Aug
25

දෙන්නෙක් ලිංගිව හැසිරෙන්නේ කොහොමද කියලා ඇහුවා පහත් ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න ඒ පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා

 
11327 Views
   
 

නිර්ධා උයන්හේවා කියන්නේ කාලයක් නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දැකගන්න ලැබුණු චරිතයක්. විවිධ චරිත එක්ක ජනතාව අතරට ආ ඈ මේ වෙද්දී දැකගන්න ලැබෙන්නේ ඉද හිට. කොරෝනා තත්වය එක්ක නිවසට වෙලා ඉන්න නිර්ධාට පසුගිය කාලයේ අ ක ර තැ බ් බ ය ක ට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ අ ස භ්‍ය කතාබහක් ගැන. ඒ ගැන කතා කරන්න අපි නිර්ධව අපේ කතාබහට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

කොහොමද නිර්ධා, කොරෝනා වසංගත තත්වය එක්ක නිවසට වෙලා කාලය ගත කරනවා ඇති නේද? පසුගිය කාලයේ නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ නම් නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා, පසුගිය කාලයේම ගෙදරට වෙලා ඉදලා ඇත්තටම මානසික පි ඩ නයක ඉන්නේ. මේ පී ඩ නය බොහෝ දෙනෙකුට ඇති කියලා හිතනවා.

නිර්ධාට අ ක ර තැ බ් බ ය ක් වුණා කියලා ආරංචි වුණා, ව්‍යාජ සුනිල් ආරියරත්න කෙනෙක් කතා කරලා වීඩියෝ එකක් අරගෙන? ඔව්. තිබ්බ මානසික පීඩනය දැන් දෙගුණ වෙලා තියෙන්නේ. පසුගිය දවසක සුනිල් ආරියරත්න මහත්මයා කියලා මට ෆිල්ම් එකක් දෙන්නම් කියලා කෙනෙක් කතා කළා. මම මිට පෙර සුනිල් ආරියරත්න සර් එක්ක වැඩ කරලා නැ ති නිසා ඔහුගේ කටහඬ ගැන එතරම් අවබෝධයක් තිබ්බේ නැ හැ. ඒ නිසා ඔහු වගේ මට ඇමතු පුද්ගලයෙකුට මම රැ ව ටු ණා.

මොනවද වුණේ කියලා විස්තර කළොත්? මම මිට කලින් වැඩ කළ ටෙලි නාට්‍යක සහය අධ්‍යක්ෂ කෙනෙක් මට කතා කරලා කිව්වා අක්කේ සුනිල් ආරියරත්න සර් ඔයාට කතා කරන්න ඕන කිව්වා ෆිල්ම් එකක් ගැන කතා කරන්න කියලා. වට්ස් ඇප් කෝල් කරයි ඔයා කතා කරන්න කියලා කිව්වා. මම කිව්වා මට කතා කරන්න බැ හැ ඔයා මගේ නම්බර් එක දීලා මට කතා කරන්න කියලා. මම සුනිල් මහත්මයා එක්ක වැඩ කරලා තිබ්බේ නැ ති වුණාට එතුමා මම ගරු කරන චරිතයක්.

ඔබට ඔය කියන ඇමතුම ආවම මොකද හිතුණේ? මම හරියට සතුටු වුනා ඇමතුම අවම මම ටික වෙලාවක් කතා නො කර හිටියා. එතරම් පුදුමයට පත් වෙලා. සුනිල් සර්ගේ වැඩකට සම්බන්ධ වෙන්නේ කියලා. පසුව ව්‍යා ජ සුනිල් මගෙන් ඇහුවා කතා නො කර ඉන්නේ ඇයි කියලා. මම ඔහුට කිව්වා මම ඉන්නේ පුදුම වෙලා කියලා. විනාඩි 30ක් විතර එදා කතා කළා. නිර්මාණය ගැන විස්තර හා සුනිල් ආරියරත්න කල චිත්‍රපටි ගැන. ඔහු මගේ විශ්වාසය අරගෙන කතා කරද්දී මට කොයිම මොහොතකවත් හිතුනේ නැ හැ මේ කතා කරන්නේ ව්‍යාජ පුද්ගලයෙක් කියලා.

ඔබ ඔහු සමග දිගටම කතාබහ කළාද? ඔව්. පළමු ඇමතුමෙන් පසුව ඔහු මට කිව්වා නිර්ධා මම කතා කරන්නේ WhatsApp විතරයි. මේ චිත්‍රපටියේ ඔයා ප්‍රධාන චරිතයක්. තවත් නිලියෝ දෙන්නෙක් ඉන්නවා. කියලා ඒ දෙන්නගෙත් නම් කිව්වා. එයාලත් ප්‍රසිද්ධ චරිත. මම ඉතින් අ ක මැ ති වෙන්න හේතුවක් තිබ්බේ නැ හැ. මොකද කතා කරන්නේ සුනිල් සර් නිසා. පසුව ඔහු කිව්වා ඔයාලා තුන්දෙනාගේ වීඩියෝ එකක් කරනවා WhatsApp කෝල් එකෙන්ම කියලා. අනිත් දෙන්නගේ වෙලාව එක්ක බලලා මට රෑ 11ට විතර කෝල් කරන්නම් කමක් නැ හැ නේද කියලත් ඇහුවා. සුනිල් සර්ගේ කාර්යබහුලකම නිසා ඔහුගේ කාලයට බා ධා කරන්න මට වුවමනාවක් තිබ්බේ නැ හැ. ඔහු මට ලබා දෙන මුදල කිව්වා. ඒකත් ලොකු මුදලක් ඒ වගේම මේ වීඩියෝ එක කළාට පස්සේ සති දෙකකින් චිත්‍රපටියේ වැඩ පටන් ගන්නවා කියලත් කිව්වා.

ඔහු කිව්ව වේලාවට ඔබ ඇමතුමට සම්බන්ධ වුණාද, ඒ මොහොතේවත් ඔබට සැ ක ය ක් හිතුණේ නැ ද්ද? වීඩියෝ කෝල් එකක් අරගෙන මගේ කැමරාව ඔන් කරලා එයාගේ කැමරාව ඔෆ් කරලා සම්මුඛ සාකච්ඡාව කරගෙන යනවා කිව්වා. මම ඒකටත් එකග වුණා. මොකද මාත් එක්ක මිට පෙර නිර්මානයක වැඩ කළ සහය අධ්‍යක්ෂවරයෙක් හරහා මේ ඇමතුම ආ නිසා මම විශ්වාස කළා. නමුත් වීඩියෝ කෝල් එක ගන්න කලින් මම අර සහය අධ්‍යක්ෂවරයාට කෝල් කරලා කිව්වා මල්ලි මේ සුනිල් සර් නේද බ ය වෙ න් න දෙයක් නැහැ නේද කියලා. එයා කිව්වා ඒ සුනිල් සර් තමයි බ ය වෙන්න එපා කියලා. ඒ නිසා මම ඔහුව සියයට දෙසීයක් විශ්වාස කළා.

පසුව ඔහු ඒ කිව්ව වෙලාවට මට ඇමතුම ගත්තා. මගේ කැමරාව ඔන් කරලා ඔහුගේ කැමරාව ඕෆ් කරලා තිබ්බේ. මුලින්ම ඇහුවේ මම ගැන, ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියලා. පස්සේ මම කරලා තියෙන නිර්මාණ හා සිනමා නිර්මාණ ගැන විස්තර වගයක් ඇහුවා. ඒවා අහලා කිව්වා ඔයාට සිනමාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට අමු අමුවේ උත්තර දෙන්න කිව්වා. මුඩුක්කු ජිවිතයක් ගත කරන කෙනෙක් වගේ කියලා. මම මිට කලින් සැර චරිත කරලා තිබ්බ නිසා මම හිතුවා කරන නිර්මාණයට අවශ්‍ය දේ මගෙන් ගන්නවා ඇති කියලා. මම ඔහුට සර් කියලා ඇමතු නිසා ඔහු කිව්වා මට සර් කියන්න එපා අපි මේ ගමන යන්න ඕන ෆ්‍රෙන්ඩ්ලි ඒ නිසා සර් කියන්න එපා කියලා.

පසුව ඔහු මගෙන් ඇහුවා සමලිංගික ජිවිත ගැන මොකද හිතන්නේ සමලිංගිකත්වය දැකලා තියෙනවාද, ඒ වගේ අයව ආශ්‍රය කරලා අත්දැකීම් තියෙනවද කියලා. මම අපහසුතාවයට පත් වුනා නමුත් මට පුළුවන් විදිහට උත්තර දුන්නා. සමලිංගිකත්වය සුලබව දැන් දකින්න තියෙන දෙයක් කියලා මම කිව්වා. එහෙම නෙමෙයි උත්තර දෙන්න ඕන අමු අමුවේ කියලා ආයෙත් කිව්වා. පස්සේ කොල්ලෝ කොල්ලෝ ආශ්‍රය කරනවට ඔහු වචනයක් කියලා ඒක කියන්න කිව්වා. මමත් කිව්වා.

ගැහැණු ළමයි ගැහැණු ළමයි සමලින්ගිකව හැසිරෙන්නේ කොහොමද ඇහුවා. ඒවගේම දෙන්නෙක් ලිංගිකව හැසිරෙන්නේ කොහොමද කියලා ඇහුවා. මට ඒ වචන එක්ක දැනුනු බ ය හා අ ප හ සු ව නිසාම මම සුනිල් ආරියරත්න වුනත් ඒ චිත්‍රපටිය එපා කියලා මම කෝල් එක කට් කළා. ඔහු දෙතුන් වතාවක් WhatsApp ගත්තා. මම ෆෝන් එක ඕෆ් කළා. ඔහු එක වතාවක්වත් සාමාන්‍ය විදිහට ඇමතුමක් ගත්තේ නැ හැ. ඒ වෙලාවේම මම සහය අධ්‍යක්ෂකට ඇමතුමක් අරගෙන බනින්න හිතුවා. නමුත් කතා කලේ නැ හැ. බ ය ට අ ප හ සු තා ව ය ට එළිවෙනකල් නින්ද ගියෙත් නැ හැ.

ඔබ ආචාර්ය සුනිල් ආරියරත්නට ඇමතුමක් ගත්තේ නැද්ද? මගේ යාළුවෙකුගෙන් එතුමාගේ නම්බර් එක හොයාගෙන මම කතා කරලා විස්තර කිව්වා. එතුමා කිව්වේ මම වගේ රඟපාන මනුස්සයෙක් ඉන්නවා. ජනප්‍රිය නිලියෝ කිහිපදෙනෙක්ම ඒ ඇමතුමට රැවටිලා තියෙනවා කියලා. මම ඒ ගැන දැනුවත් කරලා තිබ්බේ කියලා එතුමා කිව්වා. මම එතුමාගෙන් ඇහුවා මම මේකට නී ති මය පියවර ගත්තට කමක් නැද්ද කියලා. එතුමා කිව්වා එහෙම කරන එක හොදයි කියලා.

පසුව මම පොලිසියට ගිහින් පැමිණිලි කළා. පොලිසියෙන් එතුමාවත් ගෙන්නලා තිබ්බා. මේ වගේ පහත ආශාවන් ඉෂ්ඨ කරගන්න උත්සහ කරන පුද්ගලයා කොහොම හරි කොටු වෙයි කියලා හිතනවා. තවත් නිලියෝ අ ප හ සු තා ව ය ට පත් නො වෙන්න ඕන නිසයි මම නිතිය පැත්තට යොමු වුනේ. (හර්ෂණී වීරරත්න- හිරු ගොසිප්)

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්