Mar
4

” වයස අවුරුදු 19 දී තමයි මට එයාව මුණගැහෙන්නේ, මම ජනතාව අතරට යන මුල්ම කාලේ මම විවාහකයි ” ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය

 
6167 Views
   
 

උදාරි වර්ණකුලසුරිය කියල කියන්නේ මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව සිටින මෙරට හැමෝම වගේ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කොහොම නමුත් උදාරිගේ රංගන දක්ෂතාවය අපට සිංහල සිනමාව ඔස්සේ වගේම ටෙලි නාට්‍ය නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙන අතර ඇයට මෙරට හිමිව තිබෙන්නේ ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක්. කෙසේවෙතත් 1988 මාර්තු විසි දෙවන දින මීගමුවේදී ඇය උපත ලබන අතර මේවෙද්දී මෙරට කලාව වෙනුවෙන් ඇය සුවිශේෂ වු කාර්‍යබාර්‍යයක් ඉටුකර තිබෙනවා

කොහොම නමුත් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇය සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ටෙලි නිර්මාණයන් අතුරින් ” බොඳ මීදුම්” ටෙලි නිර්මාණය මෙරට බොහෝ ලෙසින් ජනප්‍රියත්වයට පත්වුණා

ඇත්තෙන්ම මෙම ටෙලි නිර්මාණය තුළින් උදාරිට හිමිවන්නේ ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයක්. ඒ කොහොම උනත් උදාරීගේ පවුලේ විස්තර ගැන කියනවානම් ඇගේ පියා ග්‍රෙෂන් ප්‍රනාන්දු වන අතර මව චිත්‍රා පුෂ්පකාන්ති

කෙසේවෙතත් සිය සැමියා සමගින් මේවෙනකොට සිංගප්පූරුවේ ඉතාමත් සතුටින් ජීවත් වන ඇය වසංගත සමයේ සිය නිර්මාණශීලීත්වය සමාජගත කළේ ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමිනුයි. ඒ ගැන අදහස් දක්වමින් පසුගිය දිනක ඇයනම් කියල තිබුනේ තමන් චිත්‍රපට 8 ක රූගත කිරීම අවසන් කලා කියලයි. ඒ කොහොම උනත් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සමගිනුයි

උදාරී කියන්නේ මේවෙද්දී මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඉහළ ජනතා ආදරයක් දිනාගෙන ඉන්න චරිතයක්. ඉතින් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත් ?

ලංකාව වගේ රටකින් මිදිලා වෙනත් රටකට යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. අන්තර්ජාතික වශයෙන් නමක් දිනා ගන්න මම කැමතියි. හොඳම නිළිය සම්මානය ගන්නත් මම කැමැතියි. පෞද්ගලික ජීවිතය ඇතුලේ මම මගේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා

ඇත්තටම ඔබගේ මේ ගමනට බාධාවක් නොවන ස්වාමියෙක්ද ලැබිල ඉන්නේ කියල අපි ඇහුවොත් ?

ඇත්තටම ඔව්. මට මගේ ස්වාමියා මුණගැහෙන්නේ අවුරුදු 19දී. පායා එන්න හිරු සේ චිත්‍රපටය තිරගත වන විට මම විවාහ වෙලා ඉන්නේ. මේ චිත්‍රපටය අතරතුර තමයි මට ඔහු මුණ ගැහෙන්නේ. මම ජනතාව අතරට යන මුල්ම කාලෙ මම විවාහකයි. මම හිතන්නේ මම විවාහ වීම මගේ ජීවිතයේ වාසනාව වුණා. ඔහු වෘත්තිමය වශයෙන් වෛද්‍යවරයෙක්. ඔහු ඔහුගේ රාජකාරි වල නියැලෙමින් මටද උදව් කරනවා. ස්වාමියෙක් පියෙකු වශයෙන් ඔහු අපේ පවුලට ලොකු කැපවීමක් කරනවා

කලක් මෙරට ටෙලි නාට්‍යය තුළින් නිරන්තරයෙන් අපට දැකගන්නට ලැබුණු ඔබව අපට දැන්නම් වැඩිය ටෙලිනාට්‍ය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඔබ ටෙලි නාට්‍යය අත ඇරලද ?

මම ටෙලිනාට්‍ය අතහැරලා නැහැ. හැබැයි මම ටෙලිනාට්‍ය බාරගන්න එක තාවකාලිකව නතර කරයි. ඒකට හේතුව චිත්‍රපටි අටකට මම සම්බන්ධ වෙන නිසා. මාව ප්‍රේක්ෂකයින්⁣ට වෙනස් විදිහකට දකින්න ඕන නිසා මම ටෙලිනාට්‍ය වලින් අයින් වුණා. ඒකයි තීරණය. නැතුව මම ටෙලි නාට්‍යය අතහැරලා නැහැ

ක්ෂේත්‍රය තුළ ඔබව දකින්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්, ඊට හේතුව මොකක්ද ?

ඇත්තටම ඒක හරි. ජනප්‍රිය උනහම නිරන්තරයෙන් දකින්න ලැබෙන්න ඕන කියලා මිනිසුන් තමයි හිතන්නේ. මම අද වෙනකම් රූගත කිරීම් වලට සහ සම්මාන උළෙලකට අමතරව වෙන කිසිම තැනකට ගිහින් නැහැ. මළ ගෙවල් මඟුල් ගෙවල් කිසි දේකට මම යන්නේ නැහැ. මම ඒ අන් අයට දොස් කියන්නෙත් නැහැ. හැබැයි මම එහෙම නොගිය කියලා මට රසිකයින්ගේ ආදරය අඩු වෙලා නැහැ.මගේ එකම යාලුවෝ මගේ සැමියා සහ මගේ දුව

උදාරි කියන මේ චරිතය නිලියක් වෙනවට ගොඩක්ම ආස කලේ ඔබේ පියා නේද ?

ඔව් මම නිලියක් රූ රැජිනක් වෙනවට ගොඩක්ම ආසා කලේ මගේ තාත්තා, මම පොඩි කාලේ ඉඳලම එයා හීන දැක්කේ මාව රූප සුන්දරියක් කරන්න. ඉස්සර මගේ පෙකණිය කපලා බුරිය උඩට එද්දී තාත්තා බුරියට සතයේ කාසියක් ගැටහලා කියනවලු මම කවදා හරි මිස් ශ්‍රී ලංකා කරනවා කියලා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්