Mar
4

අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවයි

 
2038 Views
   
 

මෙරට ආර්ථිකය තුළ සමතුලිතතාවය රැක ගැනීම උදෙසා වැඩිම දායකත්වයක් ලබාදීමට අපනයන කේෂ්ත්රය සමත් වනවා. විශේෂයෙන් අපනයන බෝග සහ නිෂ්පාදන, අපනයනය සඳහා සුවිශාල දායකත්වයක් ලබා දෙයි. වසංගත තත්ත්වයෙන් පසුව පසුව යළි නැඟිටින ශ්රී ලංකාව තුළ අපනයන ක්ෂේත්රයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණා.ඒ අනුව,මේ වසරේ ජනවාරි මාසයේදී ශ්රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යමින් රුපියල් කෝටි 21,240ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1,062.63) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්තවල දැක්වෙන්නේ මෙය පසුගිය 2021 වසරේ ජනවාරි මාසයේදී ශ්රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 13ක වර්ධනයක් බවත් 2020 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 5.7ක වර්ධනයක් බවයි. කලාපීය වශයෙන් සංසන්දනය කිරීමේදී 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 2022 ජනවාරි මාසය තුළ සියලු කලාප වෙත ශ්රී ලංකාවේ අපනයන වැඩිවී තිබෙනවා. ඒ අනුව යුරෝපා සංගමය වෙත අමෙරිකානු ඩොලර් මිලියන 206.74ක් ද එක්සත් ජනපදය වෙත ඩොලර් මිලියන 255.25ක් සහ දකුණු ආසියානු කලාපය වෙත ඩොලර් මිලියන 112.86ක් ලෙසද අපනයන ආදායම වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

මේ අතර 2022 වර්ෂයේ ජනවාරි මාසය තුළ සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 313.22ක් වූ අතර, එය 2021 ජනවාරි මාසයට වඩා සියයට 42.2කින් වැඩිවීමකි. ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පවසන්නේ මේ වසරේ ජනවාරි මාසයේදී අපනයන කාර්යසාධනය කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති බවත් ප්රධාන අපනයන ක්ෂේත්ර සියල්ලම පාහේ දිරිගන්වනසුලු ප්රවණතා පෙන්නුම් කර ඇති බවත් මෙම ප්රවණතාව නොකඩවා පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර, වසර අවසානයේදී සැලකිය යුතු ප්රගතියක් දැකගත හැකිවනු ඇති බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්