Jul
21

රංගන අවස්ථා ලබා දෙන බව පවසා තරුණියන් රවටා අස’ භ්‍ය නිල් චිත්‍රපට සැකසූ ප්‍රසිද්ධ නිළියගේ සැමියා මාට්ටු

 
2934 Views
   
 

තරුණියන්ට රංගන අවස්ථා දෙන බව පවසා අසභ්‍ය දර්ශන රූගත කර බෙදාහැර බවට ලැබුනු පැමිණිල්ලක් ඔස්සේ කළ විමර්ශනයෙන් පසු දෙස් විදෙස් ජනාදරයට පාත්‍ර වූ ජනප්‍රිය නිළියකගේ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට පත්වී ඇත . මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන ශිල්පා ෂෙට්ටිගේ සැමියා රාජ් කුන්ද්‍රාය.

පරිගණක යෙදවුම් (apps) හරහා මෙම චිත්‍රපට හා විඩියෝ පට බෙදා හැර ඇති බව සඳහන් වේ. පොලිසිය පවසන්නේ මෙම චෝදනාවලට අදාළව සාක්ෂි විශාල ප්‍රමාණයක් තමුන් සතුව ඇති බවයි. මෙම සිද්ධියෙහි මහ මොළකරු රාජ් කුන්ද්රා බව පෙනී යන්නේ යයිද පොලිසිය පවසා ඇත.

තරුණියන්ට සිනමාවට පිවිසීමට අවස්ථා විවර කර දෙන බව පවසා ඔවුන්ගේ අසභ්‍ය දර්ශන රූපගත කර පසුව ඒවා අන්තර්ජාලයට මුදා හැර ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි. මෙම සිද්ධියට අදාළව තවත් පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවෝ දෙදෙනෙක්ද ඒ අතර වනවා.

අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනකු නළුවන් ලෙස කටයුතු කළ අයයි. තවත් අයකු විදුලි ආලෝක ශිල්පියකු බව වාර්තා වේ. කාන්තාවන්ගෙන් එක් අයෙකු කැමරාකාරියක ලෙස ද, අනෙකා ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක ලෙසද කටයුතු කර තිබේ.

අදාළ කණ්ඩායම මාද් නමැති ගම්මානයක කුලියට ගන්නා ලද නිවසක රූපගත කිරීම් සිදු කරමින් සිටිය දී පොලිසියට ලැබුණු ඔත්තුවක් මත වැටලීමක් සිදු කර තිබිණි. පොලිසිය එහි යනවිටත් රූපගත කිරීම සිදු වෙමින් තිබූ බැව් සඳහන් වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්