි ඩ් 19 විසින් ලොව හමුවේ සපථ කර තිබේ.

ඇත්ත තත්ත්වය එසේ වුවත්, ශ්‍රී ලංකාවේ විපක්ෂය කටයුතු කරනුයේ, පාලකයා විසින් “පිටසක්වළින් හෝ ගෙනැවිත් තම අන්තේයවාසිකයන්ගේ සිට සියල්ලන්ට සුරපුරයක් බඳු සමාජ සංස්ථාවක් නිර්මාණය කළ යුතුය” ආදී ජනයා ද කුලප්පු කරවන මත වපුරමිනි. ලිබරල් ධනවාදයට කත් අදිමින් හා රටේ ස්වෛරීත්වය කෙළෙසන රාජ්‍යයන්ට අ ව න ත වෙමින් තම ප්‍රතිපත්ති සමාජගත කරන විපක්ෂයක් ගෝලීය වසංගතයක් හමුවේ මේ ආකාරයට කටයුතු කිරීම නරුම කමකි. තවත් අතකින් එය තම සැබෑ ස්වරූපය සඟවමින් ජනතාවගෙන් කොටසක් ගොනාට අන්දවමින් සිදුකරන න පුං ස ක රංගනයකි.

1977 සිට රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දමමින්, තම අනේතේයවාසිකයින්ට ලබා දෙමින්, රාජ්‍ය ආදායම බිංදුවට වට්ටමින්, පිරටට ණය වෙමින්, ඩොලරයට සාපෙක්ෂව රුපියල බාල්දු කරවමින්, අපනයන ආ දා ය ම අවම කරමින් හා ආනයන වි ය ද ම් වැඩි කරමින්, ප රි භෝ ජ න වා දී ආර්ථිකයකට රටේ බහුතරයක් හුරුකරවමින් ඔවුන් ගෙනගිය පාලන ක්‍රමය වෙනස් කරන්නට උත්සාහ දරන හැම විටම ඊට අ කු ල් හෙළමින් මේ විපක්ෂයේ පක්ෂ නටන නා ඩ ග ම් ජනතාව තේ රු ම් ග ත යුතුය. ම ත වා දි ජ ය ග්‍ර හ ණ ය න් ද හිමිකරගන්නා ආණ්ඩුවක් ලෙස විපක්ෂයේ මේ න රු ම ත් ව ය සංවේදීව ජනගත කළ යුතුය.

සත්‍ය වශයෙන්ම, කෙටියෙන් පවසතොත්, තමන් විසින් රාජ්‍යය සතු සම්පත් හා ආදායම් හීන කරවන ප්‍රතිපත්ති සමුදායක් දශක ගණනාවක් පුරා පෝෂණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන ධාරාව තේරුම් ගත යුතුය. එය දැනුම්වත් පුරවැසියන්ට සැ ඟ වි ය නො හැ කි ස ත්‍ය ය කි. ඒ හේතුවෙන් ව සං ග ත ය ක දී තබා සාමාන්‍ය පසුබිමකදී වුව සුබසාධනය වෙනුවෙන් අ සී මි ත මුදල් කන්දරාවක් වැය කිරීමට රජයයට අ ව කා ශ නැ ති බව විපක්ෂය තේරුම් ගත යුතුය. එසේ වන හෙයින්, ජනතාවට සලසන සහන අවම බව පවසමින් ඩෙ ඟා නටන්නට වත්මන් විපක්ෂයට කිසිදු ස දා චා රා ත් ම ක අයිතියක් නැ ත. එවන් විපක්ෂයට නි සි පාඩම් ඉගැන්වීමට ද ජනතාව පෙ ල ගැ ස් ස වි ය යුතුය. එය ද, කොරෝනා පරාජයට පත්කරවන තරම් වැදගත් ක්‍රියාන්විතයකි.
(ජනිත් විපුලගුණ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්