Feb
1

දුනිත්ගේ සුපිරි පිතිකරණයෙන් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක්

 
857 Views
   
Dunith's superb batting gives Sri Lanka another chance  

නායක දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානය සඳහා වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ සමත් වුණි.

ඒ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම පරාජයට පත්කරමින්ය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 232කි.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 130කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 113ක් රැස් කළේය.

රනුද සෝමරත්න නොදැවී ලකුණු 57ක් ලබාගත්තේය.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 167ක් පමණය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජෙහාර්ඩස් මාරි ලකුණු 44ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ට්‍රෙවීන් මැතිව්, ෂෙවෝන් ඩැනියල් සහ රවීන් ද සිල්වා කඩුළු 2 බැගින් දවාගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානය සඳහා වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණි.

පස්වන ස්ථානය සඳහා වූ අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායමයි.

මේ අතර මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලාග් දැක්වූ දක්ෂතා ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබේ.

දුනිත් වෙල්ලාලගේ මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා තරග 5කට සහභාගි වෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 224ක් රැස් කරගෙන සිටින අතර ඔහු වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින් අතර පසුවන්නේ පස්වන ස්ථානයේය.

මේ දක්වා කඩුළු 17ක් දවාගෙන ඇති වෙල්ලාලගේ තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා බවට පත්ව සිටී.

ඒ අනුව එක් යොවුන් ලෝක කුසලානයක් තුළ පිතිකරුවෙක් ලෙස ලකුණු 200කට වඩා රැස්කර, පන්දු යවන්නෙක් ලෙස කඩුළු 15කට වඩා දවාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ වාර්තා අතරට එක්වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්