Mar
5

” මගේ දරුවන්ගේද කැමත්ත ඇතුව මම තුන්වෙනි වරටත් විවාහයකට ගියා” ප්‍රවීණ නිළි වීනා ජයකොඩි

 
17568 Views
   
 

වීනා ජයකොඩි කියල කියන්නේ මෙරට සිංහල සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇය මෙරට සිනමාව තුළ පමණක් නොවෙයි ටෙලි නිර්මාණයන් තුළත් සිය රංගන හැකියාව පෙන්නුම් කර තිබෙනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් 1982 වසරේදී “රෑ මනමාලී” චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිලිය ලෙස ජනාධිපති සම්මාන හිමිකර ගැනීමටත් ඇයට හැකියාව ලැබෙනවා

කොහොමහරි ඉතින් කුඩා වියේදීම සිය සිනමා දිවිය ආරම්භ කරන ඇය පළමු වතාවට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ 1954 දී ඒ. බී. රාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයටයි. එහීදී ඇය ඇගේ මව සමඟ කුඩා දැරියකගේ චරිතය නිරූපණය කරනු ලබනවා. මේ අතර 1968 දී ඒ කියන්නේ ඇයට වයස අවුරුදු 12 දී ඇගේ මව වන රෝහිණී ජයකොඩි මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරන ලද “හැංගි හොරා” චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක ලෙස රගපානවා. කෙසේවෙතත් එලෙස ටෙලි නාට්‍ය කලාව තුළ වගේම සිනමාව තුළත් කැපී පෙනෙන චරිතයක් වන මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමගින් තමයි අද අපි කතා කරන්න යන්නේ

වීනා කියල කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක්. ඉතින් කොහොමද ඔබේ ජිවිතේ?

වැඩිපුර නිවසට වෙලා තාමා ඉන්නේ රටේ තියෙන තත්වයත් එක්ක මගේ මුනුබුරු මිනිබිරියන් එක්ක තමා දැන් වැඩිපුර කාලය ගෙවන්නේ, ටෙලි නාට්‍ය වලට දැන් සම්බන්ද වෙන්න හිතෙන්නෙම නෑ කොච්චර ආරාධනා ලැබුනත්. ඇත්තටම කියනවා නම් මම සම්බන්ධ වුණු අන්තිම ටෙලිනාට්‍ය තමයි ‘Can you hear me’ කියන ටෙලිනාට්‍ය. ඊට පස්සෙම මම තවම ටෙලිනාට්‍යකට සම්බන්ධ වුණේ නෑ. දැන් තියෙන ටෙලිනාට්‍ය දැක්කාම ඒවට රංගනයෙන් දායක වෙන්න හිතෙන්නේ නෑ. ඊට වඩා ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා මට හිතෙනවා

ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස වර්තමානයේ තිබෙන ටෙලිනාට්‍ය කලාව ගැන ඔබ මොකද හිතන්නේ?

දැන් ටෙලිනාට්‍ය කලාවේ මට නම් දකින්න ලැබෙන්නේ හරියට දැනුමක් නැති පිරිසකුත් ටෙලිනාට්‍ය නිර්මාණය කරන බව. හොදින් ඒ පිළිබඳව දැනුම ඇති අය මෙන්ම හරිහැටි දැනුමක් නැති අයත් ටෙලිනාට්‍ය නිර්මාණයට යොමුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රංගනය ගැන හරිහැටි දැනුමක් නොමැති රංගනය හරියාකාරව සිදු නො’කරන අය පවා දැන් රංගනයේ නිරත වෙනවා දැකගන්නට ලැබෙනවා. ටෙලිනාට්‍යක් කරනකොට ඒ අදාළ චරිතයට ගැළපෙනම කෙනාව තෝරගන්නා බවක් දැන් පෙනෙන්න නැහැ. චරිතයට නො’ගැළපුනත් ලාබෙට නළු නිළියන්ව අරගෙන රූගත කිරීම් කරනවා

කොහොම නමුත් මේවෙනකොට වීනා කියල කියන්නේ අපේ සිනමාව තුළ ඉන්න සුවිශේෂ චරිතයක්. ඉතින් ඔබ සිනමාවට යොමුවෙන්නේ කොහොමද?

මම ගොඩාක් කැපවීමෙන් මගේ රංගන ජීවිතය ගොඩනගාගත්ත කෙනෙක්. මගේ මව නිර්මාණ අධ්‍යක්ෂණය කළත් මම කාටවත් පන්දම් අල්ලලා මේ තැනට ආවේ නෑ. ඒකට මම ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. මගේ මව ගාමිණී ෆොන්සේකා මහත්මයාට මුළින්ම මාව යොමුකළ පසුව ඔහුගෙන් මම චරිතයක ගරුත්වය, රගපෑම වගේම නිර්මාණවලදී තිබිය යුතු විනය හොදින්ම ඉගෙනගත්තා.ඊට පස්සේ මන් කෙමෙන් කෙමෙන් මගේ ගමන අවා. හැම වෙලාවේම මගේ අම්ම මගේ පස්සෙන් හිටියා. එය මන් වෙනුවෙන් ගොඩාක් කැපවීම් කරා. ඉතින් මගේ මව නිසා තමා මන් අද මුළු රටම ආදරය කරාන දක්ෂ රංගන ශිල්පිනියක් වුනේ

ඔබේ විවාහ ජිවිතය ගැන කතා කළොත් ?

මගේ ජීවිතයත් හරියට සිනමාපටයක් වගේ. මම තරුණ කාලයේ ආදරය කරලා කෙනෙක් සමග විවාහ වුණා. ඒ විවාහයෙන් මට දුවෙක් සහ පුතාලා දෙන්නෙක් ඉන්නවා. නමුත් ඒ විවාහය දිගටම රැදිලා තිබුණේ නෑ. පළමු විවාහය අසාර්ථක වුණ නිසා එය දෙදරා ගියා. ඊට පස්සේ මට දරුවන් තනියම රැකබලාගන්න අපහසුවෙයි කියලා හිතුන නිසා නැවත මම කෙනෙක්ට ආදරය කරලා දෙවන’වරටත් විවාහ වුණා. නමුත් හිතුවෙවත් නැති විදියට මගේ දෙවන විවාහයත් අසාර්ථක වුණා.ඉන්පසුව ගොඩාක් කාලයකට පසුව මගේ දරුවන්ගේද කැමත්ත ඇතුව මම තුන්වෙනි වරටත් විවාහයකට ගියා. ඔහු සමග සාර්ථකව පවුල් ජීවිතයක් මම ගත කළා. නමුත් අ’වාස’නාව’න්ත ලෙස ඔහුත් පිළිකා රෝ’ගයකින් මියගියා. දැන් මම හරිම නිදහසේ තමයි කාලය ගත කරන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්