Jan
26

පුණ්‍ය භූමි ශ්‍රී ලංකා

 
1753 Views
   
 

ඉතිහාසයේ ප්රථම වරට වී ගොවියාගේ අස්වැන්න කිලෝව රුපියල් 75/= කට අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දුන් එකම රාජ්ය නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාය. ඒ අතර මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන්ට ගෙවීමට රජය රුපියල් කෝටි 4,000 ක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෙන් කර ඇත.

මේ රජයට එරෙහිව නිරතුරුවම මඩ ගැසීමට , උත්ඝෝෂණ කිරීමට බලාගෙන සිටින පටු දේශපාලකයන්ට කබල් ගෑමට තිබූ එකම කරුණ වූයේ රසායනික පොහොර නොදී ගොවිතැන් පාළු වී රටේ ආහාර හිඟයක් මෙන්ම ගොවියා අතරමං කළා යන්නයි. එහෙත් රටේ මොනතරම් මූල්ය අපහසුතා තිබුණද ජනාධිපතිවරයා කිසිවිටෙකත් අභියෝගය දැක පලා යන රාජ්ය නායකයකු නොවේ .

රණවිරුවකු ලෙස අත්දැකීම් සමුදායක් ලබාගෙන ඇති ජනාධිපතිවරයා කිසිදු බලවේගයකට යටත් නොවන ජන නායකයෙකි . එතුමා එදා නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවනි සැසි වාරය ආරම්භයේ දී ප්රකාශ කලේ තමාගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් සියලු දෑ රටේ ජනතාවත්, රටත් වෙනුවෙන් ඉදිරි වසරේදී ඉටු කරනා බවයි . ඒ පොරොන්දුව තාමත් මාසයක් ගතවීමට පෙර කිසිදු රජයක කිසිදු නායකයකුට කළ නොහැකි වූ බොහෝ දේවල් දැන් ඉටු වෙමින් පවතී. ගොවි ජනතාව අතරින් වැඩි පිරිසක් නිහඬවම රටට හඳුන්වා දුන් කාබනික පොහොර හරහා ගොවිතැනින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සූදානමින් සිටිති.

රාජ්ය විරෝධකයින්ගේ බසට රැවටී ඒ රසායනික පොහොර මාෆියා කාරයන්ගේ මල්ල පිරවීමට උත්ඝෝෂකයන් පිටුපස ගිය ගොවීන් ගේ වගා පාළු විය. එහෙත් ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් රුපියල් කෝටි 4,000 ක් වෙන් කර් ඇත. එය ඉදිරි දිනයක ඔවුන් අතට මෙය ලැබෙන විට ඔවුන්ට ඔවුන් ගැනම ලැජ්ජා හිතෙනු ඇත. මේ වනවිට රට පුරා අස්වනු සමීක්ෂණය 75,000ක් සිදුකර ඇත.මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ මහකන්නයේ වගා හානි සිදුව ඇත්තේ 30% ක් බවයි. වී ගොවීන්ගේ දැන් අතමිට සරුය.

රාජ්ය සේවකයාගේ අතමිට සරුය . සෙසු සියලු දෙනාගේ නිශ්පාදන වලට හොඳ මිලක් ලැබේ. ඉන්ධන, ගෑස් ප්රධාන ප්රශ්ණ නෑ සංචාරක ව්යාපාරය දියුණුය. දේශීය ගොවියාගේ සියලු නිශ්පාදන වලට හොඳමිලක් ලැබේ. අධ්යාපනය හා සෞඛ්ය සුරක්ෂිතයි. එසේ නම් තවත් ඉතිං මොනවා ඉල්ලා වර්ජකයන් කෑ ගසන්නද…..?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්