Oct
25

බංගලියන්ගෙන් ගේම ඉල්ලූ ලහිරු කුමාරට ICC යෙන් දඩයක් !

 
1513 Views
   
 

බංගලාදේශයේ සමඟ ඊයේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගය අතරතුරදී බංගලාදේශ පිතිකරු ලින්ටන් තවත් සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූ ශ්රී ලංකා පන්දු යවන ක්රීඩක ලහිරු කුමාර හට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් ද ඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව ළහිරු කුමාරට තරග මුදලෙන් 25%ක්ද – ලිටන් දාස් ට තරග මුදලෙන් 15%ක් ද වන පරිදි දඩ නියම කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඔවුන් දෙදෙනාටම අකුසලතා ළකුණක් බැගින් ද පණවා තිබෙනවා.


බංග්ලාදේශය පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ලිටන් දාස් ගේ දැවී යාමත් සමගයි ක්‍රීඩකයන් දෙදෙනා අතර මතභේදයක් ඇති වුණා.

බංග්ලාදේශ ඉනිමේ පස්වැනි පන්දු ඕවරයේදී පිතිකරු ලිටන් කුමාර් දාස් දැවී යාමෙන් පසු මෙම සිදුවීම ඇතිවූ අතර එහිදී ළහිරු කුමාර ඇවිදයන ක්‍රීඩක ලිටන් දාස් වෙත පැමිණ ඔහුට බැනවදින  ආකාරයක් දක්නට ලැබුණා.

මෙම තරගයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඬුවම පැනවූ අතර, කුමාර සහ දාස් දෙදෙනාම වරද පිළිගත් නිසා සිද්ධිය සමතයකට පත් කෙරුනා.

මෙවැනි මට්ටමේ ආචාර්‍ය ධර්ම කඩකිරීමක් සඳහා නිල තරවටු කිරීමක අවම දඬුවමක්, ක්‍රීඩකයෙකුගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් සහ අවාසි ලකුණු එකක් හෝ දෙකක් අඩු කිරීම ද  ඇතුළත් වෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්