Mar
18

ඇසුරුකළ වීඩියෝ internet දානවා – 50 හේ පෙම්වතාගේ කීමට 24 හැවිරිදි පෙම්වතිය කර ගත් දේ

 
1811 Views
   
 

මුහුණු පොතින් මුණගැසුණු 24 හැවිරිදි තරුණියක් සමඟ 50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු පෙම් සබඳතා පවත්වා පසුව ඇය සමඟ සමීපව හැසුරුණු ආකාරයේ ජායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම හේතුකොටගෙන එම තරුණිය සිය දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සමීප සබඳතා පවත්වා ඇති බව වාර්තා වී ඇත.

පසුව මෙම තරුණිය හදිසියේ තම නිවසේ එල්ලී දිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වීමෙන් පසු ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සගවා තිබූ ලිපියක් හමුවී තිබේ.

එම ලිිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා සමීපව හැසිරුණු ජායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව ඇති බවත්ය.

ඒ අනුව පොලිස් විමර්ශනවලදී දිවි නසාගත් තරුණියගේ පෙම්වතා 50 හැවිරිදි දෙදරු පියකු වන මීගමුව කුඩාපාඩුව මෙන්ඩිස් මාවතේ පදිංචි පුද්ගලයෙක් බවට හෙළිදරව් කර ගෙන තිබේ.

ඒ අනුව එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන කටයුතු කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්