Nov
17

සෙනඟ දකින්නට කැමති විපක්ෂ නායක සජිත්ගේ ජනපති සිහිනය

 
1938 Views
   
 

පවත්නා රාජ්ය තන්ත්රයට එරෙහිව අඛණ්ඩ විරෝධතාවක යෙදීමෙන් රාජ්ය බලය උදුරා ගත හැකි යැයි දේශපාලන ප්රවණතාවක් මෑත භාගයේ රටවල් ගණනාවක ක්රියාත්මක විය. ඒවා බොහොමයකට අන්තර්ජාතික සහයෝගය ද ලැබිණි. එහෙත් ඒ කිසිදු රාජ්යයක යහපත් දේශපාලන පෙරැළියක් සිදු වූයේ නැත. 

සිදුවූ එකම දෙය වන්නේ රට දේශපාලනික හා ආරථික වශයෙන් පරිහානියට පත්වීම පමණි. ජනතාව මේවාට සම්බන්ධ වන්නේ දේශපාලනය පිළිබඳ වැටහීමකින් නොව, තාවකාලික උද්දාමයක් මතය යන්න වටහා ගත හැකිය. අර්බුදකාරී අවස්ථාවල දී ජනතාව කුලප්පු කිරීම පහසුය. ඔවුන් පාරට බැස්සවීම ද පහසුය. එහෙත් එහි ප්රතිඵලය සුබදායක වන්නේ නැත. 

රටේ දේශපාලන ව්යාපාර හා ඒවායෙහි නායකයන් මේ සත්යය වටහා ගත යුතුව තිබේ. ෙකාළඹට මහ සෙනඟක් ගෙන්වමින් ආණ්ඩුව කම්පනයට පත් කරන බව සමඟි ජන බලවේගය කියා සිටියේ මීට මාසයකට පමණ පෙර සිටය. 

ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් ද රැස්වීම් සංවිධානය කරමින් ද තම විරෝධතාව තහවුරු කරන්නට සමඟි ජන බලවේගය කටයුතු යොදා තිබිණි. 

විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා ගමින් – ගමට යමින් පිරිස සංවිධානය කළේය. විපක්ෂය එම විරෝධතාව සංවිධානය කළේ රටේ කොරෝනා තත්ත්වය තඹ දොයිතුවකට මායිම් කරමින් නොවේ. දේශපාලන ඉලක්ක වෙත හඹා යෑමේ දී ඡන්දදායකයාගේ ජීවිතය හා මරණය නොසලකා හැරීම තුළ ඇත්තේ කුමන දේශපාලන දර්ශනයක් ද යන්න ප්රශ්න කළ යුතුව ඇත. 

දේශපාලකයන්ගෙන් පමණක් නොව; වෘත්තීය සමිති නායකයන්ගෙන් ද එය විමැසිය යුතුය. සමඟි ජන බලවේගයේ දිනය ඊයේට යෙදී තිබිණි. 

එය සජිත් ප්රේමදාස මහතාගේ දිනය ලෙස නම් කළ ද වරදක් නැත. සජිත් මහතා ද ඔහුගේ පියා මෙන් සෙනඟ දකින්නට කැමැතිය. 

සෙනඟ පිරිවරාගෙන හද කම්පා කරවන කතා පැවැත්වීමට ද ඔහු කැමැතිය. පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහු ඇතැම් රැස්වීම්වල වේදිකාව මතට ගොඩ වූයේ ජනතාවගේ කර මතින්ය. 

එලෙස ජනතාවගේ කර මතින් ගිය ඔහු විස්මිත පොරොන්දු තොගයක් ද සමාජ ගත කළේය. සජිත් ප්රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්රහණය පිළිබඳ බලවත් විශ්වාසයකින්ය. තරගයේ අවසන් දින කිහිපය තුළ ඔහු කටයුතු කළේ ජනපති පදවිය ලබා ගත් තැනැත්තකු සේය. 

එහෙත් ඡන්ද ප්රතිඵලය නිකුත් වූ පසු සජිත් හඬා වැටුණේය. මාස දෙක – තුනක් යන තුරු ඔහු එළියට ආවේ ද නැත. ඕනෑම කෙනකුට සිහින දැකීමේ අයිතියක් ඇත. ඊට තහංචි පැන විය නොහැකිය. එහෙත් සිහිනය හා යථාර්ථය අතර පවත්නා පරතරය ගැඹුරු වන තරමට පුද්ගලයා අමාරුවේ වැටෙන්නේ ය. 

මෙබඳු සිහිනවල පැටලී සිටින අය මට වසර පහකට නොව, වසර විසිපහකට බලය ලබා දෙන්නැයි කියන්නටත් පුළුවන. විපක්ෂය දෙස බලන විට කරුණු දෙකක් පැහැදිලි වෙයි. පළමුවන්න විවේචනයක් මිස වැඩපිළිවෙළක් ඔවුන්ට නැති බවය. දෙවන්න විරෝධතාවලින්ම ආණ්ඩුව පලවා හැරීමට හැකියාවක් ඇතැයි විශ්වාස කිරීමය. 

පොහොර, සිමෙන්ති, ගෑස්, බඩුමිල, මේවා තාවකාලික ගැටලු ලෙස විපක්ෂය දකින්නේ නැත. එම ගැටලු ලෝක තත්ත්වයන් මත ඇති වූ දෙවල් ලෙස ඔවුන් පිළිගන්නේ ද නැත. ආණ්ඩුව පෙරළා දැමුවහොත් මේ සියල්ල හරි යන බව ඔවුන්ගේ මතය වී තිබේ. කොළඹට ඊයේ මහ ජනගඟක් ගැලුවේ නැත. 

ඇතැම් ප්ෙද්ශවල පොල්ගහන දර්ශන ද, පඹයන් හදා ඒවාට තඩිබාන දර්ශන ද දැක ගත හැකි විය. ඒ කිසිදු ස්ථානයක සෞඛ්ය පිළිවෙත් රැකුණේ නැත. සමහරු බීමත්ව එකිනෙකාගේ කරට අත් දමමින් නැටූහ. සමහරු රබන් ගසමින් විරිදු ගායනා කළහ. 

මේ සෑම තැනෙකින්ම කොරෝනා රෝගීන් මතු වීමේ ඉඩ – ප්රස්ථා තිබේ. සෞඛ්ය අංශ පෙරේදා වාර්තා කර තිබුණේ කොරෝනා නව රැල්ලක් පිළිබඳ අවදානම ඇති බැවින් අතිශය පරෙස්සම්කාරී ජීවිතයක් ගත කළ යුතු බවය. දෛනික ආසාදිතයන්ගේ ගණන හත්සියය දක්වා වර්ධනය වී තිබේ. 

මීට පෙර එය පැවැතියේ පන්සියයකට අඩුවෙන්ය. දෛනික කොවිඩ් මරණ සංඛ්යාව විසි ගණන් දක්වා ඉහළ නැග තිබේ. මීට පෙර එය පැවැතියේ දහයකට අඩුවෙන්ය. නැතහොත් දහයේ සීමාවේය. කොවිඩ් මර්දන ව්යාපාරයේ බලවත් කැපවීම මත රට සාමාන්ය තත්ත්වයට පැමිණ තිබිණි.

එහෙත් දැන් එය කණපිට පෙරැළී නව කොවිඩ් රැල්ලක් මතු වීමට ඉඩ තිබේ. එම කොවිඩ් රැල්ලට වග කියන්නේ කවුද?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්