Nov
8

හෙට රට භාරගන්නා ලෝකයේම ආකර්ෂණය දිනාගත් අපේ තරුණ ප්‍රජාව

 
1479 Views
   
 

රටක් දියුණු කිරීමේදී තරුණයා යනු ඉතා වැදගත් සාධකයක් වේ.නව ලෝකය ජයගැනීමට නම් තරුණයා සතු දක්ෂතාවය, හැකියාව,නිර්මාණශීලීත්වය හා තරුණ ජවය නිසි ලෙස යොදා ගැනීම සමාජය තුළ නිසි නායකත්වය ලබා දීම යුගයේ අවශ්යතාවය වී තිබේ. මේ වනවිටත් විවිධ ක්ෂේත්ර ඔස්සේ ලෝකය ජයගත් තරුණ දූ පුතුන් රාශියක් ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.

අද වනවිට මුළු ලෝකයම කතා කරන තරුණිය බවට පත්වී ඇත්තේ අපේ යොහානිය. ” මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මුළු ලෝකයේම ආකර්ෂණය දිනාගැනීමට අපේ යොහානි ද සිල්වා සමත් විය. ඒවාගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වරයාගේ දූතවරිය වන ජයත්මා වික්රමනායක මහත්මිය,කැනඩාවේ ටොරොන්ටෝහි යෝක් සරසවියේ විද්යා පීඨාධිපතිවරයා සහ තාරකා භෞතික විද්යා මාහාචාර්ය වරයකු වන රේ ජයවර්ධන මහ තා.ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලි ප්රදේශයේ පරිගණක තාක්ෂණික ඉංජිනේරුවරයෙකු වන චමත් පලිහපිටිය මහතා,ගායන හා කථික යන දෙයංශයෙන්ම ජාත්යන්තර ජයග්රහණ රැසක් හිමිකර ගත් ලොව ලාබාලතම තරුණ තානාපතිනිය (පින්ලන්තයේ ‘ hundred ‘ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරියක් ලෙස තෝරාගැනීමත් සමඟ ) වන සෙනලි බිනාරා දියණිය,ලන්ඩනයේ ස්වාභවිකා විද්යා කෞතුකාගාරයේ ලයිකන අංශයේ ජ්යෙෂ්ඨ භාරකරු වන ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය,ජාත්යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ලොව ප්රකට මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුව මහතා,ජාත්යන්තර සම්මාන දිනාගත් පොප් ගායිකාවක් වන අශාන්තිද අල්විස් මහත්මිය ආදී විශාල පිරිසක් ලොව ජයගත් තරුණ ශ්රී ලාංකිකයන් ලෙස උදාහරණ විදියට පෙන්වා දිය හැකිය.

ශ්රී ලාංකීය තරුණයා සතු දැනුම,බුද්ධිය,හැකියාව,නොපසුබස්නා උත්සාහය නිසි අයුරින් රටේ සංවර්ධන ක්රියාදාමයට යොදා ගන්නේ නම් හෙට දිනයේ ලෝකය ජයග්රහණය කිරීම අපට අපහසු දෙයක් නොවේ.ඔවුනට අවශ්ය වන්නේ නිසි මඟ පෙන්වීම පමණි. ලෝකයම අර්බුදයට පත්කරමින් පැතිරීගිය දරුණු කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය පුරා රෝහල් වල ඇඳන් හිඟ වීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු විය.එය අපේ රටට එම අවස්ථාවේ බල නොපෑවත් අපේ රටේ තරුණ ප්රජාව ඒ සඳහා හොඳින් පෙර සූදානම් වීම සිදු කළහ.

තරුණයෙකු ලෙස තරුණ පරපුරට නායකත්වය සහ නිසි මඟ පෙන්වීම ලබා දෙමින් තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ ,ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය හරහා යෞවන සමාජ වල තරුණ දූ පුතුන් ඇතුළු සියළු තරුණ ප්රජාව ඒකරාශී කරගනිමින් සාර්ථකව ක්රියාත්මක කළ ඇඳන් දස දහසේ ව්යාපෘතිය පක්ෂ පාට භේදයකින් තොරව ඉතා අගය කළ යුතුය.එය තරුණයන්ට සක්රීයව අවස්ථාව උදාකර දුන් ඉතා හොඳ ව්යාපෘතියකි.

කොවිඩ් වසංගතය පමණක් නොව ඕනෑම වසංගතයකට මුහුණ දීමට හැකි ඕනෑම අභියෝගයක් භාර ගැනීමට හැකියාව ඇති දක්ෂ,ශක්තිමත් ,නිර්මාණශීලී තරුණ පරපුරක් අප සතු වීම නිහතමානීව ආඩම්බර විය හැකි කරුණකි.වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා නව නිරමාණ එලිදක්වමින් තරුණ තරුණියන් ඉස්මතු වීම කැපී පෙනෙන ලක්ෂණයකි. වසංගතයද ආශිර්වාදයක් කරගනිමින් තරුණ ප්රජාව ඉස්මතු කරනා නිර්මාණශීලීත්වය ,හැකියාව මේ සමයේ අපට මොනවට පැහැදිලි වේ.

රට තුළ නව ජීවයක් ලබා ඇති කෘෂිකර්මාණ්තය වෙත වත්මන් තරුණ ප්රජාව දක්වන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී.තරුණ ප්රජාව කෘෂිකර්මාණ්තයට යොමු වීම අඩු යැයි සමාජයේ පැවැති මතය බොරු කරමින් වත්මන් තරුණ තරුණියෝ විශාල පිරිසක් ගොවිතැන් හා ඒ ආශ්රිත කර්මාණ්ත වලට යොමු වීම ඉතා සතුටට කරුණකි. එපමණක් නොව විශාල තරුණ තරුණියන් පිරිසක් වෙනදාට වඩා කාර්මික අධ්යාපනය වෙත යොමු වී තිබීමද සුබවාදී ලකුණකි. එපමණක් නොව විශාල තරුණ තරුණියන් පිරිසක් වෙනදාට වඩා කාර්මික අධ්යාපනය වෙත යොමු වී තිබීමද සුබවාදී ලකුණකි.

ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය,ජාතික ආධුනිකත්ව මණ්ඩලය,ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය,ජාතික තරුණ සේවා සභාව ආදී වූ ආයතන තුලින් තරුණ තරුණියන් උදෙසා නව ලෝකයට ගැලපෙන ආකාරයේ පාඨමාලා රැසක් හඳුන්වා දෙමින් තරුණ ප්රජාව දිරිගැන්වීම තුලින් තරුණ තරුණියන් විශාල ප්රමාණයක් කාර්මික අධ්යාපනය කෙරෙහි නැඹුරු වී ඇත.එතුලින් කාර්මික අධ්යාපනයෙන් පරිපූර්ණ වූ තරුණ තරුණියන් පිරිසක් රටට පමණක් නොවේ ලෝකයට දායාද කිරීමටද හැකියාව ලැබේ.

වර්තමානය වන විට තරුණ ප්රජාව ව්යාපාර කෙරෙහි නැඹුරු වී තිබීමද හොඳ ප්රවණතාවකි.තරුණ කටයුතු හා ක්රිඩා අමාත්යාංශයයේ කුඩා ව්යාපාර සංවර්ධන අංශය මගින් දිවයින පුරා සිටින තරුණ ව්යවසායකයින් වෙනුවෙන් දැනුම,පුහුණුව හා අවශ්ය මූල්ය පහසුකම් සැලසීම තුලින් ලබා දෙන දිරිගැන්වීම ඔස්සේ වර්තමානය වන විට විශාල තරුණ තරුණියන් පිරිසක් ව්යාපාරික ක්ෂේත්රයට අවතීරණය වී තිබේ. කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ මැදිහත් වීමෙන් තරුණ ව්යවසායකයින් හට අවශ්ය වෙළඳපොල පව සොයා දීම දිරියෙන් නැගී සිටින තරුණ ව්යවසායකයින්ට මහත් අස්වැසිල්ලක් වී තිබේ.

ඒ හරහා දේශීය වෙළඳපොල පමණක් නොව ජාත්යන්තර වෙළඳපල ද ජයගන්නට මෙරට තරුණ ප්රජාවට හැකියාව ලැබී ඇත. වත්මන් දේශපාලන ක්ෂේත්රය තුළ තරුණ මන්ත්රී වරුන් වරියන් විශාල පිරිසක් සිටීම රටේ අනාගතය කෙරෙහි සුභවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි කරුණකි.හොඳ අධ්යාපන පසුබිමකින් හා තරුණ ජවයෙන් හෙබි ඔවුන් කාර්යක්ෂම ලෙස කටයුතු කරණ ආකාරය ජනතාවගේත් ප්රශංසාවට ලක් වී තිබේ.

ඔවුන් විසින් දුරදක්නා නුවණින් අද දිනයේ ගන්නා නිවැරදි තීන්දු තීරණ නිසා වත්මන් තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත වනු ඇත. තරුණ අදහස් විටෙක වේගවත්ය.විටෙක ප්රචන්ඩකාරීය.වැඩිහිටි ප්රජාව බොහෝ ප්රවේශමෙන් සංයමයෙන් ඔවුන්ට ඇහුම්කන් දීම සිදුකල යුතුය.ඔවුන්ගේ අදහස් නිවැරදිව කියවීමට තේරුම් ගැනීමට වැඩිහිටි ප්රජාව සමත් විය යුතුය.එමගින් අතීතයේ කිහිප වරක් සිදුවූ ඒ අඳුරු සිදුවීම් තරුණ සංහාරයන් නැවත කිසි දිනෙක සිදු නොවනු ඇත. වැඩිහිටියන් ,දෙමපියන් , ගුරුවරුන්, නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් තරුණ පරපුරට නිසි මඟ පෙන්වීමක් කරන්නේ නම් අපේ තරුණ පරපුර ලෝකය ජයගැනීම කිසිවෙකුට නතර කළ නොහැක.

ඔවුන්ට නිසි දැනුම,පුහුණුව , මග පෙන්වීම වාගේම අවස්ථාව ලබා දීම වැඩිහිටි අප කාගේත් වගකීමකි.නිසි වැඩපිළිවෙළක් තුලින් ඵලදායී ලෙස තරුණ ජවය සංවර්ධන කාර්යයට උපයෝගී කර ගැනීම රජයේ වගකීමකි. එලෙස සැවොම තම තම වගකීම් නිසි අයුරින් ඉටුකරන්නේ නම් මෙරට සුන්දර තරුණ ප්රජාව හෙට දිනයේ ලක් මාතාවගේ නාමය ලෝකය ඉදිරියේ ඉහලින් බබලවනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්