Mar
9

අතුල අධිකාරිගේ උපන්දිනයට ඔහුගේ දියණිය කාවින්ද්‍යා එක්කළ ආදරණීය සටහන

 
665 Views
   
 

ලංකාවේ අපි හැමෝම හොදින්ම හදුනන සුන්දර තරුණියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ. මෙරට නිවේදිකාවක ලෙස වගේම ගයිකාවක ලෙසත් කාවින්ද්‍යා ජනප්‍රිය වන අතර ඇය සංගීත ලෝකයට අලුත් නිර්මාණ රැසක් එක් කල සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ වැඩිමහල් දියණියයි. ඇත්තෙන්ම ඇයත් ඇගේ දෙමාපියන් වගේම මේවෙනකොට මෙරට ගායන ශිල්පිනියක ලෙස ජනප්‍රියයි

කොහොමහරි ඉතින් ගායන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් මේ සුන්දර චරිතය අපට මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙසත් දැකගන්නට ලැබෙනවා. කාවින්ද්‍යාගේ පළමු සිනමා නිර්මාණය වෙන්නේ ඝරසරප කියන සිනමා නිර්මාණය යි. ඇත්තෙන්ම ඇය ඇගේ සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ ඇගේ අසමසම රංගන හැකියාව නිසාවෙන්මයි

කොහොම නමුත් එලෙස සම්මාන හිමිකර ගන්නා ඇයව අපට අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද දැකගන්නට ලැබුණා. ඒ වගේම කාවින්ද්‍යා කියන මේ චරිතය මේවෙනකොට සමාජ ජාලා මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක් වෙනවා. කෙසේවෙතත් ඊයේ දිනයේ මෙරට සියලු ජනයා කාවින්ද්‍යා අධිකාරි කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා. ඊට හේතුව වෙන්නේ ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට එක්කළ ආදරණීය සටහනක්. එලෙස ඇය සටහනක් එකතු කර තිබුනේ ඇගේ පියා අතුල අධිකාරි මහතාගේ උපන්දිනය වෙනුවෙනුයි. එහිදී ඇය කියල තිබුනේ මෙහෙම කතාවක්

” ලෝකේ හොඳම දුව මම නොවුනත්, ලෝකේ ආදරණීයම දුව මම නොවුනත්, මගේ අන්තිම හුස්ම යනකල් ඔයාව බලාගන්නවා කියන පොරොන්දුව දීලා එය ඒ ලෙසම ඉටු කරන දුව වෙන්න මම පොරොන්දු වෙනවා. මම ආදරෙයි මට කියාගන්නවත්, හිතාගන්නවත් බැරි තරමට. මගෙන් කවදාහරි වැරැද්දක් උනා නම් සමාව අයදිමි

මම ඔයාගේ ලොකු කෙල්ල උනාට ඔයාට වඩා ලොකු කතා මම කියනවා කියලා ඔයා කිව්වාට තාම මම ඔයාගෙ අත අල්ලං dancing ක්ලාස් ගිය චූටි කෙල්ලමයි. මම ඔයාට ආදරේ දුන්නා මදි දෝ කියලා හිතුන වාර අනන්තයි. හැබැයි මම දන්නවා මම සමහර තැන් වලදි දොස් කිව්වත් නොවෙනස් උන එකම ආදරේ ඔයාගෙ කියලා. මගේ ආයුශත් අරගෙන හැම ආත්මෙකම මගේම වෙලා ඉපදෙන්න ඕනේ. මම ආදරෙයි ඔයාට තාත් ” කියලයි

ඒ කොහොම වෙතත් මේ විදිහට සිය උපන්දිනය සමරන අතුල අධිකාරි මහතාට සුභම සුබ උපන්දිනයක් වේවා කියල අපිත් ඔහුට සුභපැතුම් එකතු කරනවා. ඒ වගේම කාවින්ද්‍යාගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්